slc
logo
Home   |    News
ජනවාරි 5, 2023
තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවට  පහර දෙයි

sinhala editor

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදි දෙපිළ මුණ ගැසෙන දෙවැනි තරගය වන පුනේහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක පිලේ නායක හර්දික් පාණ්ඩ්‍යා පලමුව පන්දුවට පහර දීම සඳහා සංචාරක ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියේය.

අද තරගය පැවැත්වෙන පුනේ ක්‍රීඩාංගණයේදී ඉන්දියාව මුණ ගැසුණු අවසන් වතාවේදී ශ්‍රී ලංකාවට ඇත්තේ සුන්දර මතකයකි. ඒ රෝහිත් ෂර්මා, ශිකර් ධවාන්, අජින්ක්‍යා රහනේ, ‌සුරේෂ් රයිනා, යුවරාජ් සිං, මහේන්ද්‍ර සිංහ දෝනි, වැනි පිතිකරණයේ පතාකයන් සිටි කණ්ඩායමක් ලකුණු 101 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වීමය. 2016 වසරේ පැවැති මෙම තරගයේදී කැපී පෙනෙන පන්දු යැවිමක නිරත වුණු දසුන් ශානක සහ කසුන් රජිත කඩුලු 3 බැගින් දිනා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක ජයග්‍රහණයක් කරා රැගෙන යෑමේ පෙරමුණ ගත්හ.

දෙපිළම කරට කරට කර තරග වැදුණු පළමු තරගයෙන් ලකුණු 02 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වීම නිසා ඔවුන් තරගාවලිය ජය ගැනීමට අද තරගයේ ජය පමණක් ප්‍රමාණවත් වේ. එබැවින් තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට නම් ශ්‍රී ලංකා පිලට අද තරගයේ ජය අනිවාර්යය වනු ඇත.

පුනේ තණතීරුව යනු පිතිකරුවන්ට වාසිදායක එකක් ලෙසින් සැලකේ. එහෙත් එහි හතරේ සීමාව පළමු තරගය පැවැති වන්කඩේ තණතීරුව මෙන් ළඟින් පිහිටා නොමැති නිසා දැවැන්ත පහර එල්ල කිරීමේදී පිතිකරුවන් කල්පනා කාරී විය යුතුය. මෙම ක්‍රීඩාංගණයේදී පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමක් ජය ගැනීමට නම් අවම වශයෙන් ලකුණු 185 කට වැඩිය එහා ඉලක්කයක් ලබා ගත යුතු බව විස්තර විචාරකයින්ගේ මතය වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ පළමු තරගයට සහබාගිවූ 11 දෙනාගේ කිසිදු වෙනසක් නොකරමින් වුවද ඉන්දීය කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදුකරමින් අවතීර්ණව සිටිති. ආබාධයකට ලක් වුණු සංජු සැම්සන් වෙනුවට රාහුල් ට්‍රීපාති සහ හර්ෂල් පටෙල් වෙනුවට අර්ශ්දිප් සිං කැඳවා තිබේ.

අද තරගය ශ්‍රී ලංකා නායක දසුන් ශානකට විශේෂ තරගයක් වන්නේ මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි-20 තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග (තරග 84) ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව සම කිරීමේ අවස්ථාව උදාවීමය.

ශ්‍රී ලංකාව – පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, කසුන් රජිත, ඩිල්ෂාන් මදුශංක.

ඉන්දියාව – ඉෂාන් කිෂාන්, සුබ්මන් ගිල්, සූර්යකුමාර් යාදව්, රාහුල් ටි්‍රපාති, දීපාක් හූඩා, හර්දික් පාණ්ඩ්‍ය, අක්සාර් පටෙල්, උම්රන් මලික්, හිවම් මාවි, යුස්වේන්ද්‍ර චෙහල්, අර්ශ්දීප් සිං.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee