slc
logo
Home   |    News
අගෝස්තු 16, 2022
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් නීති මගට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (අගෝස්තු 15) පැවති හදිසි රැස්වීමකදී ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස අභිනවයෙන් පත් වූ අර්ජුන රණතුංග මහතා පසුගියදා සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී (දෙරණ බිග් ෆෝකස්) සිදු කල අසත්‍ය, අවමන් සහගත සහ අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව එලෙස අසත්‍ය සහ ද්වේශසහගතව චෝදනා කරමින් හිතාමතාම ප්‍රසිද්ධියේ අදහස් පළ කරමින් සිදු කල අපහාසාත්මක ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් ඔහුට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.


ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් විසින් අර්ජුන රණතුංග මහතා වෙත එන්තරවාසි නිකුත් කරමින් එලෙස සිදු කල අසත්‍ය සහ අවමන් සහගත ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට සිදු වූ කීර්තිනාම හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2 ක මුදලක් අලාභ ලෙස ගෙවන ලෙස දැනුම් දී ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee