slc
logo
Home   |    News
නොවැම්බර් 10, 2022
ඇෆ්ගනිස්තාන තරගාවලියේ තරග නිලධාරීන් නම් කෙරෙයි

sinhala editor

නොවැම්බර් මස අගදී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග නිලධාරීන් කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව දෙරට අතර තරගාවලියේ තරග තීරකවරයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඬුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ‌පැවැත්වෙන තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේදී විනිසුරුවරුන් ලෙසින් නම් කර ඇති සිවුදෙනාගෙන් නිටින් මෙනන් පමණක් එකම විදෙස් විනිසුරුවරයා ලෙසින් කටයුතු කරනු ඇත. මෙනන් මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උත්තරීතරම විනිසුරුවන් මඬුල්ලේද සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.  

ඔහුට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවන් වන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන ශ්‍රී ලාංකේය විනිසුරුවෝ කටයුතු කරනු ඇත. දෙරට අතර එක්දින තරගාවලිය මෙම මස 25, 27 සහ 29 යන දිනවලදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee