slc
logo
Home   |    News
අගෝස්තු 8, 2022
සමාරම්භක ගැටුමේදී රෙඩ්ස් පිලට පහසු ජයක්

sinhala editor

By Chamila Karawita

ආරාධිත පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී අර්ධ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට ලසිත් කෲස්පුල්ලේ සමත්වීමත්, ලකුණු 22 ක් ඇතුළත ග්‍රේස් පිලේ කඩුලු 4 ක් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත්වීමත් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (08 දා) පැවැති සමාරම්භක තරගයේදී ග්‍රේස් පිලට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට රෙඩ්ස් කණ්ඩායම සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරුවේ ආරම්භ වුණු මෙම තරගයේදී ලකුණු 121 ක ඉලක්කයක් හඹා ගිය කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම පන්දුවාර @ කදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ තවත් කඩුලු @ ක් අත තබා ගෙනය.

ඉලක්කය හඹා යෑමේදී පිටියට පිවිසි ලසිත් කෲස්පුලේ සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී වේගවත් ලකුණු 88 ක් එක් කරමින් සාර්ථක අඩිතාලමක් රෙඩ්ස් පිලට එක් කර දුන්හ. මුහුණ දුන් 39 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත් දකුණත් ආරම්භක පිතිකරුවා වූ කෲස්පුල්ලේ මෙවර තරග වාරයේදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වූවේය.

පන්දු 3 ක් ඇතුළත කෲස්පුල්ලේත් (54) කුසල් මෙන්ඩිස් (34) දෙදෙනාම දැවී ගියත් සැලකියයුතු අභියෝගයක් ලබාදීමට තරම් වූ ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ නොමැතිවීම නිසා රෙඩ්ස් ජයග්‍රහණය වළකාලීමට ග්‍රේස් පන්දු යවන්නන්ට අවස්ථාවක් නොවීය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දු යැවීම සුදුසු බවට රෙඩ්ස් නායකයා තීරණය කිරීම වඩා සාධාරණ බව දැක ගැනීමට ගතවූයේ පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 අවසන්වීමට පෙර වූ කාලය පමණි. නියමිත ඉලක්කයට පන්දු යැවීමත්, සැලසුම අනුවම පන්දු රකින්නන් ස්ථානගත කිරීමටත් රෙඩ්ස් නායකයා කටයුතු කළ බැවින් ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 29 ක් ඇතුළතදී දැවී ගියේ ග්‍රේස් පිල අසරණත්වයට ඇද දමමිනි.

දැවී ගිය කඩුලු 4 න් 3 ක්ම වේග  පන්දු යවන අසිත ප්‍රනාන්දු දවා ගනිද්දී, මතීෂ පතිරණ මිනෝද් භානුකගේ කඩුල්ල දවා ගනිමින් පීඩනය දැඩි කළේය. නම් දරා සිටින ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම අඩු ලකුණු සංඛ්‍යාවක් ඇතුළතදී දැවී යෑමෙන් පසු පිටියේ ඉතිරිව සිටි එකම ප්‍රධාන පිතිකරුවා වූයේ නිමාවට පත් වූ අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලද අශාන් රන්දික පමණි. කෙසේ වෙතත් ඔහු සමග යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන මහීෂ් තීක්ෂණ විසින් රන්දිකව දවා ගන්නා විට 10 වැනි පන්දුවාරයේදී ග්‍රේස් ඉනිම සටහන් වූයේ ලකුණු 47 කට කඩුලු 5 ක් වශයෙනි.

කෙසේ වෙතත් පිටියට එක්වූ මොවුන් සුබසිංහ සහ මුදිත ලක්ෂාන් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක් පවත්වමින් ග්‍රේස් ලකුණු පුවරුව ඉහළ දැමූහ. මෙහිදී වනිඳු හසරංගගේ සහ දුනිත් වෙල්ලාලගේ පන්දු හමුවේ දැවැන්ත හයේ පහර 2 ක් එල්ල කළ මොවුන් පන්දු 25 කදී ලකුණු 32 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය.

පන්දු යැවීමේදී කැපී පෙනුණු අසිත ප්‍රනාන්දු නියමිත පන්දුවාර 4 දී ලකුණු 22 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් දවා ගත්තේ, ග්‍රේස් ඉනිම අසීරුවේ හෙළූ ප්‍රධානම පන්දු යවන්නා බවට පත්වෙමිනි. ඔහුට අමතරව මතීෂ පතිරණ සහ මහීස් තීක්ෂණ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

තරගයේ වීරයා –  අසිත ප්‍රනාන්දු

ග්‍රේස් පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 120 යි – (අශාන් රන්දික 20, මුදිත ලක්ෂාන් 24, මොවින් සුබසිංහ 32, පුලින තරංග‌ (නොදැවී) 16, අසිත ප්‍රනාන්දු 22/4, මහීෂ් තීක්ෂණ 16/2, මතීෂ පතිරණ 16/2)

රෙඩ්ස් පන්දුවාර 16.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 121 යි – (ලසිත් කෲස්පුල්ලේ 54, කුසල් මෙන්ඩිස් 34, කමිඳු මෙන්ඩිස් 15, අකිල ධනංජය 36/2)

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee