ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් තරග වලින් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (11 දා) තීරණය කළේය.
තවද ඉහතින් සඳහන් වරද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විනය පරීක්ෂණයක් ද කඩිනමින් සිදු කිරීමට කටයුතු කරනු ඇත. තවද ඔස්ට්‍රේලියානු අධිකරණයේ නඩුවේදී ඔහු වරදකරු වුවහොත් දඬුවම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ඇත.
ඕනෑම ක්‍රීඩකයකු සිදුකරනු ලබන මෙවැනි හැසිරීමක් සඳහා කිසිදු සහනයක් ලබා නොදෙන බවත්, ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරනු ලබන ඔස්ට්‍රේලියානු බලධාරීන්ට අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කර සිටියි.