slc
Home   |    News
අගෝස්තු 13, 2022
කුසල් සහ වනිඳු ‘රෙඩ්ස්’ අවසන් සටනට ගෙන යති

sinhala editor

ලබන සඳුදා (15 වැනිදා) පැවැත්වීමට නියමිත ආරාධිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක තරගයේදී උපරිම දක්ෂතා අතරට පැමිණි රෙඩ්ස් ක්‍රීඩකයෝ ප්‍රබල බ්ලූස් පිල ලකුණු 33 කින් පරාජයට පත් කළහ. ඒ සමඟම අවසන් මහ තරගයේදීම බ්ලූස් සහ රෙඩ්ස් අතර දැක බලා ගැනීමේ අවස්ථාවක් ක්‍රීඩා ලෝලීන්ට විවරව තිබේ.

මෙතෙක් තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ඉලක්කය වූ ලකුණු 179 ක ඉලක්කය හඹා යෑමේදී බ්ලූස් කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ  නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් පමණි.

අද තරගයට බ්ලූස් නායක චරිත් අසලංක ක්‍රීඩා නොකළ බැවින් ඒ වෙනුවට කණ්ඩායමට එක් කරන ලද සිතාර ගිම්හාන් මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුවත්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී වේගවත් ලකුණු 59 ක් එක් කිරීමට සදීර සමරවික්‍රම සහ ළහිරු උදාර දෙදෙනා සමත්වූහ. එහෙත් ඉනිමේ හරි අඩක් වන විටත් ළහිරු උදාර (35) සහ ධනංජය ද සිල්වා දැවී යෑම නිසා ජයග්‍රහණය සඳවා අවශ්‍ය වේගය රැඳවා ගැනීමට සෙසු පිතිකරුවන්ට එල්ල වුණු පීඩනය සුළු පටු එකක් නොවීය.

පීඩනය අතරින් හිස එසවූ සදීර වනිදු හසරංගගේ දෙවැනි ගොදුර ලෙසින් පිටියෙන් ඉවත් වන විටත් බ්ලූස් ජයග්‍රහණය සඳහා පන්දු 28 කදී ලකුණු 63 ක් අවශ්‍යව තිබිණ. මැද පෙළින් පැමිණි අෂේන් බණ්ඩාර ද බ්ලූස් පිල ඇද ගෙන යෑම සදහා දැඩි පරිශ්‍රමයක් දැරුවද අසිත පනාන්දු ඊට හරස් වූවේය. පන්දුවෙන් කැපී පෙනුණු වනිඳු හසරංග තම පන්දුවාර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දු පන්දුවාර 4 දී ලකුණු 25 කට කඩුලු 2ක් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනුණි.

අවසන් පන්දු 30 දී ලකුණු 62 ක් උදුරා ගත් කුසල් මෙන්ඩිස් සහ වනිදු හසරංග දෙදෙනා ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව (178) කරා රෙඩ්ස් කණ්ඩායම රැගෙන ගියහ.

එහිදී අර්ධ ශතක සම්බන්ධතා පැවැත්වූ කුසල් – වනිඳු දෙදෙනා පිළිවෙළින් ලකුණු 86 ක් සහ නොදැවී ලකුණු 69 ක් වශයෙන් රැස් කළහ. පන්දු 3 ක් ඇතුළත භානුක රාජපක්ෂත් කමිඳු මෙන්ඩිසුත් දැවී යෑමෙන් පිටියට පිවිසි දකුණත් පිතිකරුවන් යුගල ආරම්භයේදී එතරම් කලබලයකින් තොරව පන්දුවට පහර දුන්හ.

මෙම තරගය පරාජයට පත් වුවහොත් අවසන් මහ තරග වරම අහිමි වන බව හොඳින් මතකයේ තබා ගත් මොවුන් දෙපළ අවසන් පන්දුවාර 5 දක්වා තරගය රැගෙන එන විට ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 3 ට ලකුණු 116 ක් ලෙසිනි.

එක පිට කඩුලු වැටීම යෑම නිසා හසරංගට තණතීරුව තුළ තැන්පත්වීමට ඉඩ හැරි නායක මෙන්ඩිස් පහර කරා ගියේ පීඩනය තුට්ටුවකට හෝ මායිම් නොකරමිනි. කෙසේ වෙතත් අධිවේගී ලෙසින් ලකුණු රැස් කරන අවසන් පන්දුවාර 5 එළැඹෙත්ම එල්ල කරන ලද හයේ පහරට ප්‍රථම වනිඳු ලබා සිටියේ සිටියේ පන්දු 23 කදී ලකුණු 29 ක් පමණි. එතැකින් පටන් සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කළ දකුණත් තුන් ඉරියව් ක්‍රීඩකයා රෙඩ්ස් ඉනිම අවසන් වන විට දැවැන්තම හානිය සිදුකරන ලද්දේ පන්දු 18 කදී තවත් ලකුණු 40 ක් රැස් කර ගනිමිනි.

වනිඳු සහ කුසල් දෙදෙනා මාරුවෙන් මාරුවට දැවැන්ත පහර එල්ල කරද්දී 16 වැනි පන්දුවාරය යවන ලද ලක්ෂානගේ පන්දුවාරයට ලකුනු 10 ක්, 17 වැනි පන්දුවාරය යැවූ ජයවික්‍රමට ලකුණු 14 ක්, 18 සහ 20 වැනි පන්දුවාර යැවූ චාමික කරුනාරත්නට පිළිවෙළින් ලකුණු 17 ක් සහ 09  ක් සහ 19 වැනි පන්දුවාරය යැවූ ඩිල්ෂාන් මදුශංකට ලකුණු 12 ක් ලෙසින් දැනෙන්නට පහර එල්ල කරමිනි.

ඉනිමේ අවසන් පන්දුවට එල්ල කරන ලද ස්වීප් පහර ස්කෙවයාර් ලෙග්හි පන්දු රැකි ළහිරු සමරකෝන් විශිෂ්ඨ ලෙස රැක ගැනීම නිසා කුසල් මෙන්ඩිස්‌ගේ ඉනිම බිඳ වැටිණ. කෙසේ වෙතත් ඒ වන විට මෙතෙක් පැවැති තරගවලදී පිතිකරුවකු ඉනිමක රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියා සිටියේය.

පන්දු 60 කින් සමන්විත වුණු මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත්ව තිබිණ. ඔහුට අනගි සහායක් ලබා දුන් වනිඳු තම ඉනිම සඳහා දැවැන්ත හයේ පහර 5 ක් සහ තවත් හතරේ පහර 3 ක් එල්ල කළේය. පන්දු යැවීමේදී කසුන් රජිත යවන ලද එකම පන්දුවාරයට ලකුණු 18 ක් ලබා දෙද්දී පෙර තරගයේ වීරයා වූ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවාර 4 දී ලකුණු 44 ක්ද, චාමික කරුණාරත්නගේ පන්දුවාර 4 දී ලකුණු 37 ක්ද උදුරා ගැනීමට රෙඩ්ස් පිතිකරුවෝ සමත්වූහ.  

තරගයේ වීරයා – වනිඳු හසරංග

රෙඩ්ස් පන්දුවාර 20 කදී කඩුලු 3 ට ලකුණු 178 යි – (කුසල් මෙන්ඩිස් 86, වනිඳු හසරංග (නොදැවී 69, භානුක රාජපක්ෂ 14, සුමින්ද ලක්ෂාන් 29/2)

බ්ලූස් පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 145 යි – (සදීර සමරවික්‍රම 40, ළහිරු උදාර 35, ධනංජය ද සිල්වා 15, අෂේන් බණ්ඩාර 30, අසිත ප්‍රනාන්දු 25/2, වනිදු හසරංග 18/2)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest