slc
logo
Home   |    News
අගෝස්තු 28, 2022
අපරාජිත කොළඹ උතුර සහ මහනුවර අවසන් මහ ගැටුමට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් වයස අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩය වෙනුවෙන් පවත්වනු ලබන යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ සහභාගි වුණු තෙවැනි තරගයෙන්ද කඩුලු 8 ක ජයක් වාර්තා කළ කලම්බු නෝර්ත් කණ්ඩායම අපරාජිතව අවසන් මහ තරග අවස්ථාව සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද (28 දා) සමත්වූවේය. ඒ අනුව ඔවුන් හෙට (29 දා) මහනුවර කණ්ඩායම සමග අවසන් මහ තරගයේදී ශූරතා කුසලාන වෙනුවෙන් තරග වදිනු ඇත.

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දමුල්ල පිල ලකුණු 117 කට සීමා කළ කලම්බු නෝර්ත් කණ්ඩායම පන්දුවාර 29.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය.

පන්දු යැවීමේදී කැපී පෙනුණ ගරුක සංකෙත් ලකුණු 27 කට කඩුලු 5 ක් දවා ගනිමින් දඹුල්ල පිල අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලීමට මූලිකත්වය ගත්තේය. ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් තනුක පලිහවඩන ලකුණු 24 කට කඩුලු 3 ක් දවාලීය.

ඉලක්කය හඹා යෑමේදී සහන් දාබරේ නොදැවී ලකුණු 57 ක් ලබා ගනිද්දී ශර්දුල් ශන්මුගනාතන් ලකුණු 37 ක් ලබා ජයග්‍රහණය සනාථ වන තුරුම කඩුල්ලේ රැඳී සිටියේය.

මේ අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මහනුවර සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 243 ක ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායම පන්දුවාර 35.5 කදී ඉලක්කය සපුරා ගනු ලැබුවේ කඩුලු 6 ක් පමණක් දැවී ගොස් තිබියදීය.

එම හඹා යෑමේදී පළමු කඩුලල්ල ලකුණු 08 දී බිඳ වැටුණත් දෙවැනි කඩුල්ලට එක්වුණු දිනුර කලුපහන සහ රිවිෂාන් නෙත්සර ලකුණු 76 ක සම්බන්ධතාවත් පවත්වමින් සාර්ථක අඩිතාලමක් එක් කළහ. මෙහිදී රිවිෂාන් ලකුණු 56 කදී දැවී ගියද දිනුර අබේවික්‍රමට එක් වුණු දිනුර කලුපහන තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවත් පවත්වමින් හඹා යෑම පහසු කළහ. පන්දු 84 කට මුහුණ දුන් දිනුර කලුපහන ලකුණු 73 ක් ලබා ගනිද්දී දිනුර අබේවික්‍රම පන්දු 57 කදී වේගවත් ලකුණු 78 ක් එක් කළේ ගාල්ල කණ්ඩායමේ ජයග්‍රහණය බිඳුවකට හෝ අවධානයක් ලක් නොකරමිනි.

මෙම තරගයෙන් ගාල්ල ජය ලැබුවත් ලකුණු ලබා ගැනීමේ වේගය අනුව කැන්ඩි පිල ඉදිරියෙන් පසුවීම නිසා අවසන් මහ තරග අවස්ථාව මහනුවර කණ්ඩායමට හිමිවිය.

කොළඹ උතුර – දඹුල්ල

කොළඹ උතුර කඩුලු 8 ක ජයක්

දඹුල්ල පන්දුවාර 33 කදී ලකුණු 117 යි – (එන්. එබානසර් 48, විශ්ව රාජපක්ෂ 18, ගරුක සංකෙත් 27/5, තනුග පලිහවඩන 24/3)

කොළඹ උතුර පන්දුවාර 29.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 118 යි – (සහන් දාබරේ නොදැවී 57, සරුජන් ශන්මුගනාතන් නොදැවී 37, කමිදු අමමමෙත් 17)

ගාල්ල – මහනුවර

ගාල්ලට කඩුලු 4 ක ජයක්

මහනුවර පන්දුවාර 49.5 කදී ලකුණු 242 යි – (සුපුන් වඩුගේ 78, පුලිඳු පෙරේරා 36, තිසර ඒකනායක 22, ඉසුරු පන්නල 15, මනුල කුලරත්න නොදැවී 50, තරණ විමලධර්ම 18, සංජු ඩිල්ෂාන් 47/3, සදෙව් ගමගේ 26/3, සෙනිත හැළඹගේ 36/2)

ගාල්ල පන්දුවාර 35.5 කදී කඩුලු 6 ට ලකුණු 246 යි – (දිනුර කලුපහන 73, දිනුර අබේවික්‍රම 78, රවිෂාන් නෙත්සර 56, අකිල වික්‍රමසිංහ 43/4)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee