ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර්සමාජ ප්‍රදාන තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනය (20) නිමවනවිට කොල්ට්ස් ගුවන් හමුදාව සහ බදුරලිය කණ්ඩායම් ඉදිරියෙන් සිටියේය.
කොල්ට්ස් – කැන්ඩි කස්ටම් තරගයේදී කොල්ට්ස් මුල් ඉනිමේදී කඩුලු 4කට ලබාගත් ලකුණු 506 ට පිළිතුරු ලෙස කැන්ඩි කස්ටම් මුල් ඉනිමේදී ලකුණු 70ක් ද දෙවන ඉනිමේදී කඩුල්ලකට ලකුණු 12ක් පමණක්ද ලබා ගත්හ.
• එස් කැපිටල් – සරසන්ස්
එස් කැපිටල් මුල් ඉනිමේ ලබා ගත් ලකුණු 471ට ප්‍රබල පිළිතුරුක් දුන් සරසන්ස් දෙවන දින නිමවන විට කඩුලු 3කට ලකුණු 227ක් ලබා සිටියේය.
එස් කැපිටල් මුල් ඉනිම 471 – ලසිත් කෘස්පුල්ලේ 160,තානුක දාබරේ 133 නින්දන කාඩම් 83,මොහමඩ් ඩිල්ෂාඩ් 72/4 සඳුන් මෙන්ඩිස් 122/3
සරසන්ස් මුල් ඉනිම කඩුලු 3ට 227 යි (පන්දුවාර 75) – නුවනිඳු නිර්මාල් නොදැවී 71,සිතාර ගිම්හාන් 71,සසිත් පල්ලියගුරු 38 චානක දේවින්ද 63/2
• පානදුර – චිලව්මේරියන්ස්
චිලව් මේරියන්ස් කණ්ඩායම මේ තරගයේදී මුල් ඉනිමේදී දැනට ලකුණු 106කින් ඉදිරියෙන් සිටී බොහෝ දුරට මේ තරගයේ විසදුමක් ලැබෙන ලකුණු පහළව ඇත.
පානදුර මුල් ඉනිම 153 – පවන් සංදේශ් 44,රොශාන් විජේසිංහ 37,තිමිර ඉරුෂික 62/6 අවිඳු තීක්ෂණ 34/3 යි
චිලව් මේරියන්ස් මුල් ඉනිම 259 (පන්දුවාර 80යි ) – ජතාර් 64,අනුජ් පෝටින් 53,අරුෂ් ප්‍රනාන්දු 29,පුලින තරංග 25,නිමේෂ් විමුක්ති 103/5,කොසාන් ජයවික්‍රම 58/4
පානදුර දෙවන ඉනිම කඩුලු 4ට 103 යි -(පන්දුවාර 47.1) – පවන් සංදේහ් නොදැවී 41පලවට් නොදැවී 29,අවිඳුතීක්ෂණ 15/1 යි
• කොල්ට්ස් – කැන්ඩිකස්ටම්
දෙවන දින තරගය නිමාවනවිට කොල්ට්ස් කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරායන ලකුණු පහළකර සිටියේ ය.
කොල්ට්ස් මුල් ඉනිම කඩුලු 4ට 506 – අවිශ්ක පෙරේරා 236,හෂාන් දුමිඳු 130,රවිඳු රසන්ත නොදැවී 69,විෂාඩ් රන්දික නොදැවී 31,නිසල ආකාෂ් 103/2 යි
කැන්ඩි කස්ටම් මුල් ඉනිම 70 යි (පන්දුවාර 33.2 යි) – චානක විජේසිංහ 10, සළිඳු පතිරන 10 මෙහොමඩ් ශිරාෂ් 25/5 ,අකිල ධනංජය 11/3
කැන්ඩි කස්ටම් දෙවන ඉනිම 12/1 යි (පන්දුවාර 3.2 යි)
• ටැමිල් යුනියන් – එන්.සී.සී.
ටැමිල් යුනියන් දෙවන දින නිමවන විට මුල් ඉනිමේදී ලකුණු 127කින් ඉදිරියෙන් සිටි අතර මේ තරගයේ තියුණු නිමාවක් අපේක්ෂා කරේ.
ටැමිල් යුනියන් මුල් ඉනිම 307 යි (පන්දුවාර 92.4 යි) – සධීර සමරවික්‍රම 117 යි කමේෂ් නිර්මාල් 55 සංතූෂ් ගුණතිලක 40,ලසිත් ඇමුල් දෙණිය 108/4 අෂේන් ඩැනියල් 72/3 යි
එන්.සී.සී. මුල් ඉනිම 180 යි (පන්දුවාර 55.4 යි) – ළහිරු උදාර 71,කවින් බණ්ඩාර 24,නිරරෝෂන් දික්වැල්ල 21,දිල්රුවන් පෙරේරා 45/3,කමිඳු පතිරත්න 30/2
ටැමිල් යුනියන් දෙවන ඉනිම කඩුලු 1ට 54 (පන්දුවාර 15.2 යි) -සිතාර හපුහින්න 22 යි
• පොලීසිය – බී.ආර්.සී.
මේ තරගය කන්ඩායම් දෙකටම සමබර තත්ත්වයකින් පවතී
පොලීසිය මුල් ඉනිම 172 යි – චතුරංග කුමාර 39, චාමර සිල්වා 31,නදීර බාලසූරිය 37 ,දුවිඳු තිලකරත්න 35/3 යි,දුෂාන් හේමන්ත 20/2
බී.ආර්.සී. මුල් ඉනිම 246 යි (පන්දුවාර 71.4 යි) – තිලකරත්න සම්පත් 66,දනල් හේමානන්ද 51,ලියෝ ෆැන්සිස්කෝ 29,ළහිරු සමරකොන් 34.නලින් ප්‍රියදර්ශන 65/4 ,ළහිරු දියන්ත 30/2
පොලීසිය දෙවන ඉනිම කඩුලු 2 ට 116 යි (පන්දුවාර 37 යි) – හෙෂාන් ප්‍රනාන්දු නොදැවී 54,රන්දුනු ගංගානත් නොදැවී 34,ටී.එම්.සම්පත් 18/2 යි
• සී.සී.සී. – එස්.සී.සී.
සී.සී.සී මුල් ඉනිමේ ලබාගත් ලකුණු 523ට (කඩුලු 8ට) පිළිතුරු ලෙස එස්.එස්.සී දෙවන දින තරග නිමාවනවිට කඩුල්ලක් දැවී ලකුණු 146ක් ලබා සිටියේ ය.
සී.සී.සී මුල් ඉනිම කඩුල් 8ට 523 යි (පන්දුවාර124 යි) -කමිදු මෙන්ඩිස් 147,ලසිත් අබේරත්න 92,මිනෝද් භානුක 74,නිමේෂ ගුරුසිංහ 64,අෂාන් ප්රියංජන් 113/2
එස්.එස්.සී. මුල් ඉනිම කඩුලු 1 ට 146 (පන්දුවාර 37යි) – නිපුන් ධනංජය නොදැවී 65ථක්රීෂාන් සංජුල 56, අෂාන් ප්රියංජන් 22/1 යි
• ගුවන් හමුදා – නාවික හමුදා
ගුවන් හමුදාවට මේ තරගයෙන් වැඩිවාසී දැනටමත් අත්ව තිබේ.
ගුවන් හමුදාව මුල් ඉනිම 249 යි – උදයවංශ පරාක්‍රම 54,සිතිජ චමෝද් 34,ආදිත්‍ය සිරිවර්ධන 69,දිලංක අවුවාඩ් 93/4 අෂේන් දේවින්ද 76/3 යි
නාවික හමුදාව මුල් ඉනිම 113 යි (පන්දුවාර 31.2 යි – සහන් කෝසල 39 කමිඳු රණසිංහ 25,ගයාන් සිරිසෝම 41/7 යි
ගුවන් හමුදාව දෙවන ඉනිම කඩුලු 6ට 200 (පන්දුවාර 53 යි) – සිතිජ චමෝද් නොදැවී 69,උදයවංශ පරාක්‍රම 40,සසිදු නානායක්කාර 31,දේවින්ද අයේෂ් 71/3
නාවික හමුදාව දෙවන ඉනිම කඩුලු 1ට 18 (පන්දුවාර 11)
• යුද හමුදාව – බ්ලුම්ෆීල්ඩ්
බ්ලුම්ෆීල්ඩ් මේවනවිට මේ තරගයෙන් වැඩි ගෞරව අත්කරගෙන සිටී
යුද හමුදාව මුල් ඉනිම 256 – දිනේෂ් චන්දිමාල් 156,අසේල ගුණරත්න 28, නිමේෂ පෙරේරා 37/3,දිනේෂ් සමරවීර 41/2 යි
බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම 95 (පන්දුවාර 31 යි) – මිතේන් ප්‍රේමරත්න 19,ළහිරු මධුෂංඛ 19,කෞමාල් නානායක්කාර 46/5,සෙහද සොයිසා 5/2 යි
යුද හමුදාව දෙවන ඉනිම කඩුලු 4ට 179 යි (පන්දුවාර 46යි) – ෂෙෂහාන් ප්‍රනාන්දු 49,අසේල ගුණරත්න 41,තිසර පෙරේරා නොදැවී 28,චානක කොමසාරු 50/2
බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිම කඩුලු 1ට 21
• කුරූණෑගල යූත් – කලුතර නගර
මේ තරගයේ දෙපිලම සම දක්ෂතා දක්වමින් සිටිති
කුරූණෑගල යූත් මුල් ඉනිම 237 (පන්දුවාර 80.2 යි) – ධනුෂ්ක ධර්මසිරි 55,මුදිත ප්‍රේමදාස 93.අසන්ත බස්නායක 49,ඉන්සක සිරිවර්ධන 28/3,තෙමල් බණ්ඩාර 40/3 යි
කලුතර නගර මුල් ඉනිම කඩුලු 9ට 261 යි (පන්දුවාර 91 යි) – සදීෂ් ජයවර්ධන 49,කෝසල රවිඳු 41,මොහොමඩ් ,ශීරාෂ් 29,කවීෂ අභිෂේක් 26,ළහිරු ජයන්ත 52/3 ,නවීන් ජාගොඩ 67/2 යි.
• බදුරලිය – නිගම්බූ
බදුරලිය කණ්ඩායම මේවන විට මේ තරගයේ ගෞරවය දිනා ගනිමින් ඉදිරියෙන් පසුවේ
බදුරගිය මුල් ඉනිම 301 යි (පන්දුවාර 96.4 යි) – දුනිත් ජයතුංග 84.අනුක් ප්‍රනාන්දු 138,ගිහාන් රූපසිංහ 41,ධනුෂ්ක සඳරුවන් 71/5
නිගම්බූ මුල් ඉනිම 80 යි (පන්දුවාර 31.5 යි ) – මෂ්නූර් රස්මන් 35,චලන ද සිල්වා 51/6 යි
නිගම්බූ දෙවන ඉනිම කඩුලු 3ට 124 යි (පන්දුවාර 35.2 යි) – දිමුත් සදුරුවන් නොදැවී 47,ජෙටින් සක්සේනා නොදැවී 41
• රාගම – ගෝල්
මේ තරගයේදී ගොල් කණ්ඩායමේ විනුර දුල්සර සහ දිල්ෂාන් කාංචන ප්‍රබල පිතිහරඹයක නියැළිණි
රාගම මුල් ඉනිම 332 යි – නිෂාන් මධුෂ්ක 150,නිසල ධර්මරත්න 40, ඩෙලන් පීරිස් 26,හරින් බුද්දිල 72/3 රාජිත් ප්‍රියාන් 81/4
ගොල් මුල් ඉනිම කඩුලු 2ට 233 (පන්දුවාර 81 යි) – දිල්ෂාන් කාංචන 93.විනුර දුල්සර නොදැවී 99 සමින් කඳන ආරච්චි 29 සශිත දිල්ෂාන් 68/2
• මූවර්ස් – ලන්කන්
මුවර්ස් මේ තරගයේදී ප්‍රබල තත්ත්වයක පසුවේ
මූවර්ස් මුල් ඉනිම කඩුලු 8ට 500 යි (පන්දුවර 101.4 යි) – සොහාන් ඩිලිවේරා 75,පසිඳු සූරිය බණ්ඩාර 133,රමේෂ් මෙන්ඩිස් 78,රිසිර විරසූරිය නොදැවී 67,මෙහොමඩ් ශිරාස් 52,රජීව වීරසිංහ 118/3 යි
ලන්කන් මුල් ඉනිම කඩුලු 7ට 151 යි (පන්දුවාර 61.2 යි) – ෂෙහාන් ප්‍රනාන්දු 40,දේශාන් ඩයස් 45,ඉසිවර දිසායනායක 31,දිනුක දිල්ෂාන් 31/2 ,කීෂාන් විතුෂාන් 12/2