slc
logo
Home   |    News
අගෝස්තු 8, 2022
ජූලි මස දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ‘ජයසූරිය’

sinhala editor

ජාත්‍යන්තර පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් ජුලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය,  ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිව  තිබේ.  ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් සහ පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 29 ක් බිඳ හෙළීමට සමත්වීමත් සමඟ ජයසූරියට මෙම සම්මානය හිමිවිය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 118 කට කඩුලු 6 ක් දවා ගත් ජයසූරිය දෙවැනි ඉනිමේදී ලකුණු 59 කට කඩුලු 6 ක් දවා ගනිමින් එම තරගයේදී ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 39 ක ජයක් ජයග්‍රහණය කරා රැගෙන ගියේය. එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කරගැනීමට අවස්ථාව උදා විය.

එතැනින් නොනැතුණු ජයසූරිය පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 82 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 135 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූවේය. මෙම දක්ෂතාවත් සමඟ පිට පිට ඉනිම 3 කදී කඩුලු 5 කට වඩා දවා ගැනීම් 3 ක් වාර්තා කර ගැනීමටද ජයසූරිය සමත් වූවේය. ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී බාබර් අසාම් ඇතුළු කණ්ඩායමට පළමු ඉනිමේදී ලකුනු 80 කට කඩුලු 3 ක් දවා ගන්නා ජයසූරිය දෙවැනි ඉනිමේදී ලකුණු 117 කට කඩුලු 5 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේය. ලකුණු 246 ක ජයග්‍රහණයක් ලෙසින් සනිටුහන් වුණු එම ජයග්‍රහණයත් සමඟ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකාව සමව අවසන් කර ගත්තේය.

2021 වසරේ ජනවාරි මස සිට මාසයේ ක්‍රීඩකයා තේරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ප්‍රභාත්ට  මෙම අවස්ථාව හිමිවද්දී එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්තාව් මැකියෝන් එම සම්මානය සඳහා නිර්දේශව සිටි සෙසු ක්‍රීඩකයෝ වූහ.

තවමත් 30 හැවිරිදි වියේ පසුවන ජයසූරියට තමන්ට හිමිවූ සම්මානය පිළිබඳව අදහස් දක්වමින් සදහන් කර සිටියේ “ජූලි මාසයේ ක්‍රීඩකයා සම්මානය මට හිමිකර දීම සදහා මට මනාපය ලබා දුන් රසික රසිකාවියන්ට මම ස්තූති කරන අතරම මෙම නිවේදනය සම්බන්ධව මම ගොඩක් සතුටට පත් වෙනවා” යනුවෙනි. “නිසැකයෙන්ම මෙය මට ඇදහිය නොහැකි මාසයක්. මම ඔස්ට්‍රේලියාවට එරෙහිව මංගල ටෙස්ට් තරගයට සහභාගිවූ අතර එම තරගාවලියත් පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියත් සමව අවසක් කර ගැනීමට මගේ කණ්ඩායමට දායකත්වය ලබාදීමට හැකියාව ලැබුණා. මගේ මේ ගමනට උදව් කිරීම ගැන මම මගේ රසිකයින්, කණ්ඩායමේ සාමාජිකයින්, පුහුණුකරුවන් සහ පවුලේ අය මෙන්ම මාගේ මිතුරන්ටත් ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. මේ මො‌ොහාතේ මම අත්විඳින දෙයින් මම අතිශයින්ම සතුටට පත්වනවා” යැයිද ජයසූරිය වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar