slc
logo
Home   |    News
ඔක්තෝබර් 31, 2022
තීරණාත්මක සිංහ – ඇෆ්ගන් සටනේ ලොකුම අභියෝගය ‘වැස්ස’

sinhala editor

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය ලෙසින් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය හෙට (නොවැම්බර් 01) දා ගැබා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 09.30 ට ආරම්භ වේ. 2016 කොල්කටා නුවරදී දෙපිළ මුණ ගැසීමෙන් අනතුරුව කණ්ඩායම් දෙක මුණ ගැහෙන පළමු තරගය බවට පත්වන මෙම තරගයේ ජය දෙපිළම ඉතාම තීරණාත්මක වනු ඇත.

නවසීලන්තයට සහ අයර්ලන්තයට එරෙහි තරග වර්ෂාව හේතුවෙන් අත හැර දැමීම නිසා පිරිනැමුණු ප්‍රසාද ලකුණු දෙක සමඟ ඇෆ්ගනිස්තානු කණ්ඩායම පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ අන්තිම කණ්ඩායම බවට පත්ව සිටියි. අයර්ලන්තයට එරෙහිව ලද තරග ජයත් සමඟග ලද ප්‍රසාද ලකුණු 2 ත් සමඟ ශ්‍රී ලංකාව එම සටහනේ පස්වැනි ස්ථානයේ රැඳී සිටිමින් හෙට තරගයට පිවිසෙති.

කණ්ඩායම් දෙකම මීට මාස එකහමාරකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මුණ ගැසුණු අතර එහිදී මූලික වටය ය‌ටතේ ශ්‍රී ලංකාව ලකුණු 105 කට සීමා කිරීමට ඇෆ්ගනිස්තානුවෝ සමත්වූහ. කෙසේ වෙතත් ශූරතාව දින ගැනීම වෙනුවෙන් ප්‍රධාන වටය යටතේ ලකුණු 176 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ එම තරගයේ ජය අතරකර ගනු ලැබුවේ ඇෆ්ගනිස්තානුවන්ම බිංදුවට ඇද දමමිනි.

මෙම තරගයේ ඇති සුවිශේෂී තාව වන්නේ පරාජය වන කණ්ඩායමට තරගාවලියේ ඉදිරිය පිළිබඳ සියලු බලාපොරොත්තු අහිමිවීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගය සහ ලබන 5 වැනිදා එංගලන්තය සමඟින් වන තරගය වැඩි ශුද්ධ ලකුණු වේගයක් සහිතව ජය ගැනීමට සමත් වුවහොත් ඔවුනට අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීමේ සියුම් අවස්ථාවක් තිබේ. නවසිලන්තයට එරෙහි තරගය ලකුනු 65 කින් රාජයට පත්වීමත් සමග මෙම තරගාවලියේ අවසන් මහ තරගය අවස්ථාව දිනා ගැනීම සඳහා වන පාලනය ගිලිහී යෑම කණගාටුදායකය.

කෙසේ වෙතත් තරගාවලියේ වැඩිම ලකුනු ලාභියා මෙන්ම කඩුලු ලාභියාද පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේය. කුසල් මෙන්ඩිස් වැඩිම ලකුණු ලාභියා බවට පත් වද්දී වනිඳු හසරංග වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. කණගාටුවට කරුණ වන්නේ මොවුන් දෙදෙනාම අවසන් තරග දෙකේදී සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත්වීමයි. කුසල් ලකුණු 180 ක් ලබා ගෙන සිටිද්දී වනිඳු කඩුලු 10 ක් දවා සිටින්නේය.

ගැබා ක්‍රීඩාංගණයේදී හෝබාර්ට් සහ පර්ත් ක්‍රීඩාංගණ වල මෙන්ම පන්දුවේ ඉපිලීම සහ දෝලනය සහිත තණතීරුවකි. පස්වරුවේ පැවැත්වෙන බැවින් ‌හෙට තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම ප්‍රතිශතයක් ගෙන ගත් විට 90% කි.

දෙරට අතර ඉතිහාසයේ මෙතෙක් අවස්ථා 3 කදී මුන ගැසී ඇතත් ඉන් තරග 2 ක් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ. පන්දු රැකීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන ලද දුර්වලතාව නොවන්නට මීට වඩා ඉදිරි ස්ථානයකට පැමිණීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට නිසැකයෙන්ම තිබිණ. ආසියානු ශූරයින් ලෙස ගොඩ නැගී තිබෙන අභිමානයට කිසියම් බලපෑමෙක් ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත තරග පරාජයන් පසු ශ්‍රී ලංකාව වෙත සිදුවූ නමුත් හෙට තරගය ජය ගත හොත් එය යළිත් යථා තත්ත්වයට පත්වීමේ වැඩි ප්‍රමාණතාවක් වතින්නේය.

ඇෆේගනිස්තානු පිලද සුලුවෙන් තැකිය නොහැකි කණ්ඩායමකි. ක්‍රීඩකයින්ගේ දක්ෂතා අතර ගත් විට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින්ට වඩා වැඩි අත්දැකීම් සම්භාරයක් ඔවුන්ව සතුව තිබෙයි. මෙහිදී ශ්‍රී ලංකානුවන් වග බලා ගත යුත්තේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම වේ.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest