slc
Home   |    News
ජනවාරි 15, 2023
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්

sinhala editor

විරාත් කෝලිගේ නොබිඳුණු ලකුණු 166 ත් ශුබ්මන් ගිල්ගේ ලකුණු 116 ක ශතක  හේතුවෙන් තිරුවනාතපුරම්හි අද (15 දා) පැවැති තෙවැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 317  ක වාර්තා ග ජයක් වාර්තා කිරීමට රෝහිත් ෂර්මා ප්‍රමුඛ ඉන්දියානුවන්ට හැකිවිය. කණ්ඩායමක් අත්කරගත් දැවැන්තම තරග ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දියානුවෝ සමත්වූහ.

මීට පෙර එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ලබා තිබෙන දැවැන්තම තරග ජයග්‍රහණය ලෙස සටහන් වූයේ 2008 වසරේදී අයර්ලන්ත පිලට එරෙහිව නවසීලන්ත කණ්ඩායම ජය ගත් ලකුණු 290 විය. ඒ අනුව ලකුනු 300 කට වඩා වැඩි අගයකින් කණ්ඩායමක් පරාජයට පත්වූ පළමු රට බවටද ශ්‍රී ලංකාව අද පත්වූවේය.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී ගත හැකි කිසිවක් නොවීය. නුවනිඳු ප්‍රනාන්දු (19) සහ දසුන් ශානක (11) ද්විත්ව ලකුණු සංඛ්‍යාවන් වාර්තා කළ පිතිකරුවෝ දෙදෙනා වූහ. ශ්‍රී ලංකාව පිල මෙල්ල කිරීම සඳහා ඉන්දියානු නායකයාට භාවිතා කිරීමට අවශ්‍ය වූයේ පන්දු යවන්නන් සිවුදෙනෙකු පමණි.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ඉන්දියානුවෝ නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 5 කට ලකුණු 390 ක් තරම් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැංවූහ. ශ්‍රී ලංකාවේ ප්‍රධානම‌ වේග පන්දු යවන්නන් වුණු ළහිරු කුමාර සහ කසුන් රජිතගේ පන්දුවාර 10 දී උදුරා ගන්නා ලද ලකුණු 168 ත් සමඟ ශ්‍රී ලංකා  පන්දු යවන්නන්ට සිත් සේ ඉන්දියානුවන් බැට දෙද්දී තරමක් හෝ පාලනයකින් යුතුව පන්දු යැවීිමට සමත් වූයේ වනිඳු හසරංග පමණි. ඔයු තම පන්දුවාර 10 ලකුනු 54 කට සීමා කරගත්තේය.  

ඉන්දීය බල ඇණිය මෙල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සහයෝගය ලබා ගත්තද ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් විය.  ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී විරාට් කෝලි එල්ල කරන ලද පහරක් හතරේ සීමාව වෙත ඇදී යද්දී එය නැවතීමට ගත් උත්සාහයේදී අෂේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩර්සි එකිනෙකා ගැටිණ. එම අවස්ථාවේදී ඔවුන් දෙපළ ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන ගියේ ‘ගිලන් මැස්සක’ ආධාරයෙනි. මෙම තත්ත්වය කම්පන තත්ත්වයක් ලෙස සැලකිල්ලට ගනිමින් වැන්ඩර්සි වෙනුවට ‘කොන්කෂන්’ ක්‍රීඩකයා ලෙසින් දුනීත් වෙල්ලාලගේට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා විය. එහෙත් ඔහුටත් අද දිනයේ ලබා ගැනීමට ඉන්දියානුවෝ අවසර ලබා දුන්නේ එක් ලකුණු 03 ක් පමණි.

තුවාල ලැබූ අනෙක් ක්‍රීඩකයා වුණු ෂේන් බණ්ඩාර පන්දුවට පහර දීමට සූදානමින් සිටියද ඒ වන විටත් අවශ්‍ය ඉලක්කය පන්දු වාර 28 කදී ලකුනු 317 ක් වූයෙන් ඔහු පන්දුවට පහර දීමට පැමිණීමෙන් වැළකී සිටියේය. ඒ සමඟම ශ්‍රී ලංකා පිල පන්දුවාර 22 කදී ලකුණු 73 කට සීමා කිරීමට මොහොමඩ් සිරාජ් ප්‍රමුඛ ඉන්දීය පන්දු බල ඇණිය සමත්වූහ. වැඩිම කඩුලු ලාභියා වූ සිරාජ් කඩුලු 4 ක් දවා ගනිද්දී ශාමි සහ යාදව් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

මෙය ශ්‍රී ලාංකේය එක්දින තරග ඉතිහාසයේ ලබා ගත් සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මීට පෙර දකුනු අප්‍රිකාව හමුවේ ලකුනු 43 කට දැවී යෑම ශ්‍රී ලංකාව ලද අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත් වද්දී 1986 දී ලකුණු 55 කටද සහ 2014 දී ලකුණු 67 කට දැවී ගොස් තිබේ.

නායක ෂර්මා (42) සහ ශුබ්මන් ගිල් අතර ගොඩ නැංවුණු ලකුණු 95 ක පළමු කඩුල්ලේ සාර්ථක සම්බන්ධතාවත් සමඟ ගොඩනැංවුණු ඉන්දීය ඉනිමේදී ගිල් සිය එක්දින තරග දිවයේ දෙවැනිද කෝලි සිය දිවියේ 46 වැනිද ශතක වාර්තා කළහ. මුලු ලකුණු සංඛ්‍යාව 226 දී ගිල් පිටියෙන් ඉවතට යද්දී කෝලි සමග ලකුණු 131 ක සම්බන්ධතාවක්ද අය්යර් සහ කෝලි අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් 108 ක සම්බන්ධතාවක් පවත්වීමට දායකත්වය දැක්වූහ.

ඉන්දීය ඉනිම නිමා වන විට සිය අන්තය ආරක්ෂා කර ගත් විරාට් කෝලි පන්දු 116 කදී ලකුණු 166 ක් ලබා සිටියේ තම ඉනිමට හතරේ පහර 13 ක් සහ හයේ පහර 8 ක් ඇතුළත් කරමිනි. ‌ඔහුගේ ඉනිමෙන් ලකුණු 84 ක්ම අවසන් පන්දුවාර 10 දී රැස් කරගන්නා ලද ලකුණු විය. ඉන්දීය පිල අවසන් පන්දුවාර 10 දී ලකුණු 116 ක් උදුරා ගැනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් සමත් වද්දී ඉන් 84 ක්ම කෝලිගේ පිත්තෙන් වාර්තාවීම කැපී පෙනෙයි.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest