slc
Home   |    News
ජනවාරි 5, 2023
දසුන් ශානක අද තරගයේදී ලසිත් මාලිංගව සම කරයි

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ සහභාගිවන දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගය අද (05 දා) ප.ව. 7.00 සිට පුනේහිදී පැවැත්වේ. ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක අද තරගයට සහභාගිවීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වැඩිම විස්සයි-20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට සහභාගිව සිටින හිටපු නායක ලසිත් මාලිංගගේ තරග සංඛ්‍යාව සම කරනු ඇත.

2014 වසරේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා දීමට සමත් නායකයා ලෙසින් ඉතිහාසයේ නම රන් අකුරින් ලියවා ගෙන සිටින ලසිත් මාලිංග, විස්සයි-20 තරග දිවියට සමු දීමට පෙර තරග 84 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. විස්සයි-20 ජාත්‍යන්තර තරග වලදී වාර්තාවන් රැසකට හිමිකම් කියා ඇති දකුණත් වේග පන්දු යවන්නා බිද හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 107 කි. ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස 2019 වසරේ නවසීලන්තයට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 06 ට දවා ගන්නා ලද කඩුලු 5 සටහන් වන මාලිංගගේ තරග දිවියේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.79 ක් ලෙස සටහන් වේ.

වර්තමාන විස්සයි-20 සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන දසුන් ශානක 2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග 83 කට ක්‍රීඩා කර තිබේ. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන දසුන් පිත්තෙන් ලකුණු 1249 ක්සහ පන්දු යැවීමෙන් කඩුලු 21 ක් බිද හෙළීමට සමත්ව සිටින්නේය. මෑත කාලයේ සුදු පන්දු තරග සඳහා පත් කරන ලද නායකයන් අතර ඉදරියෙන්ම සිටින නායකයා වන්නේ දසුන් ශානක වන අතර ඔහුගේ නායකත්වය යටතේ අවසන් වරට පැවැති ආසියානු කුසලාන ශූරතාව මෙන්ම තවත් කැපී පෙනෙන ජයග්‍රහණය රැසක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest