slc
logo
Home   |    News
නොවැම්බර් 6, 2022
වැරදිකරු වුණොත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ගුණතිලකට දැඩි පියවර

sinhala editor

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැනුම් දී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.  ඒ අනුව ගුණතිලකව හෙට එනම් නොවැම්බර් 07 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් එම දැනුම් දීමේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

අධිකරණයේ ක්‍රියා පාටි පාටීන් සිදුකරන අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමීපව නිරීක්ෂණය කරනු ලබන අතර එහිදී අන්තර්ජාතික ක්‍රිකට් සබාව සමග සාකච්ඡා කොට මේ සම්බන්ධව පූළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කර සිටියි. එහිදි ගණතිලක මේ සඳහා වැරදිකරුවකු වුවහොත් ඔහුට එරෙහිව දැඩි තීරණ ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සදහන් කර සිටිය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest