slc
Home   |    News
අගෝස්තු 27, 2022
නිශාන් මදුශ්කගෙන් පිට පිටම තෙවැනි ශතකයත්

sinhala editor

අන්තර් සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම තෙවැනි ශතකයත් වාර්තා කිරීමට රාගම ක්‍රීඩා සමාජයේ අංක 3 පිතිකරු නිශාන් මදුශ්ක අද (26 දා) සමත්විය. සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී නොදැවී ලකුණු 155 ක් රැස් කිරීමට මදුශ්ක සමත්වීම නිසා පළමු රාගම පළමු ඉනිම කඩුලු 2 කට ලකුණු 329 ක් ලෙස ප්‍රභල තත්ත්වයකට පැමිණ සිටියි.

22 හැවිරිදි වියේ පසුවන මදුශ්ක පන්දු 217 ක් සිය ඉනිම සදහා වැය කළේය. හතරේ පහර 17 ක් ඇතුළත් වුණු මදුශ්කගේ මෙම සුවිශේෂී ඉනිමට පෙර ඔහු ඉකුත් සතියේදී ගාල්ලට එරෙහි පැවැති තරගයේදී පළමු ඉනිමේදීි ලකුණු 150 ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 100 ක් ලබා ගනිමින් මෙවර තරගාවලිය ආරම්භයේදීම කැපී පෙනිණ.

ලන්කන් පිලට එරෙහි තරගයේදී එස්. එස්. සී. කණ්ඩායමේ නිපුන් ධනංජය සහ නුවනිදු ප්‍රනාන්දු ශතක වාර්තා කිරීමට සමත්විය. නිපුන් ලකුණු 152 ක් ද නුවනිදු නොදැවී ලකුණු 136 ක්ද ලබා ගත්තේය. පන්දු 221 ක් වැය වුණු නිපුන්ගේ ඉනිමට හතරේ පහර 18 ක් සහ හයේ පහරක්ද පන්දු 155 කදී වාර්තා වුණු නුවනිදුගේ ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය.

මීට අමතරව සී.සී.සී. පිලේ කමිදු මෙන්ඩිස්, යුද හමුදාවේ තුලීන ඩිල්ෂාන් සහ ලක්ෂාන් එදිරිසිංහ සහ චිලව් මේරියන්ස් පිලේ අන්ජු‌ ජොටින් ශතක වාර්තා කරද්දී සැරසන්ස් පිලේ ඩිව් විජේසුන්දර ලකුණු 23 කට කඩුලු 6 ක් බිඳ හෙළමින් පන්දු යැවීමෙන් කැපී පෙනිණ.

ුවර්ස් පොලිසිය

මුවර්ස් පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 273 (පන්දුවාර 71 .2)  – (දිනුක දිල්ෂාන් 72, පබසර වඩුගේ 51, මොහමඩ් ශිරාෂ් 51, චරිත් සුදාරක 62/4, ළහිරු දියන්ත 68/4 )

පොලිසිය පළමු ඉනිම කඩුලු 1 ට 50 (පන්දුවාර  19) – (නදීර බාලසුරිය නොදැවී  24)

කෝල්ට්ස්  –  ගෝල්

කෝල්ට්ස් පළමු ඉනිම  කඩුලු  4ලකුණු 372 යි (පන්දුවාර 78) – (රවිදු රසන්ත නොදැවී  85, අවිශ්ක  පෙරේරා  79, පාලින්ද මෙල් 75, හෂාන්  දුමිදු  47,  විෂාඩ් රන්දික නොදැවී 49,  සදකැන් පතිරණ  61/2)

එස්.එස්.සී –  ලන්කන්

එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 2 ට ලකුණු 391 (පන්දුවාර 82.2) – (නිපුන් ධනංජය 152, නුවනිදු ප්‍රනාන්දු නොදැවී 136, ක්‍රිෂාන් සංජුල 77, සම්මු අශාන් නොදැවී 22)

රසන්ස්  –  බ්ලුම්ෆීල්ඩ් 

බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම ලකුණු 67 යි (පන්දුවාර 28) – (මිනෙන් ප්‍රේමරත්න 15, අෂාන් ප්‍රනාන්දු  14, ඩිව්  විජේසුන්දර 23/6, මොහමඩ් ඩිල්ෂාන්   20/3)

රසන්ස්   පළමු ඉනිම  කඩුලු  6 ලකුණු  146 යි (පන්දුවාර 51) සිතාර  ගිම්හාන්  35,  තවීෂ  අභිෂේක්  නොදැවී  31, නවිනිදු  නිර්මාල්  32, ළහිරු   මධුෂාන්  51/4)

සී.සී.සී කලුතර නාගරික 

සී.සී.සී පළමු ඉනිම  කඩුලු  3 ලකුණු 323 යි (පන්දුවාර 81) – (කමිදු   මෙන්ඩිස්   නොදැවී   118, ලසිත්   අබේරත්න  නොදැවී  73, නිමේෂ ගුණසිංහ 78, ඉන්සක  සිරිවර්ධන  113/3)

බදුරලිය –  ටැමිල් යුනියන්  

බදුරලිය පළමු ඉනිම  කඩුලු  8ලකුණු 177 යි (පන්දුවාර 73.4) අලංකාර අසංක 65, ගිහාන් රූපසිංහ 22, මළිඳු මධුශංඛ 22, නවෝද් පරනවිතාන  17/3, දිල්රුවන් පෙරේරා 54/2)  

එස්  කැපිටල් නිගම්බු

එස් කැපිටල් පළමු ඉනිම 223 යි (පන්දුවාර 50.4 යි) – (නිතාඩ් කාදම් 60, තානුක දාබරේ 32, ඕෂද   ප්‍රනාන්දු 28, චානුක ප්‍රනාන්දු 38/3, ධනුෂ්ක  සදරුවන් 65/4)

නිගම්බු මුල් ඉනිම කඩුලු 4 ලකුණු 64 යි (පන්දුවාර 37) – (ජීවක රශ්මික 32, අමෝද්  විදානපතිරන නොදැවී 26, නිම්සර අතරගල්ල  39/3)

චිලව් මේරියන්ස් –   නුගේගොඩ   

නුගේගොඩ කඩුලු  5ලකුණු  237 යි (පන්දුවාර 78.3)– ( අනුජ් ජොමින්  නොදැවී  101, ජතාර් 77  නවීන් ප්‍රනාන්දු 38/2)

එන්.සී.සී.   – ගුවන් හමුදාව

එන්.සී.සී. පළමු ඉනිම  ලකුණු 307 යි (පන්දුවාර 72.3) – ( අසේල සිගේරා 74, නිරෝෂන් දික්වැල්ල් 51, අහන් වික්‍රමසිංහ 48, ලසිත් අබේරත්න 47,  ගයාන් සිරිසෝම 64/2, දුලාංජල  මෙන්ඩිස් 83/ 5)

ගුවන් හමුදාව කඩුලු  2ලකුණු 32 යි – (පන්දුවාර 8.4යි) – (ෂහිඩ් ඩයස්17, අම්ෂ ද සිල්වා 11/1)

කැන්ඩිකස්ටම් –  බී.ආර්.සී

කැන්ඩි කස්ටම්  පළමු ඉනිම  113 යි (පන්දුවාර 38.1) – (රශ්මික මධුශංඛ 30, අවේෂ්  හර්ෂණ  18,  තිලකරත්න සම්පත් 39 /5,   දුවිදු තිලකරත්න 13/3)

බී. ආර්.සී. පළමු  ඉනිම කඩුලු 1ට  164 (පන්දුවාර 51යි)ඩිලාන්  ජයලත් නොදැවී 82, ලියෝ ෆ්‍රැන්සිස්කො 55, නිසල  නිකාෂ්  34/1)

රාගම  –  සෙබස්ටියනයිට්ස්

රාගම පළමු ඉනිම කඩුලු 2 ලකුණු 329 යි (පන්දුවාර 85) නිශාන්  මධුශ්ක නොදැවී  155, ජනිත්  ලියනගේ   නොදැවී  86,   සමිද   ප්‍රනාන්දු  83,  චාමික  එදිරිසිංහ  83/1)

යුදහමුදාව –  පානදුර

යුද හමුදාව පළමු ඉනිම කඩුලු 1 ලකුණු  279 යි – (පන්දුවාර 68) – (තිළිණ දිල්ෂාන් නොදැවී 142, ලක්ෂිත එදිරිසිංහ  නොදැවී  117, පවන්  දේශාන්  33/1)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest