slc
logo
Home   |    News
අගෝස්තු 10, 2022
ග්‍රේස් පරාජය කළ බ්ලූස් අවසන් මහ සටනට කිට්ටු කරයි

sinhala editor

By Chamila Karawita

ජයග්‍රහණය තීරණාත්මක වූ බ්ලූස් පිලට එරෙහි තරගයේ ලද කඩුලු 4 ක පරාජයත් සමඟ ග්‍රේස් කණ්ඩායමට පිට පිටම දෙවැනි තරග පරාජයට මුහුණ දීමට සිදුවූවා පමණක් නොව ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සඳහා තබා තිබූ බලාපොරොත්තුද කල්තියාම අහිමිවීමේ අවධානමකට ලක්ව තිබේ. වගකීම් විරහිත පිතිහරඹයත්, අනවශ්‍ය කඩුලු අතර දිව යෑම් ග්‍රේස් කණ්ඩායමේ අසාර්ථක භාවයට හේතු විය.

තරගාවලියේ දෙවැනි දිනය වූ අද (10 දා) රාත්‍රී කාලයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් පිලට බ්ලූස් පිලේ අභියෝගය හමුවේ නියමිත පන්දුවාර 20 දී කඩුලු 9 කට රැස් කර ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. එම අභියෝගය පහසුවට ගත් බ්ලූස් පිතිකරුවෝ ඉලක්කය සපුරා ගනු ලැබුවේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

එම හඹා යෑමේදී සිය පළමු පන්දුවාරයේදීම සදීර සමරවික්‍රමව දවා ගත් දුවිඳු තිලකරත්න, පීඩනයක් එල්ල කිරීමට සමත් විය. චරිත් අසලංක ඇතුළු ඉදිරි‌ පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම නිසා කඩුලු 3 කට ලකුණු 102 ක් තරම් ප්‍රබල තත්ත්වයක පසුවීමට බ්ලූස් කණ්ඩායමට හැකියාව ලැබිණ. එහෙත් මිලාන් රත්නායක ඇතුළු ග්‍රේස් පන්දු යවන්නන් තවත් ලකුණු 11 කදී කඩුලු 3 ක් දවා ගනිමින් පීඩනයක් එල්ල කළත්, සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට නොහැකිවීම නිසා බ්ලූස් ජයග්‍රහණය වළකාලීමට ඔවුනට නොහැකි විය. බ්ලූස් ජයග්‍රහණ්‍ය සනිටුහන් වන විට තවත් කඩුලු 9 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් පිලේ අශාන් රන්දික මුලු ලකුණු සංඛ්‍යාව 09 ක්ව තිබියදී දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුවත්, තනුක දාබරේට එක්වූ සංගීත් කුරේ ලකුණු 51 ක සම්බන්ධතාවක් එක් කරමින් කණ්ඩායම ශක්මිත් කළහ.

මැනවින් පන්දුවට පහර දුන් දාබරේ සහ සංගීත් ලකුණු පුවරුව ඉහළ දමමින් සිටියදී ඒ මැදට පැමිණි චාමික කරුණාරත්න සංගීත් කුරේව ලකුණු 21 ක් ලබා සිටියදී දවා ගැනීමට සමත්වූවේය.

8 වැනි පන්දුවාරයේදී සංගීත් කුරේ දැවී යෑම සමඟ යළිත් තරගයට අවතීර්ණ වුණු බ්ලුස් පන්දු යවන්නෝ ලකුණු 24 ක් ඇතුළත පිතිකරුවන් ලෙස නම් දරා සිටි සියල්ලෝම තරග නරඹන්නන් බවට පත් කළහ.

ප්‍රමෝද් මදුශාන් විසින් දාබරේව ලකුණු 31 කදී දවා ගැනීමෙන් පසු පැමිණි ප්‍රවීන් ජයවික්‍රම පන්දු 4 ක් ඇතුළතදී මිනෝද් භානුක සහ මොවින් සුබසිංහගේ කඩුලු දවා ගනීමින් ග්‍රේස් පිල අසීරුවට ඇද දැමූහ. කඩුලු පිට කඩුලු දැවී යද්දී එය නවතාලීම පමණක් නොව අවශ්‍ය වේගයද රඳවා ගැනීම ග්‍රේස් නායකයාගේ කරමතට පැටවිණ. එහෙත් කඩුලු අතර දිව යෑමේදී සිදුවූ අතපසුවීමක් හේතුවෙන් නායක ප්‍රියන්ජන්ට ද අකමැත්තෙන් වුවද පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

අවස්ථාව ලද මොහොතේදී පිතිකරණයෙන් සහයෝගයක් ලබාදිය හැකි පිතිකරුවන් ලෙස නම් දරා සිටින පුලින තරංග ස්ටම්ප් කිරීමටකද අකිල ධනංජය කඩුලු අතර දිව යෑමට ගොස් දැවී යෑම නිසා ග්‍රේස් පිලට යළි හිස එසවීමට අවස්ථාවක් නොවීය. කෙසේ වෙතත් 10 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි දුවිඳු තිලකරත්න ලකුණු 11 ක් ලබා සිය අන්තය ආරක්ෂා කරගත්තේ ග්‍රේස් ලකුණු පුවරුව ලකුණු 115 ක් දක්වා ඉහළ දමමිනි. ග්‍රේස් ඉනිමේ විනාශකරු වූ ප්‍රවීන් ජයවික්‍රම පන්දුවාර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගැනීම තරගයේ කැපී පෙනිණ.

තරගයේ වීරයා – ප්‍රවීන් ජයවික්‍රම

ග්‍රේස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණ 115 යි – (තනුක දාබරේ 33, සංගීත් කුරේ 21, මුදිත ලක්ෂාන් 10, දුවිඳු තිලකරත්න (නොදැවී) 11, චාමික කරුණාරත්න 22/2, ප්‍රවීන් ජයවික්‍රම 13/3)

බ්ලූස් පන්දුවාර 18.3 කදී කඩුලු 6 ට ලකුණු 119 යි – (චරිත් අසලංක 29, අෂේන් බණ්ඩාර (නොදැවී) 27, ළහිරු උදාර 16, ධනංජය ද සිල්වා 17, මිලාන් රත්නායක 20/3)

Active filters

Recent Posts

  • පන්දුවක් ඉතිරිව තිබියදී රෙඩ්න් ජය වාර්තා කරයි 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියේ මැයි 04 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එස්.එල්.සී. රෙඩ්ස් සහ එස්.එල්.සී. ග්‍රීන් අතර තරගයෙන් […]
  • ජාතික රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘හරසර‘
    ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  •  සිව්වන එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම ජය ගනී.
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරග පහක තරගාවලියේ අද (05) පැවැති සිව්වන එක්දින තරගයෙන් කඩුලු […]
  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee