slc
logo
Home   |    News
අගෝස්තු 4, 2022
ජූලි මස හොදම ක්‍රීඩකයා සම්මානය සඳහා ප්‍රභාත් ජයසූරියගේ නමත්

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ජූලි මසදී නම් කිරීමට නියමිත එම මාසයේ ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියව කෙටි ලැයිස්තුගත කර තිබේ. ඔහුට අමතරව එංගලන්ත කණ්ඩායමේ ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්තාව් මැකියෝන් ඇතුළත්ව සිටිති.

වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ඔස්ටේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් වරම් දිනාගත්තේය. සිය මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 118 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 59 කට කඩුලු 5 ක් වශයෙන් අමතක නොවන ආරම්භයක් එක් කර ගැනීමට ජයසූරිය සමත්වූවේය. ජයසූරියගේ දක්ෂතාවය නිසා ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 39 ක ජයක් වාර්තා කරමින් තරගාවලීය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට අවස්ථාව උදා වූවේය.

අනතුරුව පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේදීද සිය දක්ෂාතවය එලෙසම පවත්වාගත් ජයසූරිය පළමු ඉනිමේදී ලකුණු 82 කට කඩුලු 5 ක් දවා ගනිමින් පිට පිට ටෙස්ට් ඉනිම 3 කදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවේය. පිට පිටම ඉනිම 4 කදී කඩුලු 5 ක් දවා ගැනීමේ ආසන්නම අවස්ථාවකට ජයසූරය එළැඹි නමුත් එම දෙවැනි ඉනිමේදී ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 135 කට කඩුලු 4 ක් වශයෙනි.

කෙසේ වෙතත් යළිත් දෙවැනි ටෙස්ට් තරගයේදී සිය උපරිමය පෙන්නුම් කළ වමත් දඟ පන්දු යවන්නා පළමු ඉනිමේදී කඩුලු 3 ක් සහ දෙවැනි ඉනීමේදී ලකුණු 117 කට කඩුලු 5 ක් දවා ගනිමින් ඉනිම 6 කදී කඩුලු 5 කට වැඩියෙන් දවාගත් අවස්තා 5 ක් සනිටුහන් කරගත්තේ සිය පෞද්ගලික ටෙස්ට් කඩුලු සංඛ්‍යාව ටෙස්ට් තරග 3 කදී 29 ක් දක්වා ඉහළ දමා ගනිමිනි.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar