slc
logo
Home   |    News
අගෝස්තු 8, 2022
ආරාධිත විස්සයි-20 ලීග් සටනට සියල්ල ලෑස්තියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ආරාධිත විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය රෙඩ් ,බ්ලු ග්‍රීන්  සහ  ග්‍රේස්  කණ්ඩායම් හතරක  සහභාගීත්වයෙන් සදුදා  (අගෝස්තු 8 දා) මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස  ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇත. තරගාවලිය ලබන 15 වැනිදා දක්වා පැවැත්වේ.

මුලික වටයේ සෑම දිනකම තරග සවස 3ට සහ රාත්‍රි 7.30  තරග  ලෙස දිනකට තරග දෙක බැගින් පැවැත්වෙන අතර ක්‍රීඩා ලෝලීනට නොමිලේ තරග  නැරඹීමේ අවස්ථාව  උදා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව සවස 2 සිට ක්‍රීඩා ලෝලීනට ක්‍රීඩාංගණයට  නොමිලේ  ඇතුලු  වීමේ  අවස්ථාව උදාවේ.

මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වතාවටය. පසුගිය  වසරේ මෙහි ශූරතාව දිනාගනු ලැබුවේ දසුන්  ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායමයි.

මෙවර රෙඩ් කණ්ඩායමට කුසල් මෙන්ඩිස්ද , බ්ලු කණ්ඩායමට චරිත්  අසලංකද , ග්‍රීන් කණ්ඩායමට දසුන්  ශානකද , ග්‍රේස් කණ්ඩායමට අෂාන් ප්‍රියංජන ද නායකත්වය ලබා දෙති.

ශ්‍රී ලංකා විස්සයි 20  සහ එක්දින  පිටියේ දක්ෂතා දක්වන  සියලුම ක්‍රීඩකයන් මේ තරගාවලියට සහභාගිවන අතර තරගාවලිය  සංවිධානය කිරීමේ මුලික අරමුණ වනුයේ මේ මස 27 සිට එක්සත්  ආරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන  ක්‍රිකට් තරගාවලියට සහ  ලබන වසරේ පැවැත්වෙන මීළග එක්දින ලෝක කුසලානයට සහභාගිවන  ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය කරන  ක්‍රීඩක සංචිත  තෝරා ගැනීමය.

ලීග් ක්‍රමයට පැවැත්වෙන මේ ආරාධිත විස්සයි 20 තරගාවලියේ මුලික වටයේ සෑම කණ්ඩායමක්ම අනෙක්  කණ්ඩායම්  සමග  තරගයකට  බැගින්  සහභාගිවන  අතර මුලික  වටය  ආවසානයේ ජයග්‍රහණය සදහා හිමිකර ගන්නා ලකුණු අනුව (ජයග්‍රහණයකට ලකුණු  2ක බැගින් සහ  සම තරගයකට 1බැගින් ) ඉහළින්ම පසුවන කණ්ඩායම් දෙක 15 වැනිදා  රාත්‍රි 7.30 ට  ඇරැඹෙන  අවසන මහා තරගයට  සුදුසුකම් ලබනු ඇත.

මේ  මස 8 ,10 සහ 13 දිනවල  මුලික තරග පවත්වා අවසන් මහ තරගය 15 වැනිදා පැවැත්වෙනු ඇත. සමාරම්භක තරගයේදී කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් රෙඩ් කණ්ඩායමත් අෂාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් ගැටෙනු ඇත. බ්ලු සහ  ග්‍රීන්  තරගය  මෙදින  රාත්‍රි 7.30ට ඇරැඹේ .

මේ  තරගාවලිය  සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්  කමිටුව ක්‍රීඩකයන්   හැටදෙනෙකු  තෝරාගෙන  ඇත්තේ ජාතික සංචිතයේ ක්‍රිඩකයන් ගෙන් සහ පළමු  ශ්‍රේණියේ ක්‍රීකට් තරගාවලියේ  දක්ෂතා  දැක්වු  ක්‍රීඩකයන්   අතුරිනි.

පළමු ශ්‍රේණියේ තරගාවලියේ දක්ෂතා දැක්වු  ක්‍රීඩකයනට   මේ තරගාවලියේ තම දස්කම්  දක්වා ජාතික කණ්ඩායමට  ඇතුළත් වීමේ මහගු  අවස්ථාව   මේ  තරගාවලිය හරහා  උදාවේ.

රෙඩ් කණ්ඩායම  –  කුසල්  මෙන්ඩිස්  (නායක ) , භානුක රාජපක්ෂ , කමිදු මෙන්ඩිස් , වනිදු  හසරංග , සහන් ආරච්චි , දුනිත් වෙල්ලාලගේ  , ළහිරු මධුශංඛ , මතීෂ  පතිරන  , මහීෂ් තීක්ෂණ , දුෂ්මන්ත  චමීර, පබසර  වඩුගේ , කළණ පෙරේරා , කෙවින්  කොන්තිගොඩ, සිතාර ගිම්හාන්

බ්ලු කණ්ඩායම  –  , චරිත්  අසලංක (නායක )  සධීර  සමරවික්‍රම , ධනංජය ද සිල්වා , අෂේන්  බණ්ඩාර , චාමික  කරුනාරත්න , සුමිදු  ලක්ෂාන් , ප්‍රමුද්  මධුෂාන් , ළහිරු කුමාර , ප්‍රවීන් ජයවික්‍රම,කසුන්  රාජිත  , ළහිරු උදාර  , ළහිරු  සමරකෝන්  , අෂේන් ඩැනියල්, නිපුන් රන්සික

ග්‍රීන්  කණ්ඩායම –   දසුන්  ශානක  (නායක )  පැතුම්  නිශ්ශංක  ,නිරෝෂන්  දික්වැල්ල, නුවනිදු  ප්‍රනාන්දු  , දිනේෂ්  චන්දිමාල්  , ධනංජය ලක්ෂාන්  , රමේෂ් මෙන්ඩිස් , බිනුර  ප්‍රනාන්දු , නුවන්  තුෂාර , ජෙෆ්‍ රි වැන්ඩසෙ , ලක්ෂාන්  සදකැන් , සමිදු ප්‍රනාන්දු , දිල්ෂාන්  මධුශංඛ , නිමේෂ් විමුක්ති සහ  සචිදු  කොළඹගේ

ග්‍රේස්  කණ්ඩායම  –  අෂාන් ප්‍රියංජන (නායක ) සංගීත්  කුරෙ, පී.ටී. දයාබරේ , මිනෝද් භානුක , මුවින්  සුබසිංහ , මුදිත  ලක්ෂාන් , අකිල ධනංජය , දුවිදු  තිලකරත්න, ඩිලාන්  රත්නායක , ලක්ෂාන් ගමගේ, නිමසර අතරගල්ල , පුලින  තරංග ,තරිදු රත්නායක , කසුන්  විදුර

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee