slc
logo
Home   |    News
ජනවාරි 29, 2023
කඩුලු 5 ක ජයක් සමගින් දඹුල්ල කරළියට

sinhala editor

නැෂනල් සුපර් ලීග් සමාරම්භක සතියේදී අන්ත පරාජයකට මුහුණ දුන්නද යලිත් දස්කම් අතර පිවිසි දඹුල්ල කණ්ඩායම කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති දෙවැනි සිව්දින තරගයේදී ජැෆ්නා පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පළමු ජය අද (29 දා) පෙරවරුවේදී වාර්තා කරගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 199 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායමට සිව්වැනි දිනදී අවශ්‍ය වූයේ කඩුලු 6 ක් ඇතුළත ලකුණු 45 ක් වන අතර එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට දඹුල්ල පිතිකරුවෝ සමත්වූහ.

දිනය ආරම්භයේදී අශාන් ප්‍රියන්ජන් ලකුණු 12 කට දැවී ගියත් සනෝජ් දර්ශික ලකුණු 60 ක් සහ රනිත ලියනාරච්චි ලකුණු 10 ක් වශයෙන් දඹුල්ල පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. රනිතට අමතරව දඹුල්ල දෙවැනි ඉනිම වෙනුවෙන් පළමු ඉනිමේ අර්ධ ශතකයක් වාර්තා කළ මිනෝද් භානුක යළිත් සාර්ථක වෙමින් ලකුණු 55 ක් ලබා ගත්තේය.

යාපනය කණ්ඩායම පළමු ඉනිම ලකුණු 62 කට දැවී ගියද දෙවැනි ඉනිමේදී සටන්කාමී පිතිහරඹයක නියැළෙමින් ලකුණු 349 ක් රැස් කර ගැනීමට සමත්විය. ඒ වෙනුවෙන් පිතිකරුවන් තිදෙනෙකු අර්ධ ශතක වාර්තා කළ අතර නවෝද් පරණවිතාන (64), රොන් චන්ද්‍රගුප්ත (57) සහ රවිදු ප්‍රනාන්දු (64) එම පිතිකරුවෝ වූහ.

ජැෆ්නා කණ්ඩායමට මෙම තරගයේදී සිදුවූ දැවැන්තම පාඩුව බවට පත්වූයේ පළමු ඉනිම ලකුනු 62 කට සීමාවීමය. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු විශ්ව ප්‍රනාන්දු ලකුණු 14කට කඩුලු 5 ක්ද අසිත ප්‍රනාන්දු ලකුණු 24 කට කඩුල 4 ක්ද දවාලමින් පන්දුවෙන් කැපී පෙනිණ. දෙවැනි ඉනිමේදීද සාර්ථක වුණු අසිත ප්‍රනාන්දු ලකුණු 64කට කඩුලු 3 ක් දවාලීය.

ජැෆ්නා පළමු ඉනිම 62 යි – (කසුන් අබේරත්න 16, ළහිරු මදුශංක 10, රවිදු ප්‍රනාන්ද 13, විශ්ව ප්‍රනාන්දු 14/5, අසිත ප්‍රනාන්දු 24/4) සහ දෙවැනි ඉනිම 349 යි – (රොන් චන්ද්‍රගුප්ත 67, නවෝද් පරණවිතාන 64, සුඛිත මනෝජ් 15, මාධව වර්ණපුර 46, ළහිරු මදුශංක 18, රවිදු ප්‍රනාන්දු 64, නිපුන් මාලිංග 38, අසිත ප්‍රනාන්දු 64/3, අශාන් ප්‍රියන්ජන් 76/2, දුවිදු තිලකරත්න 72/3)

දඹුල්ල පළමු ඉනිම 349 යි – (මිනෝද් භානුක 67, නිමේෂ් ගුණසිංහ 10, රනිත ලියනආරච්චි 51, සනෝජ් දර්ශික 18, විශ්ව පුනාන්ද 25*, යසිරු රුද්‍රිගෝ 52/3, නිපුන් මාලිංග 39/2, එෂාන් මාලිංග 39/2, දිලුම් සුධීර 18/2) සහ දෙවැනි ඉනිම කඩුලු 5 ට ලකුණු 204 යි – (ඩිලාන් ජයලත් 34, මාධව වර්ණපුර 46, මිනෝද් භානුක 55, අශාන් ප්‍රියන්ජජන් 12, සනෝජ් දර්ශික ‌60*, රනිත ලියනාරච්චි 10*, නිමේෂ් ගුණසිංහ 11, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, රවිදු ප්‍රනාන්දු 73/2, දිලුම් සුදීර 56/2)

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar