slc
logo
Home   |    News
අගෝස්තු 27, 2022
කන්ද උඩරට ආධිපත්‍ය කොළඹ උතුර බිඳ දමයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරාවලියේදී මහනුවර කණ්ඩායම මෙතෙක් පවත්වාගෙන ආ අපරාජිත භාවය බිද දැමීමට කොළඹ උතරු කණ්ඩායම අද (26 දා) සමත්විය. කරට කරට සටනකට පසු කඩුලු 3 ක ජයක් වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම මෙවර තරගාවලියේ තෙවැනි ජයග්‍රහණය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්විය.

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි පිල පන්දුවාර 43.5 කදී ලකුණු 195 කට සීමා කළ කොළඹ උතුරු කණ්ඩායම ජයග්‍රහණය හඹා යෑමේදී කඩුලු 7 ක් පමණක් දැවී රැස් කර ගනු ලැබුවේ පන්දුවාර 43.5 ක් අවසානයේදීය. එම හඹා යෑමේදී ආරම්භක පිතිකරු කවිඳු අමනේත පන්දු 80 කදී ලකුණු 61 ක් වාර්තා කළේය.

ප්‍රතිවාදී කණ්ඩායමේ ආරම්භක පිතකිරු සුපුන් වඩුගේ ලකුණු 98 ක් ලබා ගැනීම කැපී පෙනෙනි. පන්දු 136 කට මුහුණ දුන් පුලිඳු තම ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් කළේය.

මේ අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගය වූ දඹුල්ල සහ කොළඹ දකුණ අතර තරගයේ කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්විය. එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල පිල පන්දුවාර 50 කදී ලකුණු 166 කට සීමා කිරීමට කොළඹ දකුණ පන්දු යවන්නන් සමත් වද්දී ඉලක්කය හඹා ගිය පිතිකරුවෝ පන්දුවාර 27.5 ක් පමණක් වැය කරමින් කඩුලු 6 කට ලකුණු 167 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී රදේෂ් බණ්ඩාරනායක ලකුණු 26 කට කඩුලු 4 ක් දවා ගත්තේය.

දඹුල්ල – කොළඹ දකුණ

කොළඹ දකුණට කඩුලු 4 ක ජයක්

දඹුල්ල පන්දුවාර 50 කදී ලකුණු 166 යි – (හසිත් කාවින්ද 29, ජනිත් දිලුම්ක 46, මතීෂ යෙනෙත් 16, ආර්. නිවුටන් 16, රදේෂ් බණ්ඩාරනායක 26/4, රයන් දිසානායක 21/2, කාවින්ද ඩයස් 42/2)

කොළඹ දකුණ පන්දුවාර 27.5 කදී කඩුලු 6 ට ලකුණු 167 යි – (ගවිරු සෙන්හස් 43, රවිත් ජයසූරිය 47,රුසඳු ගමගේ 40, ජනිත් ප්‍රනාන්දු 68/3, ඒ. අසන්ත 07/2)

මහනුවර – කොළඹ උතුර

කොළඹ උතුරට කඩුලු 3 ක ජයක්

මහනුවර  පන්දුවාර 45.1 කදී ලකුණු 193 යි – (සුපුන් වඩුගේ 98, චරුක ඒකනායක 36, ලකුන් අබේසිංහ 18, ගරුක සංකෙත් 37/2, තරූෂ කොඩිකාර 36/2, ළහිරු අමරසේකර 41/2, කූජන පෙරේරා 42/2, ප්‍රවීන් මනීෂ 18/2)

කොළඹ උතුර පන්දුවාර 43.5 කදී කඩුලු 7 ට ලකුණු 195 යි – (කවිඳු අමමතේ 61, ශරුජන් ශන්මුගනාතන් 36, කූජන පෙරේරා 26, සමිඳු මදුරංග 18, හිරාන් ජයසුන්දර 17)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

USD United States (US) dollar