slc
logo
Home   |    News
අගෝස්තු 21, 2022
ලකුණු 387 න් එංගලන්ත යොවුන් පළමු ඉනිම නවතියි

sinhala editor

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර අද (21 දා) ආරම්භ වුණු පළමු සිව්දින ටෙස්ට් තරගයේදී දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් පිල කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටියි.

සදීෂ රාජපක්ෂ ලකුණු 11 කට දැවී යෑමත් සමඟ තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. ඒ අනුව පුහුණු තරගයේදී ශතකයක් වාර්තා කළ අසිත වන්නිනායක ලකුණු 13 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත යොවුන් පිල ලකුණු 387 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී කැපී පෙනුණු දුවිඳු රණතුංග ලකුණු 100 කට කඩුලු 4 ක් දවා ගනිද්දී දුලාජ් සමුදිත සහ වනුජ සහන් කඩුලු 2ක් බිඳ හෙලූහ.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝර්ජ් බෙල් ලකුණු 107 ක් ලබා ගත් අතර රොස් වයිට්ෆීල්ඩ් සහ බර්ටි ෆොර්මන් අර්ධ ශතක වාර්තා කළහ. වයිට්ෆීල්ඩ් සහ බෙල් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් එක් කෙරුණු ලකුණු සංඛ්‍යාව 185 කි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර වැඩිම කඩුලු ලාභියා වුණු දුවිඳු රණතුංග වයිට්ෆිල්ඩ්ගේ කඩුල්ල දවා ගනිමින් එම සම්බන්ධතාව බිද දැමූහ. කෙසේ වෙතත් අංක 9 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි බර්ටි ෆෝර්මන් පන්දු 56 කදී රැස් කරන ලද වේගවත් ලකුනු 58 නිසා ලකුණු 400 සීමාව ආසන්නයට යෑමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ.

තරගයේ දෙවැනි දිනය වන හෙට දිනයේදී එංගලන්ත පළමු ඉනිම පසුකර යෑම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කඩුලු 9 ක් ඇතුළතදී ලකුණු 362 ක් ලබා ගත යුතු වේ.

එංගලන්ත යොවුන් පිල පන්දුවාර 78.3 කදී සියලු දෙනා දැවී ලකුණු 387 යි – ජෝර්ජ් බෙල් 107, බර්ටී ෆෝර්මන් (නොදැවී_ 58, රොස් වයිට්ෆීල්ඩ් 86, හැරී සිං 27, බෙන් මැකිනි 33, දුවිඳු රණතුංග 100/4, දුලාජ් සමුදිත 105/2, වනුජ සහන් 56/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 8.3 කදී කඩුල්ලකට ලකුණු 25 යි – (අසිත වන්නිනායක (නොදැවී) 13, සදීෂ රාජපක්ෂ 11)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee