slc
Home   |    News
නොවැම්බර් 27, 2022
ශ්‍රී ලංකාව යළිත් කාසියේ වාසිය අහිමි කර ගනියි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවත්වනු ලබන එක්දින සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක කාසියේ වාසිය අහිමි කර ගත්තේය. පළමු තරගයේ පරිදිම කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තානු නායක හෂ්මතුල්ලා ශහිඩි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී දෙපිළම එකම වෙනස් කමක් හෝ සිදු නොකරමින් අවතීර්ණ වීම කැපී පෙනෙයි. ‌තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 60 ක ජයක් ලද ඇෆ්ගනිස්තානු පිලට තරගාවලිය ජය ගැනීමට අද තරගයේ ජය පමණක් පමාණවත් වද්දී තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුය.

තරගාවලි පරාජයෙන් බේරීමට අමතරව අද තරගයේ ජය ශ්‍රී ලංකාවට තවත් කරුණක් හේතුවෙන් වැදත් වේ. සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ තරග 5 ක් පමණක් බැවින් පළමු කණ්ඩායම් 8 දෙනා අතරට යෑමට නම් ඉතිරි තරග සියල්ලම ජය ගත යුතු වේ. එසේ නොවුණහොත් 2023 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගිවීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් තරග 19 කට ක්‍රීඩා කරමින් ජය ලබා ඇත්තේ තරග 6 ක් පමණි.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් මෙන්ඩිස්, 3. දිනේෂ් චන්දිමාල්, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. වනිදු හසරංග, 8. ධනංජය ලක්ෂාන්, 9. මහීෂ් තීක්ෂණ, 10. ළහිරු කුමාර, 11. කසුන් රාජිත.

ඇෆ්ගනිස්තානය – 1. රාමනුල්ලා ගුර්බාස්, 2. ඊබ්‍රහිම් සද්‍රාන්, 3. රහමට් ෂා, 4. හෂ්මතුල්ලා ශහිදි (නායක), 5. නජිබල්ලා සද්‍රාන්, 6. මොහොමඩ් නබි, 7. ගුල්බදින් නයිබ්, 8. රශීඩ් ඛාන්, 9. මුජීබ් උර් රෙහ්මාන්, 10. ෆසාලහක් ෆරූකි, 11. යමින් අහමද්සායි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest