slc
logo
Home   |    News
මැයි 9, 2025
හයවැනි යොවුන් එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණු බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (08 දා) පැවැති හයවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොර විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

දෙරට අතර පැවැති තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූ නමුත් දෙවැනි” තෙවැනි සහ සිව්වැනි තරග ජය ගනිමින් පෙරමුණ ගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත්විය. කෙසේ වෙතත් පස්වැනි තරගය ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්වීමත් සමඟ හය වැනි තරගයද ජය ගනිමින් තරගාවලිය සම කිරීමේ අවස්ථාවට හිමිව තිබිණ. එහෙත් අවාසනාවන්ත ලෙස හයවැනි තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තරගාවලිය සම කර ගැනීමට තිබූ අවස්ථාව අහිමිවිය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 39.1 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 188 ක් ලබා සිටියේය. ඉන් අනතුරුව වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය පැවැත්වීමට විනිසුරුවන්ට නොහැකි විය.

තරගාවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී තරගාවලියේ වීරයා ලෙසින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ සවාඩ් අබ්රාර් සම්මාන දිනාගත්තේය.

බංග්ලාදේශ යොවුන් පිල පන්දුවාර 39.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 188 යි – (කලාම් සිද්දික් 31, අසිසුල් කහීම් 94, රිසාන් හොසේන් 48*)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee