slc
logo
Home   |    News
නොවැම්බර් 8, 2022
ධනුෂ්කගේ සිද්ධියට දේශපාලන බලපෑම් තිබෙන බවට පැතිර යන රාවය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරයි

sinhala editor

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලකගේ නීතිමය වියදම් දැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ ප්‍රභූ දේශාපලඥයකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත උපදෙස් දුන්නේ යැයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදියකු කළ ට්විටර් සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ හෙලා දකිමින් ප්‍රතික්ෂේප කර සිටියි.

එම ට්විටර් පණිවිඩයේ සත්‍යතාවය තරයේ ප්‍රතික්ෂේප කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී තෙවැනි පාර්ශ්වයක බලපෑමක් කිසිදු ආකාරයකින් සිදුවී නොමැති බවද අවධාරණය කර සිටියි.

එබැවන් එම ට්විටර් පණිවිඩය පදනම් විරහිත වන අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හොඳ හිත සහ කීර්තියට හානි වන අයුරින් ද්වේෂසහගත චේතනාවෙන් සහ ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපය කෙරෙහි ජනතාව අතර වෛරය පැතිරවීමේ අරමුණ ඇතිව ලියා පළ කරන ලද්දක් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.

ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොන්සියුලර් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් පරිදි ගුණතිලක මහතාගේ නීත්‍යානුකූල අයතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබීම හැර තෙවැනි පාර්ශ්වයක මැදිහත් භාවයකින් තොරව මෙය වෘත්තීයමය වශයෙන් හසුරුවනු ලබන්නක් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

2021 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් මෙම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාට එරෙහිව අධිකරණයේ අපහාසාත්මක නඩුවක් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතරතුරදී එම මාධ්‍යවේදියා විසින් අදාළ ට්විටර් පණිවිඩය ප්‍රකාශයට පත් කර තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
  • සධීර, කුසල් සහ ධනංජයගෙන් කැපී පෙනන දස්කම්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) දිනයේ විශේෂ සිදුවීම් වූයේ ටැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස් තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ […]
USD United States (US) dollar

Pin It on Pinterest