slc
Home   |    News
නොවැම්බර් 30, 2022
ඊබ්‍රහිම්ගේ වාර්තාගත ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 314 ක ඉලක්කයක්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ප්‍රතිවාදී රටක පිතිකරුවකු ශ්‍රී ලංකාවේදී ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සද්‍රාන් සමත්වීම නිසා පල්ලකැලේ ක්‍රීඩාංගණයේ අද (30 දා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ලකුණු 314 ක ඉලක්කයක් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලබා දීමට ඇෆ්ගනිස්තානු කණ්ඩායමට හැකියාව ලැබිණ.

පන්දු 137 කදී වාර්තා වුණු ඊබ්‍රහිම්ගේ ලකුණු 162 ක ඉනිම, ඇෆ්ගනිස්තානු පිතිකරුවකු එක්දින තරගයකදී වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. ඊබ්‍රහිම්ට පෙර එක්දින තරගයක වැඩිම ලකුණු ලාභියා වී ඇත්තේ මොහොමඩ් ෂොසාඩ් 2015 වසරේදී රැස් කරගෙන තිබූ ලකුණු 131 ක ඉනිම විය.

හයේ පහර 4 ක් සහ හතරේ පහර 15 කින් සිය ඉනිම වර්ණවත් කරගත් දකුණත් ආරම්භක පිතිකරුවා ඉනිමේ අවසන් පන්දුව තෙක්ම පන්දුවට පහර දීම නිසා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් රැස් කරන ලද තෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාවද අද දිනයේ වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානයට හැකියාව ලැබිණ. අසිත ප්‍රනාන්දු විසින් ක්‍රියාත්මක කරන ලද ඉනිමේ අවසන් පන්දුවේදී සද්‍රාන්ගේ ඉනිම නිමාවට පත් වන විට ඇෆ්ගනිස්තානු ලකුණු පුවරුව කඩුලු 8 ට ලකුණු 313 ක් ලෙසින් දිස්විය.

වසර 47 ක එක්දින තරග ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේදී මීට පෙර ප්‍රතිවාදී රටක පිතිකරුවකු රැස් කරගෙන සිටි ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 2009 වසරේදී ඉන්දීය පිතිකරු ගෞතම් ගාම්බීර් රැස් කර ඇති ලකුණු 150 වේ. පන්දු 147 කදී ගාම්බීර් එම දක්ෂතාවය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී රැස් කරගෙන තිබේ.

තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීද ලකුණු 105 ක් රැස් කර ගත් ඊබ්‍රහිම් අද රැස් කරන ලද්දේ මෙවර තරගාවලියේ ඔහු ලද දෙවැනි ශතකයට වේ. අද තරගය 8 වැනි එක්දින තරගය බවට පත් කරගත් ඇෆ්ගනිස්තානු ආරම්භක පිතිකරුවා මේ දක්වා රැස් කරගෙන සිටින ශතක සංඛ්‍යාව 3 කි.

පිට පිටම තෙවැනි වතාවටත් කාසියේ වාසිය අහිමිවීම නිසා පළමුව පන්දු යැවූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවාර 15 අවසන් වනවිට තරගයේ පාලනය නතු කරගෙන සිටියේ ලකුණු 57 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගනිමිනි. එ් වන විට විනය ගරුක පන්දු යැවීමක නිරත වුණු කසුන් රජිත පන්දුවාර 6 ක් ඇතුළත ලකුණු 2 ක් පමණක් ලබා දී කඩුලු 2 ක් දවාගෙන සිටිද්දී අසිත ප්‍රනාන්දු ක්‍රීයාත්මක කරන ලද පන්දුවාර 3 දී ලබා දී තිබුණේ ලකුණු 13 ක් පමණි. 21 වැනි පන්දුවාරය වෙද්දීත් ඔවුන් ලබාසිටියේ කඩුලු 3 කට ලකුණු 87 ක් පමණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය අධිපත්‍ය රඳවා ගැනීමට සමත් වද්දී කණ්ඩායමේ අනෙක් සද්‍රාන් වූ නජිබුල්ලා සමග එක්ව සංයමයකින් යුතුව කඩා වැටුණු ඇෆ්ගනි ඉනිම සෙමෙින් සෙමෙන් ගොඩනැංවූහ. සිව්වැනි කඩුල්ලේ පළමු ලකුණු 50 සදහා පන්දු 60 ක් වැය කළ සද්‍රාන් යුගල ලකුණු 100 සඳහා පන්දු 106 ක් වැය කළහ. එම සම්බන්ධතාව ක්‍රියාත්මක වන අතරතුරදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේද පාලනයක් නොමැති වීම සද්‍රාන් යුගලට සිත්සේ ලකුණු රැස් කිරීමට උත්පේරකයක් සැපයීය. ඉලක්කය වෙත පන්දුව පිරිනැමීමේදී එය අපේක්ෂිත ඉලක්කය වෙත නොගොස් හතරේ සීමාව කරා යෑම  ද (ඕවර් ත්‍රෝ) අද දිනයේදී ප්‍රතිවාදීන්ට හිමිවූ බෝනස් ලකුණු ලෙසින් සටහන් විය.

38 වැනි පන්දුවාරයේදී වනිදු හසරංග විසින් නජිබුල්ලාව දවා ගන්නා විටත් ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 154 ක සම්බන්ධතාවක් පවත්වමින් තරගයේ වාසිය ශ්‍රී ලංකාවෙන් ඈතට රැගෙන යෑමට සමත්වූහ.

කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට සද්‍රාන් යුගල සමත්වීම නිසා වේගයෙන් පන්දුවට පහර දෙන පන්දුවාර 40 සිට 50 දක්වා වූ සීමාවේදී රිසිසේ පන්දුවට පහර දීමට ඔවුනට අවස්ථාව උදාවිය. එයින් උපරිම ප්‍රයෝජනය ගත් ඊබ්‍රහිම් සහ සෙසු පිතිකරුවෝ අවසන් පන්දු වාර 10 දී ලකුණු 87 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරා ගත්හ. ඉන් ලකුණු 56 ක්ම ඊබ්‍රහිම්ගේ පිත්කෙන් වාර්තා වූ ලකුණුය. ඊබ්‍රහිම් ඇතුළු ඇෆ්ගන් පිතිකරුවන් මෙල්ල කිරීමට ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සහාය ලබා ගත්තද ධනංජය ද සිල්වා හැරුණු කොට සෙසු සියල්ලෝටම පන්දුවාරයකට ලකුණු 6 කට වඩා වැඩි සාමාන්‍යයක් රඳවා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ. පළමු පන්දුවාර 6 ලකුණු 22 කට සීමා කළද කසුන් රජිතගේ ඉතිරි පන්දුවාර 4 දී ලකුණු 38 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදීන් සමත්විය. ඔහුගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් සටහන් වද්දී වනිදු හසරංග කඩුලු 2 ක් ලබා ගත්තේ ලකුණු 67 ක් ලබා දීමෙනි.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest