slc
Home   |    News
අගෝස්තු 25, 2022
ගාල්ල පළමු ජය ලබද්දී කොළඹ උතුර දෙවැනි ජය වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායමේ තරුෂ කොඩිකාර (29/5) සමත්වීම නිසා කොළඹ දකුණු කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායමට අද (25 දා) හැකියාව ලැබිණ.

තරගාවලියේ තෙවැනි දිනය බවට පත් වුණු මෙම තරගය රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති අතර තරුෂගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් කොළඹ දකුණු පිලට පන්දුවාර 14.5 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 79 ක් පමණි.

වමතින් මඳ වේග පන්දු යවන තරුෂ අද තරගයේදී පන්දුවාර 6.5 ක් යවමින් ලකුණු 29 ක් පමණක් ලබා දීමට ප්‍රතිවාදී පිලේ කඩුලු 5 ක් දවා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ගරුක සංකෙත් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ඉලක්කය හඹා යෑමේදී කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 14.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී සපුරා ගත්තේය.

මේ අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති පරාජිත කණ්ඩායම් අතර හෙවත් ගාල්ල සහ දඹුල්ල අතර තරගයෙන් ලකුණු 92 ක ජයක් වාර්තා කරමින් පරාජිත ගමනට තිත තැබීමට ගාල්ල කණ්ඩායම සමත්විය. මෙය ගාලු කණ්ඩායම මෙවර තරගාවලියේ වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් සටහන් වද්දී දඹුල්ල කණ්ඩායම පිට පිටම ලද දෙවැනි පරාජය ලෙසින් සටහන් විය.

පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 49.1 කදී සියලු දෙනා ලකුණු 241 ක් රැස් කරන ලද නමුත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරී‌මේදී දකුණු කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 37 කදී ලකුණු 149 ක් පමණි.

පන්දුවටපහර දීමේදී දිනුර කලුපහන පන්දු 80 කදී ලකුණු 61 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වද්දී භාෂණ ද සිල්වා පන්දු 79 කදී ලකුණු 54 ක් ලබා දී ඔහුට අනගි සහායක් ලබා දුන්නේය. කෙසේ වෙතත් ගාල්ල පළමු පන්දු යවන්නන් තිදෙනා කඩුලු 2 බැගින් දවා ගනිමින් ග්‍රහණය දැඩි කිරීම නිසා දඹුල්ල පිලට අවශ්‍ය ඉලක්කය කරා යෑම අසීරු විය. පිතිකරුවන් අතර විශ්ව රාජපක්ෂ ලකුණු 42 ක් ලබා ගත් අතර අංක 09 පිතිකරු අනුරාධ රණසිංහ ලකුණු 25 ක් ලබා ගත්තේය.

කොළඹ උතුර –  කොළඹ දකුණ

උතුරු කොළඹට කඩුලු 6ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 14.5 කදී ලකුණු 79 යි – (උනෙත් පීරිස් 29, ගවිරු සෙනෙහස් 18, තරුෂ කොඩිකාර 29/5, ගරුක සංකේත 37/3)

උතුරු කොළඹ ප්දුවාර 15.4 කදී කඩුලු 4 ට ලකුණු 83 යි – (සරුජන් ෂන්මුගනාදන් 20*, සමිඳු මධුරංග 26*, මලිත් රූපසිංහ 28/2)

ගාල්ල – දඹුල්ල

ගාල්ල කණ්ඩායමට ලකුණු 92ක ජයක්

ගාල්ල පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 241 යි – (දිනුර කළුපහන 61, චර්ය පරණවිතාන 20, භාෂණ ද සිල්වා 54, දිනුර අබේවික්‍රමසිංහ 29, තමිඳු ප්‍රදීප්ත 20, ආර්. නිව්ටන් 31/3, ජනිත් ප්‍රනාන්දු 60/2, කිවේන් ෂෙවන්ත 33/2)

දඹුල්ල පන්දුවාර 37 කදී සියලු දෙනා දැවී ලකුණු 149 යි – (විශ්ව රාජපක්ෂ 42, අනුරාධ රණසිංහ 25, එස්. කරිලිෂ්වරන් 28/2, සංජු ඩිල්ෂාන් 38/2, දිනුර කළුපහන 28/2)

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest