slc
logo
Home   |    News
ඔක්තෝබර් 21, 2022
වනිඳුගේ පිබිදීම මාලිංගට සමාන බව මහේල කියයි

sinhala editor

ශ්‍රී ලංකා පිලේ තුරුම්ප්වක් බවට පත්ව ඇති තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හා එදා ශ්‍රී ලංකා පිල ඉහළට එසැවූ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් පිටියේ බොහෝ සමානකම් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන පවසයි. වනිඳු හසරංග තම දක්ෂතා වර්ධනය කරගන්නා ආකාරය ගැන බලවත් පැහැදීමකට ලක්ව සිටින මහේල ජයවර්ධන පවසන්නේ එය ලසිත් මාලිංග මුල් කාලයේදී නැගී ආ ආකාරයට ම සිදු වෙමින් පවතින බවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන්ද ක්‍රීඩා කරන හසරංග, පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ කඩුලු 16ක් ලබාගෙන ඉහළින්ම ප්‍රසිද්ධියට පත් විය.

මේ වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් ජයග්‍රහණයේදී පිත්තෙන් සහ පන්දුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරමින් ලොව තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක 4 දක්වා ඉහළට නැගීමට ද වනිඳු සමත් විය.

“වනිදු හසරංගයි ලසිත් මාලිංගයි දෙදෙනාම දකුණෙන් බිහිවුන ක්‍රීඩකයින්. මාලිංග  ගාල්ලේ. වනිදුට තරමක් ආසන්නයි, ඒ වගේම ඔවුන්ට සමාන හැසිරීම් තියෙනවා. ඔවුන් දෙන්නා එලියට ආපු ගමන් නිශ්ශබ්දව වෘත්තීය ක්‍රිකට් ජීවිතය පටන් ගත්තා. ක්‍රීඩා විවේකාගාරයේ ටිකෙන් ටික එයාලා ගොඩ නැගුණා. දෙදෙනාගේ ම කොණ්ඩ මෝස්තරත් වෙනස් වුණා. දෙන්නාම වෙනස් වෙනස් පච්ච කොටා ආකාර්ශනයට පත් වුණා. හසරංගගේ දියුණුව, ලසිත් ට ක්‍රිකට් පිටියේත් බෙහෙවින් සමානයි. වනිඳු ක්‍රීඩකයෙකු ලෙස පිබිදීම මම දකින්නේ ඒ විදිහටයි” මහේල ජයවර්ධන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සමාලෝචනයක දී පැවැසීය.

“වැදගත්ම දේ තමයි, ලසිත් වගේ වනිදු ක්‍රීඩා පිටියට පිවිසි පසු, ප්‍රතිවාදීන්ට එරෙහි නියම තරගකරුවෙකු වෙනවා. ඔවුන් දෙදෙනාම සටන්කාමියෝ. වනිදු ට ආදරය කරන විශේෂ දේ එයයි” මහේල පැවසීය.

ආසියානු කුසලානයේ දී, හසරංග දෙවැනි වැඩිම කඩුලු ලාභියා වූ අතර තරග 6කදී කඩුලු 9ක් හා ලකුණු 66ක් ද ලබා තරගාවලියේ වීරයා බවට පත්විය. පකිස්ථානයට එරෙහි අවසන් තරගයේ අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 21කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 36ක් වාර්තා කිරීම සහ ලකුණු 27කට කඩුලු 3ක් බිදහෙලීම කාගේත් සිත්ගත් අවස්ථා විය.

“පසුගිය මාස 12ක කාලය තුළ, වනිදු පන්දු යවන්නෙකු ලෙස පමණක් නොව පිතිකරුවෙකු ලෙස කෙතරම් පරිණතද යන්න හොදින් පෙන්නුම් කර තිබෙනවා. කණ්ඩායම දුෂ්කර අවස්ථාවවලට පත්වෙද්දී වනිදු පිටියට පැමිණ ලබා දුන් දායකත්වය අති විශාලයි” ජයවර්ධන පැවසීය.

“නමුත් කණ්ඩායමේ නායකයෙකු හෝ උප නායක වැනි වගකීම් සහගත තනතුරු ඔහුට නෑ.  ඒ සියලු තනතුරුවලට වඩා යොවුන් ක්‍රීඩකයන් උනන්දුවෙන් බලා සිටින නායකයෙකු බවට ඔහු නිතැතින්ම පත්ව සිටිනවා”

මහේල ජයවර්ධන මෙයට වසර කිහිපයකට පෙර හසරංගව හදුනාගත් ආකාරය ද සිහිපත් කළේය. ඔහු 19 හැවිරිදි වියේ සිට හඳුනන්නේ හසරංගගේ සොහොයුරා වූ හිටපු කණ්ඩායමේ සගයකු වූ චතුරංග ද සිල්වා මාර්ගයෙනි.

“අපි ක්‍රිකට් ගහද්දී එයාගේ අයියා අප සමග ක්‍රිකට් ගහනවා. ඒ වෙද්දී වනිඳු ගොඩක් වයසින් අඩුයි. අපි ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවතට යද්දී වනිදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරමින් හිටියා, ඒ සමගම ඔහු පළමු පෙළ ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. ඔහු විශේෂයෙන් සුදු පන්දු ක්‍රිකට් සඳහා හොද ආයෝජනයක් වුණා“ ජයවර්ධන සදහන් කළේය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar