slc
Home   |    News
සැප්තැම්බර් 2, 2022
තරිඳු, දුශාන් සහ විතූෂාන් පන්දුවෙන් දස්කම් දක්වති

sinhala editor

අන්තර් සමාජ තුන්  දින   ලීග්  ක්‍රිකට් තරගාවලියේ අද  (2)  ආරම්භ වු තරග  අතුරින්  කෝල්ට්ස්  සහ  මුවර්ස්  කණ්ඩායම්  ඉදිරියෙන් සිටීමට  සමත්විය

කෝල්ට්ස් –  සෙබස්ටියනයිට්ස් තරගයේදී කෝල්ට්ස්  කණ්ඩායමේ විෂාඩ් රන්දික නොදැවී ලකුණු 92 ක්  රැස්කළ   අතර   බී.ආර්. සී. – ගෝල් තරගයේදී    බී.ආර්.සී   කණ්ඩායමේ දුෂාන්  හේමන්ත   ලකුණු 65කට  කඩුලු 7ක්  දවා  පසුව  නොදැවී  ලකුණු  31 ක්  රැස් කරමින්   තුන්  ඉරියව්වේම  දස්කම්  දැක්වීය.

රාගම  –   කුරුණෑගල  යුත් තරගය   සවස තේ  පානයෙන්   පසුව  ඇරැඹුණු   අතර දිනය   නිමවනවිට   රාගම   කඩුලු  2 කට  ලකුණු  38 ක්  ලබා  සිටියේය. ක්‍රීඩාංගණයේ අයහපත් තත්වය මත   නිගම්බු   බ්ලුම්ෆීල්ඩ් තරගය  නොපැවැත්විණි.

මේ අතර අද පැවැති තරග වලදී මුවර්ස් කණ්ඩායමේ තීෂන් විතූෂාන්, (44/5), බී. ආර්. සී. පිලේ දුශාන් හේමන්ත (65/7) සහ සෙබස්තියනය්ට්ස් පිලේ තරිඳු රත්නායක (116/7) පන්දුවෙන් දස්කම් දැක්වූහ.

රාගම –  කුරුණෑගල යුත්

රාගම මුල් ඉනිම  කඩුලු 2ට  38 (පන්දුවාර 18 )(නුෂාල්  ධර්මරත්න 24, සකිදු  විජේරත්න 1/1)

ගෝල් බී.ආර්.සී

ගෝල් මුල් ඉනිම 178 (පන්දුවාර 56.2 යි)  – (යශෝධ ලංකා 42, කවිඳු එදිර්වීර 33, සුභානු රාජපක්ෂ 27, සජිත් ප්‍රියාන් 23, දුෂාන් හේමන්ත 65/7)

බී. ආර්.සී මුල් ඉනිම කඩුලු 3114 (පන්දුවාර 33යි) – (දුෂාන් හේමන්ත නොදැවී 31, ළහිරු සමරකෝන්   නොදැවී 30, දිලාන් ජහලත් 23, සුභානු රාජපක්ෂ 42/2)

චිලව් මේරියන්ස් නාවික හමුදාව

චිලව් මේරියන්ස් මුල් ඉනිම කඩුලු 6276 යි(පන්දුවාර 90 යි) – (පුලින තරංග නොදැවී 65, කසුන් විදුර 61, ගවුරව් ජතාර් 52, ඉරුෂික නිමිර 39, රවින් යසස්  නොදැවී 39, කසුන් ඒකනායක 49/2, ළහිරු ජයකොඩි 35/2)

කැන්ඩි කස්ටම්  මුවර්ස්

කැන්ඩි කස්ටම්  මුල් ඉනිම 116 (පන්දුවාර 43.4 යි) – රවීශ්මික මධුශංඛ නොදැවී 47, රුවින් ෆොන්සේකා  23, තීෂාන් විතුෂාන්  44/5,  චානුක දිල්ෂාන්  46 /3)

 මුවර්ස් මුල් ඉනිම කඩුලු 1142 (පන්දුවාර 46යි) – දිනුක දිල්ෂාන් නොදැවී 72, පබසර වඩුගේ  59,  මෙතුෂාන් තිළිණ 27/1)

යුදහමුදාව –   නුගේගොඩ

යුදහමුදාව මුල් ඉනිම   150 යි  (පන්දුවාර 65.2යි) – (ගිහාන් කෝරලගේ  37, ෂෙහාන් ප්‍රනාන්දු 28, පැතුම් බොතේජු 23, අරවින්ද ප්‍රේමරත්න 47/3,  සහන් නානායක්කාර 20/3)

නුගේගොඩ මුල්  ඉනිම  කඩුලු  3 ට  61 යි (පන්දුවාර 25 ) – (මුර්ටාසා  ට් රුක්වාල්  19,  රන්මිත  ලියනආරච්චි  නොදැවී 18, සෙහද  සොයිසා 14/1)

කෝල්ට්ස් සෙබස්ටියනයිට්ස්

කෝල්ට්ස්  මුල් ඉනිම  274 (පන්දුවාර 73.5යි) – (විෂාඩ් රන්දික නොදැවී 92, ධනංජය ලක්ෂාන් 41, සංගීත් කුරේ 28,  ෂාලින්  ද  මෙල් 27,  තරිදු රත්නායක 116/7) 

සෙබස්ටියනයිට්ස් මුල්  ඉනිම  කඩුලු 3 ට  49  ( පන්දුවාර 14 යි )  – ( සුරාබ් ඩුබේ 18,  සචාද  අල්විස්  16,  ධනංජය ලක්ෂාන් 12/1)

ඒස් කැපිටල්  –  ටැමිල් යුනියන් 

ඒස් කැපිටල්  මුල්  ඉනිම  151 (පන්දුවාර 55.4 යි ) – ( පමුද් හෙට්ටිවත්ත  69, සවිදු කොළඹගේ  නොදැවී  24,  කවිදු පතිරත්න  14/3,  දිල්රුවන්  පෙරේරා  44/3,  දිලුම්  සුධීර  57/2)

ටැමිල්  යුනියන් මුල්   ඉනිම  කඩුලු 394( පන්දුවාර 31 ) (රෝන් චන්ද්‍රගුප්ත  43,  සධීර  සමරවික්‍රම  26,  සිතුම්  දිසානායක 26/1)

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest