slc
logo
Home   |    News
අගෝස්තු 10, 2022
දික්වැල්ලගේ පිතිහරඹය ග්‍රීන්ස් පිලේ අවසන් මහ තරග බලාපොරොත්තු ඉහළ දමයි

sinhala editor

By Chamila Karawita

අවසන් මහ තරගය බලාපොරොත්තුව තවදුරටත් රඳවා ගැනීමට තීරණාත්මක තරගයේදී රෙඩ්ස් පිලට එරෙහිව ලකුණු 08 ක ජයක් අත්කර ගත් ග්‍රීන්ස් කණ්ඩායම ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව සඳහා තවදුරටත් බලාපොරොත්තු රදවා ගැනීමට අද (10 දා) පස්වරුවේ සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ග්‍රීන්ස් කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 162 ක ඉලක්කයක් ලබා දීමට සමත් වුවත් එය හඹා යෑමේදී රෙඩ්ස් කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 153 ක් පමණි.

හඹා යෑමේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවක් එක් කිරීමට කුසල් මෙන්ඩිස් සහ ලසිත් කෲස්පුල්ලේ සමත් වුවත් ලකුණු 7 ක් ඇතුළත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීමට දුෂාන් විමුක්ති සහ ලක්ෂාන් සදකැන් සමත්වූහ.

කෲස්පුල්ලේ දවා ගැනීම වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සි දවා ගත් උඩ පන්දුව ඉතාම විශිෂ්ඨ ගණයේ විය.‌ ෂෝට් එක්ස්ට්‍රා කළාපයට ඉහළින් පන්දුව යැවීමට කෲස්පුල්ලේගේ සැලසුම වුවත් ගුවනට පිවිසි වැන්ඩර්සි තනි අතින් උඩ පන්දුව රැක ගනු ලැබුවේ තවත් අර්ධ ශතකයක් කරා යෑමට  හොඳ වාතාවරණයක් නිර්මාණය කරගෙන සිටියදී. ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා ගත් කෲස්පුල්ලේ පන්දු 24 කදී ලකුණු 31 ක් ලබා ගත්තේය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් කමෝදු මෙන්ඩිස් සහ භානුක රාජපක්ෂ අතර ලකුණු 55 ක සම්බන්ධතාවක් පැවැතීම නිසා, ඉලක්කය සපුරා ගැනීමේ ආසන්න අවස්ථාවක් රෙඩ්ස් කණ්ඩායම හමුවේ පැවැතිණ. එහෙත් රමේෂ් මෙන්ඩිස් විසින් කමිඳු මෙන්ඩිස්ව දවා ගැනීමත් සමඟ සියල්ල කණ පිට හැරිණ. කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු රමේෂ් මෙන්ඩිස් පන්දුවාර 4 ලකුණු 22 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගත්තේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වුණු නිරෝෂන් දික්වැල්ල පන්දු 56 කදී ලකුණු 76 ක් ලබා තරගකාරී ලකුණු සංඛ්‍යාවකට මං පෙත් විවර කර දුන්නේය.

ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි දික්වැල්ලට, අභියෝගයක් එල්ල කිරීමට රෙඩ්ස් පන්දු යවන්නන් සමත් වුවත්, ඉවසිලිවන්තව පන්දුවට පහර දුන් දික්වැල්ල අවසානයේ අවශ්‍ය අරමුණ කරා ළංවූයේ හතරේ පහර 8 කින් තම ඉනිම සරසා ගත්තේය. පළමු කඩුලු 3 ම ලකුණු 49 කදී බිඳ වැටී තිබියදී නායක දසුන් ශානක සමඟ එක්වූ දික්වැල්ල සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් පවත්වමින් කණ්ඩායම අසීරුතාවයෙන් මුදවා ගත්හ. කෙසේ වෙතත් පසු පෙළින් පැමිණි ධනංජය ලක්ෂාන් (පන්දු 12 කදී ලකුණු 19 ක්) සහ රමේෂ් මෙන්ඩිස් (පන්දු 8 කදී ලකුණු 11 ක්) වේගවත්ම ලකුණු රැස් කිරීම නිසා ලකුනු 160 සීමාව ඉක්මවාලීමට ග්‍රීන්ස් පිලට අවස්ථාව උදාවිය.

පිටියට පිවිසි විගස සහන් ආරච්චිගේගේ පන්දුවාරයේදී හතරේ පහර 3 ක් එල්ල කළ චන්දිමාල් සාර්ථක ප්‍රවේශයක් ලබා ගත් නමුත්, එය දිගින් දිගටම රඳවා ගැනීමට අසිත ප්‍රනාන්දු ඉඩ අවහිර ක‌ළේය. කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීම නිසා චන්දිමාල්ගේ ඉනිම නිමා වූයේ පන්දු 9 කදී ලකුණු 15 ක් වශයෙනි.

තරගයේ වීරයා – නිරෝෂන් දික්වැල්ල

ග්‍රීන්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 161 යි – (නිරෝෂන් දික්වැල්ල 76, පැතුම් නිස්සංක 10, දිනේෂ් චන්දිමාල් 15, දසුන් ශානක 21, ධනංජය ලක්ෂාන් 19, රමේෂ් මෙන්ඩිස් 11, අසිත ප්‍රනාන්දු 32/2)

රෙඩ්ස් පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 153 යි – (භානුක රාජපක්ෂ 34, කුසල් මෙන්ඩිස් 30, කමිඳු මෙන්ඩිස් 24, ලසිත් කෲස්පුල්ලේ 31, සහන් ආරච්චිගේ (නොදැවී) 19)

Active filters

Recent Posts

  • පළමු එක්දින තරගයෙන් නැගීඑන පිලට කඩුලු 5 ක ජයක්
    බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් පිල සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 5 […]
  • පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිම වෙයි
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (21 දා) පස්වරුවේ නිමාවට පත්වූයේ ජය පැරදුමෙන් තොරවය. තරගය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 296 […]
  • තරගය දැන් දෙපිලටම විවෘතයි – කමිඳු මෙන්ඩිස්
    සංචාරක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය දැන් දෙපිලටම විවෘත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පැවැසීය. හෙට (21) අවසන් දිනයේ උදෑසන බංග්ලාදේශ කඩුලු දෙකක් දවා ගතහොත් ශ්‍රී […]
  • නැෂනල් යූත් ලීග් පළමු ශතකය මහනුවර පිලේ පූලීෂගෙන්
    වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර […]
  • අවු. 19 න් පහළ නැෂනල් යූත් ලීග් තරගාවලිය ඇරඹෙයි
    වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම ජූලි මස 21 වැනිදා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee