slc
Home   |    News
අගෝස්තු 14, 2022
ආරාධිත විස්සයි-20 ශූරතාව රෙඩ්ස්ට ද..? බ්ලූස්ට ද…? තීරණය හෙට

sinhala editor

ලීග් තරග වටයේ අවසන් දිනයේ පැවැති තරගකාරී බව අතුරින් බ්ලූස් පිල සමග අවසන් මහ තරග අවස්ථාව දිනාගත්  කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන වෙනුවෙන් හෙට (15 දා) රාත්‍රීයේදී උරෙනුරට ඇටෙනු ඇත. ප.ව. 7.30 ට ආරම්භ වන දෙපිළ අතර මෙම අවසන් මහ තරගයේදී මූලික වටයේ ලද පරාජයේ වාඩුව ගැනීමට බ්ලූස් කණ්ඩායමට හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

බ්ලූස් කණ්ඩායම සතු කණස්සල්ලටම ඇති එකම හේතුව වන්නේ නායක චරිත් අසලංක අසනීපව සිටීමයි. එම තත්ත්වය මත ඔහුට මූලික තරග වට‌ය යටතේ රෙඩ්ස් පිලට එරෙහි තීරණාත්මක තරගයේදී කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව අහිමිවිය. ‌එබැවින් බ්ලූස් පිල මෙහෙයවන ලද්දේ ධනංජය ද සිල්වා විසිනි. මේ අතර කසුන් රජිත ද ආබාධයකට ගොදුරුවී තිබෙන බැවින් හෙට තරගයේදී බොහෝ විට ඔහුගේ සේවයද බ්ලූස් පිලට අහිමිවීමේ වැඩි ඉඩ කඩක් නිර්මාණය වී තිබේ.

මූලික වටය යටතේ පැවැති තරග 3 අතුරින් ජයග්‍රහණ 2 බැගින් වාර්තා කර ඇති බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීමට සමත්වූහ. මූලික වටයේ දෙපිළ මුණ ගැසුණු තරගයට පෙර බ්ලූස් පිල තරගාවලියේ අපරාජිත කණ්ඩාඉම ලෙසින් රෙඩ්ස් පිලට එරෙහි තරගයට සහභාගිවීය.

එහෙත් රෙඩ්ස් නායක කුසල් පෙරේරා සහ වනිදු හසරංගගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් බ්ලූස් කණ්ඩායමට ලකුණු 33 ක පරාජයක් අත්විඳීමට සිදුවූවා පමණක් නොව එතෙක් පවත්වාගෙන ආ අපරාජිත භාවයද බිද වැටිණ.

බ්ලූස් කණ්ඩායම දැනට මුහුණ දී සිටින ප්‍රධානතම ගැටළුව වන්නේ රෙඩ්ස් කණ්ඩායම සතු ප්‍රබල පන්දු යැවීම හේතුවෙනි. ලොව හොඳම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගට අමතරව තරගාවලිය අතරතුරදී විිිිිි-20 තරග අංශයේ දක්ෂතා මැන බැලීම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරියවද රෙඩ්ස් කණ්ඩායමට එක් කර සිටියි. ඔවුන් දෙදෙනාට අමතරව මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කමිඳු මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ යන දඟ පන්දුවෙන් රෙඩ්ස් ශක්තිමත් කරති. පිතිකරණයෙන් කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ පිතිකරුවන්ගේ වගකීම ඉටු කිරීමට ඉදිරියෛන්ම සිටිති. මෙතෙක් පැවැති තරග වලදී පිතිකරුවන් පස් දෙනෙකු පමණක් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්ව සිටින පසුබිමකදී ඊට හිමිකම් කියන දෙදෙනෙකුම රෙඩ්ස් කණ්ඩායම සතුවීම කැපී පෙනෙයි. ලසිත් කෲස්පුල්ලේ තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා බවට පත්වීමට සමත් වද්දී කුසල් මෙන්ඩිස් මෙතෙක් පිතිකරුවකු ඉනිමක රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව (86)වාර්තා කිරීමට සමත්ව සිටින්නේය.

එම ඉනිම ප්‍රධාන කොට මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්ව සිටියි. තරග 3 කට සහභාගිව සිටින මෙන්ඩිස් රැස් කර ඇති මුලු ලකුණු සංඛ්‍යාව 104 කි. බ්ලූස් කණ්ඩායමේ අෂේන් බණ්ඩාර තරග 3 කදී ලකුණු 94 ක් රැස් කරමින් එම සටහනේ සිව්වැනි ස්ථානයට පත්ව සිටියි.

රෙඩ්ස් කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු මෙම තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත්ව සිටියි. තරග 3 කට සහභාගිව සිටින අසිත බිද හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 8 කි. ඔහුට පිටුපසින් ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 5 ක් දවා ගනිමින් රැදී සිටියි.

චරිත් අසලංක සහ කසුන් රජිත හැරුණු කොට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකද පළමු තරගයට සහභාගිවීමෙන් පසු බ්ලූස් කණ්ඩායමට අහිමිවීම දැවැන්ත පාඩුවකි. අවසන් මහ තරගයට ඇතැම් විට ඔහුගේ සහභාගිත්වය බ්ලූස් පිල බලාපොරොත්තු වනවා නොඅනුමානය.

මෙම තත්ත්වය නිසා ඉදිරි පෙළ පිතිකරු සදීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා වෙත පිතිකරණයේ වැඩි වගකීමක් හිමිවනු ඇත. තරමක් ලකුණු අතර සිටි අෂේන් බණ්ඩාර මැද පෙළින් හොද සහායෝගයක් ලබා දීමට චාමික කරුණාරත්න සමත් වුවහොත් හෙට තරගයේදී කුසලාන පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමට බ්ලූස් පිලට අවස්ථාව හිමිවනු ඇත.

ජාතික කණ්ඩායමේ තරු රැසක් පිරිවරමින් පැවැත්වෙන මෙම අවසන් මහ තරගය කිසිදු මුදල් අය කිරීමකින් තොරව පැවැත්වෙන බැවින් තරගය නැරඹීමට බලාපොරොත්තු වන සියල්ලන්ටම ක්‍රීඩාංගණයට පැමිණ නරඹන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ගෞරවයෙන් ආරාධනා කර සිටියි.

බ්ලූස් – ධනංජය ද සිල්වා (නායක), සදීර සමරවික්‍රම, අෂේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු උදාර, ළහිරු මරකෝන්, අෂේන් ඩැනියල්, නිපුන් රන්සික, සිතාර ගිම්හන්, ජනිත් ලියනගේ.

රෙඩ්ස් – කුසල්‌ මෙන්ඩිස් (නායක), ලසිත් කෲස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිදු මෙන්ඩිස්, වනිඳු හසරංග, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ළහිරු මදුශංක, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, පබසර වඩුගේ, කලන පෙරේරා, කෙවින් කොත්තිගොඩ, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest