slc
Home   |    News
අගෝස්තු 28, 2022
නිශාන් මධුෂ්කගේ තෙවැනි ශතකය ත්‍රිත්ව ශතකයට පෙරළෙයි

sinhala editor

අනත්ර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පළමු දිනයේදීම පිට පිටම තෙවැනි ශතකයත් වාර්තා කර ගැනීමට සමත් රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුශ්ක අද එම ශතකය ත්‍රිත්ව ශතකයක් දක්වා පරිවර්තනය කර ගත්තේය. කොළඹ තර්ස්ටන් පිටියේදී සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේදී පන්දු 415 කට මුහුණ දුන් මදුශ්ක හතරේ පහර 26 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කර ගත්තේය.

අවසන් ඉනිම 3 දී මදුශ් පිට පිටම වාර්තා කර ගන්නා ලද තෙවැනි ශතකය ලෙසින්ද මෙය සටහන් විය. මීට පෙර ලකුණු 269 තම පළමු පෙළ තරග දිවියේ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසින් රඳවාගෙන සිටි අංක 3 පිතිකරුවා ඊයේ නොදැවී ලබාගත් ලකුණු 300 තම දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් කරගත්තේය. මෙම ඉනිම ප්‍රධාන කොට රාගම පළමු ඉනිම කඩුලු 3 කට ලකුණු 591 ක් වශයෙන් ද සටහන් විය.

ඊට අමතරව සී.සී.සී. ක්‍රීඩා සමාජයේ කමිදු මෙන්ඩිස් සහ බී.ආර්.සී. පිලේ ඩිලාන් ජයලත් ද්විත්ව ශතක වාර්තා කරමින් පිත්තෙන් කැපී පෙනුණහ. කලුතර නාගරික ක්‍රීඩා සමාජයට එරෙහිව කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුනු 200 ක් ලබා ගත්තේ පන්දු 233 කට මුහුණ දෙමිනි. හයේ පහර 6 ක් සහ හතරේ පහර 18 ක් කමිඳුගේ ඉනිමට ඇතුළත් වද්දී ජයලත් කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 203  සදහා පන්දු 353 කට මුහුණ දුන්නේ හතරේ පහර 20 ක තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. මෙය මොවුන් දෙදෙනාගේ පළමු පෙළ දිවියේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින් සටහන් විය.

රාගම ක්‍රීඩා සමාජයේ ජනිත් ලියනගේ, එස්. එස්. සී. පිලේ නුවනිඳු ප්‍රනාන්දු සහ සම්මු අහාන්, කෝල්ට්ස් පිලේ විශාඩ් රන්දික, ඒස් කැපිටල් පිලේ ලසිත් කෲස්පුල්ලේ, සහ ටැමිල් යුනියන් පිලේ සදීර සමරවික්‍රම ශතක වාර්තා කිරීමට සමත්වූහ.

මේ අතර පන්දු සැරසන්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය දින 2 ක් ඇතුළත නිමාවට පත් වූයේ සැරසන්ස් පිල කඩුලු 8 ක ජක් වාර්තා කර ගනිමිනි. මෙම තරගයේදී කැපී පෙනුණු. ඉසිත විජේසුන්දර සමස්ථ තරගයේදී ලකුණු 83 කට කඩුලු 9 ක් දවා ගැනීමට සමත්වූවේය.

සැරසන්ස් – බ්ලුම්ෆීල්ඩ්

බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම ලකුණු 67 යි (පන්දුවාර 28) – (මිනෙන් ප්‍රේමරත්න 15, අෂාන් ප්‍රනාන්දු  14, ඩිව්  විජේසුන්දර 23/6, මොහමඩ් ඩිල්ෂාන්   20/3) සහ දෙවැනි ඉනිම 196 (පන්දුවාර 47) – (මාධව වර්ණපුර 37, මිලන්ත ප්‍රේමරත්න 34, මදුෂ්ක ලියනආරච්චි නොදැවී 34, අෂාන් ප්‍රනාන්දු 32, ඉසිත විජේසුන්දර 60/4, සඳුන් මෙන්ඩිස් 37/3)

සැරසන්ස්   පළමු ඉනිම  204 යි (පන්දුවාර 66.3) සිතාර  ගිම්හාන්  35,  සුන් මෙන්ඩිස් 50, කවීෂ අභිෂේක් 42, නවනිඳු නිර්මාල් 32, ළහිරු මදුශාන් 91/5, චානක කොමසාරු 60/3) සහ දෙවන ඉනිම කඩුලු 2ට 60 (පන්දුවාර 26.4 යි) – (නවිදු නිර්මාල් 37, ළහිරු මදුශංඛ 18/1)

මුවර්ස් – පොලීසිය

මුවර්ස් පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 273 (පන්දුවාර 71 .2)  – (දිනුක දිල්ෂාන් 72, පබසර වඩුගේ 51, මොහමඩ් ශිරාෂ් 51, චරිත් සුදාරක 62/4, ළහිරු දියන්ත 68/4 )

පොලිසිය පළමු ඉනිම 203 (පන්දුවාර 66 යි) – නදීර බාලසූරිය 70, හෙෂාන් ප්‍රනාන්දු 44, චාමර සිල්වා 38, රමේෂ් මෙන්ඩිස් 35/3, තිලංග උදේශන 53/2)

කොල්ට්ස් – ගොල්

කෝල්ට්ස් පළමු ඉනිම  කඩුලු  5ට ලකුණු 463 යි (පන්දුවාර 100) – (විෂාඩ් රන්දික නොදැවී 114, රවිඳු රසන්ත 95, අවිශ්ක පෙරේරා 79, ෂාලින්ද මෙල් 75,‍ සඳකැන් පතිරණ 61/2)

ගොල් ප්‍රථම ඉනිම කඩුලු 8173 (පන්දුවාර 71 යි) – දිල්ශාන් කාංචන 78, සචින් කඳනආරච්චි 43, ධනංජය ලක්ෂාන් 40/3)

එස්.එස්.සී. – ලන්කන්

එස්.එස්.සී. මුල් ඉනිම කඩුලු 4518 (පන්දුවාර 107.4 යි) (නිපුන් ධනංජය 152, නුවනිඳු ප්‍රනාන්දු 140, ෂම්මු අෂාන් නොදැවී 100, ක්‍රිෂාන් සංජුල 77, මිරංග වික්‍රමසිංහ 133/2)

ලන්කන් මුල් ඉනිම කිසිවෙකු නොදැවී 17 (පන්දුවාර 7 යි)

සී.සී.සී. – කලුතර

සී.සී.සී. ප්‍රථම ඉනිම කඩුලු 4454 (පන්දුවාර 101.3 යි) (කමිදු මෙන්ඩිස් නොදැවී 200, ලසිත් අබේරත්න 93, නිමේෂ ගුණසිංහ 78, ඉන්සක සිරිවර්ධන 147/3)

කලුතර නාගරික පළමු ඉනිම 142 යි (පන්දුවාර 101.3) – සදීෂ් ජයවර්ධන 45, බවන්ත ජයසිංහ 38, සුකිත මනෝජ් 24, අශාන් ප්‍රියන්ජන්, 29/5, මාලින්ද පුෂ්පකුමාර 74/4) සහ දෙවැනි ඉනිම කඩුලු 4 ට ලකුනු 42 යි – (විශ්ව ප්‍රනාන්දු 15/2, මාලින්ද පුෂ්පකුමාර 25/2)

බදුරලිය – ටැමිල් යුනියන්

බදුරලිය මුල් ඉනිම 207 යි (පන්දුවාර 87.1 යි) – අලංකාර අසලංක 65, රනේෂ් සිල්වා 40, නවෝද් පරනවිතාන 27/5, දිල්රුවන් පෙරේරා 67/2)

ටැමිල් යුනියන් කඩුලු 5314 යි (පන්දුවාර 82 යි) – සධීර සමරවික්‍රම 172, සංතූෂ් ගුණතිලක නොදැවී 91, චානක ද සිල්වා 128/3)

එස් කැපිටල් – නිගම්බු

එස්.කැපිටල් මුල් ඉනිම 223 (පන්දුවාර 50.4) (නිහාඩ් කාදම් 60, තානුක දාබරේ 32, ඕෂද ප්‍රනාන්දු 28, චානුක ප්‍රනාන්ද 38/3, ධනුෂ්ක සඳරුවන් 65/4)

නිගම්බු මුල් ඉනිම 231 (පන්දුවාර 84.1) – දිමුත් සඳරුවන් 67, ජෙටින් සක්සේනා 47, අමෝද් විදානපතිරන 39, නිමුසර අතරගල්ල 55/4)

එස් කැපිටල් දෙවන ඉනිම කඩුලු 4234 (පන්දුවාර 40) – ලසිත් කෘස්පුල්ලේ 106, නිහාඩ් කාඩම් 47, දිල්ශාන් මුනවීර 65/2)

චිලව් මේරියන්ස් – නූගේගොඩ

චිලව් මේරියන්ස් මුල් ඉනිම 419 (පන්දුවාර 129.1 යි) – (අනුජ් ජෝටින් 152, ජතාර් 77, නවීන් යසස් නොදැවී 75, නවීන් ප්‍රනාන්දු 76/3, කයිසර් අස්ලාෆ් 105/2)

නූගේගොඩ මුල් ඉනිම කඩුලු 5127 (පන්දුවාර 43.3 යි) – නයන ප්‍රනාන්දු 52, කෙවින් පෙරේරා 29, තිමිර ඉරුෂිකා 14/2)

එන්.සී.සී – ගුවන් හමුදාව

එන්.සී.සී. මුල් ඉනිම 307 යි (පන්දුවාර 72.3 යි) (අසේල සිගේරා 74, නිරෝෂන් දික්වැල්ල 51, අහන් වික්‍රමසිංහ 48, ලසිත් අබේරත්න 47, දුලාංජල මෙන්ඩිස් 83/5, ගයාන් සිරිසෝම 64/2)

ගුවන් හමුදාව මුල් ඉනිම 259 (පන්දුවාර 88.4 යි) (දේශාන් ප්‍රනාන්දු 41, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 48, සිතිජ චමෝද් 30, දුලාංජල මෙන්ඩිස් 28, ලසිත් ඇඹුල්දෙනිය 73/3, අසේල සිගේරා 15/2)

කැන්ඩි කස්ටම් – බී.ආර්.සී

කැන්ඩි කස්ටම් මුල් ඉනිම 113 (පන්දුවාර 38.1 යි) – රශ්මික මධුශංඛ 30, තිලකරත්න සම්පත් 39/5, දුවිඳු තිලකරත්න 13/3) සහ දෙවන ඉනිම කඩුලු 3103 (පන්දුවාර 35 යි) – රවීන් ෆොන්සේකා 34 , චානක විජේසිංහ නොදැවී 35, තිලකරත්න සම්පත් 16/2)

බී.ආර්.සී මුල් ඉනිම කඩුලු 4446 (පන්දුවාර110) – ඩිලාන් ජයලත් 203, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 55,මෝදිත රණතුංග 52, තිලකරත්න සම්පත් නොදැවී 41, මෙතුෂාන් තීෂාන් 97/2)

රාගම – සෙබස්ටියනයිට්ස්

රාගම මුල් ඉනිම කඩුලු 3591 යි (පන්දුවාර 152.3 යි) – නිශාන් මධුෂ්ක නොදැවී 300, ජනිත් ලියනගේ 140,සමිඳු ප්‍රනාන්දු 83, තරිඳු රත්නායක 171/2_

සෙබස්ටියනයිට්ස් කඩුලු 253 (පන්දුවාර 22.1 යි) – සචි සෙනෙවිරත්න 25, ඩෙලන් පීරිස් 1/1

යුද හමුදාව – පානදුර

යුද හමුදාව මුල් ඉනිම කඩුලු 4452 (පන්දුවාර 114.2 යි) – තිලිණ දිල්ෂාන් 166, ලක්ෂාන් එදිරිසිංහ 120, අසේල ගුණරත්න 87, පැතුම් බොතේජු නොදැවී 50, පවන් සංදේශ් 33/1)

පානදුර මුල් ඉනිම කඩුලු 4140 (පන්දුවාර 48.3 යි) – උමේෂ් කසුන් 43, ලක්ෂාන් රුද්‍රීගෝ 68, කෞමාල් නානායක්කාර 41/2

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest