slc
logo
Home   |    News
සැප්තැම්බර් 13, 2023
දුනිත්ගේ උත්සාහය අපතේ යයි – ඉන්දියාව අවසන් මහ සටනට

sinhala editor

ඉලක්කය ලකුණු 214 ක් වුවද දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා හැරුණු කොට සෙසු පිතිකරුවන්ගේ සේවය කණ්ඩායමට නොලැබී යෑම මත ඉන්දියාවට එරෙහිව පහසුම ජයග්‍රහණයක් වාර්තා කිරීමට තිබූ අවස්ථාව අද (12 දා) රාත්‍රියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහිණ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ ඇහිරූ කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ සහභාගිත්වයද තහවුරු කිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.3 කදී ලකුණු 172 කට සීමා කිරීමට ඉන්දීය පිල සමත්වීමත් සමඟ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 දක්වා ඉහල ගියේය. පාකිස්තානයට එරෙහි තරගයේදී ලකුණු 356 ක් වාර්තා කිරීමට ඉන්දීය පිළ සමත්වීමත් සමඟ ඔවුනගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය සෙසු කණ්ඩායම්වට වඩා ඉහළ ගොස් තිබේ.  ඒබැවින් ඉතිරි තරග වල ප්‍රතිඵලය කුමක් වුවත් ඉන්දීය කණ්ඩායම මේ වන විට අවසන් මහ තරගය වරම දිනා ගැනීමට සමත්ව සිටියි.

ලකුණු 214 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.3 කදී සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ අඛණ්ඩ ජයග්‍රහාහී රැල්ල 13 වැනි තරගයෙන් නිමාවට පත්විය. ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වද්දී 7 වැනි කඩුල්ලට ඒක් වුණු දුනිත් වේලලාලගේ සහ ධනංජය ද සිල්වා ලකුණු 63 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දීය කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් ලබා දුන්නේය. මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 6 කට ලකුණු 99 ක්  තිබියදී පිටියට ඒක් වුණු දුනිත් සහ ධනංජයගේ සම්බන්ධතාව රවීන්ද්‍ර ජඩේජා විසින් බිඳ දමද්දී අවසන් පිතිකරුවන් දෙදෙනා සමඟ වෙල්ලාලගේට කළ හැකි කිසිවක් නොවූයේ අවසන් කඩුලු 2 ම පන්දු 3 ක් ඇතුළත දැවී යෑම හේතුවෙනි. අනෙක් අන්තයේ හුදෙකලා වූ දුනිත් වෙල්ලාලගේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 46 කදී ලකුණ2 42 ක ලබා සිටියේය.

‌අද ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන ආ අඛණ්ඩ ජයග්‍රාහී රැල්ල නිමාවට පත්වූ නමුත්, ඒක්දින තරග 13 කදී ප්‍රතිවාදී කණඅඩායමේ කඩුලු සියල්ලම දවා ලමින් පවත්වාගෙන ආ ලෝක වාර්තාව තවදුරටත් අද දිනයේදී තවත් ඒක් ජයග්‍රහණයකින් දීර්ඝ කර ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ් ආසියානු ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් සියල්ලම දවා ගනිමිනි.

ප්‍රභල පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට ඒරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් පන්දුවාර 49.1 කදී ඉන්දීය පිල ලකුණු 213 කට සීමා කිරීමට සමත්විය. ඒ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සතු ලෝක වාර්තාව වැළ තවත් ඒකකින් හෙවත් 14 ක් වශයෙන් දිගු කර ගැනීමට සමත්විය.

‍ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් ජුනි මස 04 වැනිදා ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමඟ හම්බන්තොටදී පැවැති තරගයේදී පළමු මෙම ලෝක වාර්තා වැලේ පළමු වැන්න සටහන් කර ගත්තේය. එම තරගයෙන් අනතුරුව මේ දක්වා ශ්‍රී ලංකා පිල සහභාගි වුණු තරග 14 දීම ප්‍රතිවාදී පිලේ කඩුලු 10 ම දවා ගැනීමට සමත්ව තිබේ.

පසුගිය ජුනි 4 වැනිදා හම්බන්තොට දී ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් ආරම්භ වුණු මෙම වාර්තා ජයගහණය වැලේ දී අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට ඉහළින් සිටින කණ්ඩායමකට එරෙහිව මෙම දක්ෂතාවය දක්වන ලද දෙවැනි අවස්ථාව ලෙසින් සටහන් විය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශ පිලට එරෙහිව ලාහෝර්හි පැවැති තරගයේදී බංග්ලාදේශ පිලේ කඩුලු 10 ම දවා ගැනීම ඉන් පළමුවැන්න විය.

මෙම වාර්තා රැල්ල ඉදිරියට රැගෙන යෑමේ පුරෝගාමියා බවට පත්වූයේ නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේය. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී වේගවත් ලකුණු 80 ක සම්බන්ධතාවත් පවත්වමින් සිටියදී පැමිණි දුනිත් වෙල්ලාලගේ ගිල්ගේ (19) කඩුල්ල දවා ගනිමින් ඉන්දීය ඉනිම අපහසුතාවයට පත් කළේය.

ඉන් නොනැවතුණු වේලාලගේ 35 වැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනාම දවා ලමින් පළමු වතාවට ඒක්දින තරගයකදී කඩුලු 5 කට හිමිකම් කීවේය. ඒම කඩුලු අතර විරාට් කෝලි (03), රෝහිත් ෂර්මා (53), ලෝකේෂ් රාහුල් (39), සහ හර්දික් පාණ්ඩ්‍යා (05) කඩුලු ඇතුළත් වූහ. සුපිරි පන්දු යැවීමක නිරත වුණු වමත් දඟ පන්දු යවන්නාගේ පන්දුවාර 10 අවසන් වන විට පන්දු යැවීම සටහන් වූයේ නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 40 කට කඩුලු 5 ක් වශයෙනි. විශිෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඉන්දීය පිලට ඒරෙහිව තුන් ඉරියව්වෙන්ම දක්වන ලද දක්ෂතාව හේතුවෙන් මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද තරගයේ වීරයා සම්මානයෙන් දුනිත් වෙල්ලාලගේ පිදුම් ලැබීම විශේෂත්වයක් විය.

අද තණතීරුව දඟ පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් ලබා දෙනු දැක ගත හැකි වූ අතර වෙල්ලාලගේට අමතරව සාර්ථක වුණු චරිත් අසලංක ලකුණු 18 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගත්තේ ඉන්දීය ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදෙමිනි. මෙම දක්ෂතාව වේලලාගේගේ සහ අසලංකගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින්ද සනිටුහන් විය.

ඉන්දියාව පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 213 යි – (රෝහිත් ෂර්මා 53, ශුබ්මන් ගිල් 19, විරාත් කෝලි 03, ඉෂාන් කිෂාන් 33, ‌ලෝකේෂ් රාහුල් 39, හර්දික් පාණ්ඩ්‍යා 05, රවීන්ද්‍ර ජඩේජා 04, අක්සාර් පටෙල් 26, ජස්ප්‍රිට් බුම්රා 05, කුල්දීප් යාදව් 00, මොහොමඩ් ශිරාජ් 05*, දුනිත් වේලලාලගේ 40/5, චරිත් අසලංක 18/4, මහීෂ් තීක්ෂණ 41/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 41.3 කදී සියලු දෙනා දැවී ලකුණු 172 යි – (පැතුම් නිස්සංක 06, දිමුත් කරුණාරත්න 02, කුසල් මෙන්ඩිස් 15, සධීර සමරවික්‍රම 17, චරිත් අසලංක 22, ධනංජය ද සිල්වා 41, දසුන් ශානක 09, දුනිත් වෙල්ලාලගේ 42*, මහීෂ් තීක්ෂණ 02, කසුන් රජිත, මතීෂ පතිරණ 00, කුසල්දීප් යාදව් 43.4, රවීන්ද්‍ර ජඩේජා 33/2, ජස්ප්‍රිට් බුම්රා 30/2)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee