slc
logo
Home   |    News
ඔක්තෝබර් 10, 2023
මහීෂ් තීක්ෂණ කණ්ඩායමට – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනු ලබන දෙවැනි තරගය හෙවත් පාකිස්තානයට එරෙහි තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් අවතීර්ණව සිටියි.

දකුණු අප්‍රිකාව හමුවේ ලද ලකුණු 103 ක සටන්කාමී තරග පරාජයේදී ක්‍රීඩා කරන ලද 11 දෙනා අතරට ඇතුළත් වුණු වේග  පන්දු යවන කසුන් රජිතගේ ස්ථානය සඳහා දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණව කැඳවා තිබේ. පාකිස්තානු කණ්ඩායමද මීට පෙර නෙදර්ලන්තයට එරෙහි තරගයට ක්‍රීඩා කරමින් ලකුණු 81 ක ජයක් ලබා ගැනිමට සමත්ව සිටින නමුත්, ඔවුන්ද ජයග්‍රාහී සංයුතිය වෙනුවට තරගයට එක් වෙනස්කමක සිදුකරමින් අවතීර්ණව සිටියි. එහිදී පළමු තරගයට ක්‍රීඩා කරන ලද ෆහාර් සමාන් වෙනුවට අබ්දුල්ලා ෂෆීක් තරගයට කැඳවා තිබේ.

පාකිස්තානු කණ්ඩායම තරගාවලියට පෙර සහභාගිවුණු පුහුණු තරග 2 මෙන්ම නෙදර්ලන්තයට එරෙහි තරගයද ක්‍රීඩා කරන ලද්දේ අද තරගය පැවැත්වෙන රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී වන බැවින් ඔවුනට මෙහි පන්දුව හැසිරෙන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවට වඩා අත්දැකීම් තිබේ.

දෙරට අතර ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් අවස්ථා 7 කදී මුණ ගැසී තිබෙන නමුත් එම අවස්ථා 7 දීම ජය වාර්තා කර ගැනීමට පාකිස්තානු පිල සමත්ව සිටියි. එහෙත් මොවුන් අවසන් වතාවට මුණ ගැසුණු ආසියානු කුසලාන තරගාවලියේදී පාකිස්තානු පිල පරාජයට පත් කොට අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකාව – පැතුම් නිශ්ශංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ.

පාකිස්ථානය – අබ්දුල්ලා ෂෆීක්, ඉමාම් උල්-හක්, බබාර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, සවුද් ෂකීල්, ඉෆ්තිකාර් අහමඩ්, ෂඩාබ් ඛාන්, මොහොමඩ් නවාස්, ෂහීන් ෂා අෆ්රිඩි, හරිස් රවුෆ්, හසන් අලි

Active filters

Recent Posts

  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest