slc
logo
Home   |    News
අගෝස්තු 8, 2022
චරිත්ගේ බ්ලූස් පන්දුවට පහර දෙයි

sinhala editor

ආරාධිත පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ පැවැත්වෙන දෙවැනි තරගයේදී කාසියේ වාසිය දිනා ගත් බ්ලූස් නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ රාත්‍රි කාලයේ පැවැත්වෙන මෙම තරගයේ ප්‍රතීවාදී ග්‍රීන්ස් කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවනු ලබන අතර පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි, නුවන් තුෂාර සහ ලක්ෂාන් සදකැන් ග්‍රිනීස් පිල ශක්තිමත් කරන ප්‍රබලයෝ වෙති.

චරිත් අසලංකට අමතරව, ධනුෂ්ක ගුණිතලක, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, ප්‍රමෝද් මදුශාන්, ප්‍රවීන් ජයවික්‍රම සහ කසුන් රාජිත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායමට එක්ව සිටිති.

බ්ලූස් – චරිත් අසලංක (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත.

ග්‍රීන්ස් – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක නිරෝෂන් දික්වැල්ල, නුවනිඳු ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර.

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee