slc
Home   |    News
පෙබරවාරි 11, 2023
කැන්ඩි – ජැෆ්නා තරගයේ ජය දෙපිලටම විවෘතයි

sinhala editor

ජැෆ්නා පිලට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 107ක් රැස්කළ කැන්ඩි පිලේ අහන් වික්‍රමසිංහ දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් ලබා කඩුල්ලේ රැදී සිටින හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය (10 වැනිදා) නිමා වෙද්දී කැන්ඩි පිල තවත් කඩුලු 4ක් අතැතිව දෙවැනි ඉනිමේ ලකුණු 192කින් ඉදිරියෙන් සිටී. තවත් දින දෙකක් ඉතිරිව පවතින මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලටම විවෘතව පවතින තත්ත්වයක් මේ අනුව උදාවී තිබේ.

කැන්ඩි පිල සිය පළමු ඉනිමට ලකුණු 265ක් ලබාගත් අතර, ජැෆ්නා පිලේ ජනිත් ලියනගේ හයේ පහරක් හා හතරේ පහර 16ක් සමග එල්ල කළ ලකුණු 129ත් සමග ජැෆ්නා පළමු ඉනිමේ ලකුණු පුවරුව 245ක් විය. ජැෆ්නා පිතිකරුවන් 6ක්ම ලකුණු 10ට අඩුවෙන් දැවී යද්දී ජනිත් ලියනගේ එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් අතර, නවෝද් පරණවිතාන ලකණු 45ක් එක් කළේය. කසුන් විදුර හා සදුන් වීරක්කොඩි ලකුණු පුවරුව 56 වෙද්දී පිට පිට දවා ගැනීමට කැන්ඩි පිල සමත් වුවද, අනතුරුව ඔෂධ ප්‍රනාන්දු හා නිරෝෂන් දික්වැල්ල එක්ව 5වැනි කඩුල්ලට ලකුණු 36ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.

කොළඹ එස්. එස්. සී පිටියේ පැවැත්වෙන ජැෆ්නා හා කැන්ඩි අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා පිලේ ආරාධනාව අනුව මුලින් කැන්ඩි පිල පන්දුවට පහර දුන් අතර පළමු ඉනිමේ ලකුණු පරතරය අනුව ලකුණු 20කින් කැන්ඩි ඉදිරියෙන් සිටියේය.

ඊයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කැන්ඩි ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 172ක් ලබා සිටිති. අහන් වික්‍රමසිංහ පන්දු 59කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 51ක් රැස්කර සිටින අතර, ඔහු මෙම තරගාවලියේ මේ වනවිට අර්ධ ශතකයක් හා ශතක දෙකක් රැස්කරගෙන සිටී.

කැන්ඩි – පළමු ඉනිමට ලකුණු 265යි (ඕවර් 66.1)  – (කසුන් විදුර 13, ඹෂධ ප්‍රනාන්දු 33, සදුන් වීරක්කොඩි 36, නිරෝෂන් දික්වැල්ල 21, අහන් වික්‍රමසිංහ 101, වනුජ සහන් කුමාර 22, අම්ෂි ද සිල්වා 17, අශේන් ඩැනියෙල් 11 ( ෂශික දිල්ෂාන් 70/ 4, බිනුර ප්‍රනාන්දු 34/3, රවිදු ප්‍රනාන්දු 55/2, ළහිරු මධුසංඛ 42/1)

ජැෆ්නා – පළමු ඉනිමට ලකුණු 245යි (ඕවර් 65.1)  – (නවෝද් පරණවිතාන 45, ජනිත් ලියනගේ 129, ෂසික දුල්ෂාන් 15, ධනංජය ද සිල්වා 12, රවිදු ප්‍රනාන්දු 12 (ළහිරු කුමාර 52/3, අම්ෂි ද සිල්වා 60/2, වනුජ සහන් 50/3, නිම්සර අතරගල්ල 39/1)

කැන්ඩි – දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 172යි (ඕවර් 43)  – (කසුන් විදුර 29, තනුක දාබරේ 21, ඔෂධ ප්‍රනාන්දු 27, නිරෝෂන් දික්වැල්ල 25, අහන් වික්‍රමසිංහ නොදැවී 51, වනුජ සහන් කුමාර 12 ( ෂශික දිල්ෂාන් 53/ 4, බිනුර ප්‍රනාන්දු 17/1, ධනංජය ද සිල්වා 26/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest