slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2023
ඉන්දියාව දවාලූ ශ්‍රී ලංකාවේ ලෝක වාර්තාව තවත් ඉහළට

sinhala editor

එක්දින තරග අංශයේදී පිට පිට තරග 13 කදී ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු සියල්ලම දවාලමින් ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබෙන ලෝක වාර්තාව අද දිනයේදී තවත් එකකින් දිගු  කර ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ් ආසියානු ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් සියල්ලම දවා ගනිමිනි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් පන්දුවාර 49.1 කදී ඉන්දීය පිල ලකුණු 213 කට සීමා කිරීමට සමත්විය. ඒ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සතු ලෝක වාර්තාව වැළ තවත් ඒකකින් හෙවත් 14 ක් වශයෙන් දිගු කර ගැනීමට සමත්විය.

‍ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් ජුනි මස 04 වැනිදා ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමඟ හම්බන්තොටදී පැවැති තරගයේදී පළමු මෙම ලෝක වාර්තා වැලේ පළමු වැන්න සටහන් කර ගත්තේය. එම තරගයෙන් අනතුරුව මේ දක්වා ශ්‍රී ලංකා පිල සහභාගි වුණු තරග 14 දීම ප්‍රතිවාදී පිලේ කඩුලු 10 ම දවා ගැනීමට සමත්ව තිබේ.

පසුගිය ජුනි 4 වැනිදා හම්බන්තොට දී ඇෆ්ගනිත්නාය පරාය කරමින් ආරම්භ වුණු මෙම වාර්තා ජයගහණය වැලේ දී අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට ඉහළින් සිටින කණ්ඩායමකට එරෙහිව මෙම දක්ෂතාවය දක්වන ලද දෙවැනි අවස්ථාව ලෙසින් සටහන් විය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශ පිලට එරෙහිව ලාහෝර්හි පැවැති තරගයේදී බංග්ලාදේශ පිලේ කඩුලු 10 ම දවා ගැනීම ඉන් පළමුවැන්න විය.

මෙම වාර්තා රැල්ල ඉදිරියට රැගෙන යෑමේ පුරෝගාමියා බවට පත්වූයේ නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේය. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී වේගවත් ලකුණු 80 ක සම්බන්ධතාවත් පවත්වමින් සිටියදී පැමිණි දුනිත් වෙල්ලාලගේ ගිල්ගේ (19) කඩුල්ල දවා ගනිමින් ඉන්දීය ඉනිම අපහසුතාවයට පත් කළේය.

ඉන් නොනැවතුණු වේලාලගේ 35 වැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනාම දවා ලමින් පළමු වතාවට ඒක්දින තරගයකදී කඩුලු 5 කට හිමිකම් කීවේය. ඒම කඩුලු අතර විරාට් කෝලි (03), රෝහිත් ෂර්මා (53), ලෝකේෂ් රාහුල් (39), සහ ඉෂාන් කිෂාන් (33) කඩුලු ඇතුළත් වූහ. සුපිරි පන්දු යැවීමක නිරත වුණු වමත් දඟ පන්දු යවන්නාගේ පන්දුවාර 10 අවසන් වන විට පන්දු යැවීම සටහන් වූයේ නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 40 කට කඩුලු 5 ක් වශයෙනි.

අද තණතීරුව දඟ පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් ලබා දෙනු දැක ගත හැකි වූ අතර වෙල්ලාලගේට අමතරව සාර්ථක වුණු චරිත් අසලංක ලකුණු 18 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගත්තේ ඉන්දීය ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදෙමිනි. මෙම දක්ෂතාව වේලලාගේගේ සහ අසලංකගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින්ද සනිටුහන් විය.

ඉන්දියාව පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 213 යි – (රෝහිත් ෂර්මා 53, ශුබ්මන් ගිල් 19, විරාත් කෝලි 03, ඉෂාන් කිෂාන් 33, ‌ලෝකේෂ් රාහුල් 39, හර්දික් පාණ්ඩ්‍යා 05, රවීන්ද්‍ර ජඩේජා 04, අක්සාර් පටෙල් 26, ජස්ප්‍රිට් බුම්රා 05, කුල්දීප් යාදව් 00, මොහොමඩ් ශිරාජ් 05*, දුනිත් වේලලාලගේ 40/5, චරිත් අසලංක 18/4, මහීෂ් තීක්ෂණ 41/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee