slc
Home   |    News
ජනවාරි 3, 2023
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යවයි

sinhala editor

තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරග‌ය බවට පත්ව තිබෙන මුම්බායිහි වැන්කඩේ ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්වූවේය. වැන්කඩේ තණතීරුවේ ඇතිවන පිණි සහිත තත්ත්වය නිසා පළමුව පන්දු යැවීම වඩාත් යෝග්‍ය බවට පත්ව තිබෙන හෙයින් ශ්‍රී ලංකා නායකයාගේ තීරණය වී ඇත්තේ පළමුව පන්දු යැවීමය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනකු ලෙසින් කසුන් රාජිත සහ වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකව කැඳවමින් අවතීර්ණව සිටින අතර අතිරේකව චාමික කරුණාරත්නත්, දසුන් ශානකත් වේග පන්දුවට පණ පෙවීිමට සූදානම් ස්වරූපයෙන් සිටිති. ඩිල්ෂාන් මදුශංක ඉකුත්දා පැවැති ආසියානු කුසලාන තරගාවලියෙන් පසු ආබාධයකට මුහුණ දුන් බැවින් ඔහුට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය.

සුපුරුදු පරිදි දඟ පන්දු යැවීමේ වැඩි බරක් වනිඳු හසරංග වෙත පැටවී තිබෙද්දීී, එය දෙගුණ තෙගුණ වී ඇත්තේ ඔහු මෙම තරගාවලියේදී පළමු වතාවට උප නායකයා ලෙසද කටයුතු කිරීම නිසාය. ඔහුගේ සහායට මහීෂ් තීක්ෂණ සිටින අතර ඊට අමතරව ධනංජය ද සිල්වා මෙන්ම චරිත් අසලංකද ද අවශ්‍ය වුවහොත් දඟ පන්දුවෙන් සහාය දීම සඳහා අමතරව කණ්ඩායමේ පසුවෙති.

නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම අද තරගයේදී ක්‍රීඩකයින් දෙදෙනකුට මංගල විස්සයි-20 තරග වරම් ලබාදීම කැපි පෙනෙයි. මෙහිදී ශිවම් මාවී සහ ශුභමන් ගිල්ව අවසන් 11 දෙනා අතරට කැඳවීමට පියවර ගත් බව කාසියේ වාසියේදී ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා සඳහන් කර සිටියේය.

පළමු වතාවට ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත් පාණ්ඩ්‍යායද කාසියේ වාසිය ජයග්‍රහණය කළේ නම් පන්දුව යැවීමට කැමැත්තෙන් පසුවූ බව සඳහන් කර සිටියේය. මෙහිදි ඔවුන් සතු වමත් වේග පන්දු යවන්නා වුනු අර්ශ්දීප් සිං අද තරගයට නම් නොකර තිබෙන අතර ඒ වෙනුවට ශිවාම් මාවිව කැදවා තිබේ.

ශ්‍රී ලංකාව – පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිදු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මදුශංක, කසුන් රජිත.

ඉන්දියාව – ඉෂාන් කිෂාන්, ශුබ්මන් ගිල්, සූර්යකුමාර් යාදව්, සංජු සැම්සන්, හර්දික් පාණ්ඩ්‍යා (නායක), දීපක් හූඩා, අක්සාර් පටෙල්, හර්ෂල් පටෙල්, ශිවම් මාවි, උමරන් මලික්, යුස්වේන්ද්‍ර චෙහල්.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest