slc
Home   |    News
ජනවාරි 11, 2023
නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය 19 දා ඇරඹෙයි

sinhala editor

මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරග අංශය ‌ජනවාරි මස 19 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. මෙවර තරගාවලිය කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මාර්තු 05 වැනිදායින් අවසන් වීමට නියමිතය.

කලම්බු, කැන්ඩි, ගෝල්, දඹුල්ල සහ ජැෆ්නා යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ ලීග් වටය අවසානයේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 4 අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබති.

මෙවර තරගාවලිය ක්‍රීඩාංගණ 6 ක පැවැත්වීමට කටයුතු යොදා තිබේ, එස්.එස්.සී., ආර්. ප්‍රේමදාස, පී. සරා, පල්ලකැලේ, රංගිරි දඹුල්ල, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ ගාල්ල ජාත්‍යන්තර යන ක්‍රීඩාංගණවදී තරග පැවැත්වේ. තරගාවලියේ අවසන් මහ තරගය මාර්තු 02 වැනිදා සිට 05 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වතාවට වන අතර අභිනව තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කැන්ඩි පිල දිනා ගැනීමට සමත්විය. ජැෆ්නා පිලට එරෙහිව පැවැති තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කළ කැන්ඩි ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 50 ක ජය මල්ලකටද හිමිකම් කීය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest