slc
logo
Home   |    News
ඔක්තෝබර් 10, 2023
ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 345 ක අභියෝගයක්

sinhala editor

By Chamila Karawita

කුසල් මෙන්ඩිස් විසින් වාර්තා කරන ලද ලකුණු 122 ක වාර්තා ගත ශතකයට අමතරව සධීර සමරවික්‍රම ද ශතකයක් රැස් කිරීමට පෙරමුණු කොට ගෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ හයිද්‍රාබාද් නුවරදි දැන් (10 දා) පැවැත්වෙන එක්දින තරගයේදී නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ට ලකුණු 344 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වලතාවය අද තරගයේදී නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේදී පහසුවෙන්ම ලකුණු 375 සීමාව පසුකිරීමට අවකාශ තිබිණ. මුහුණ දුන් 65 වැනි පන්දුවේදී ශතකය වාර්තා කරමින් ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් වාර්තා කරන ලද වේගවත්ම ශතක වාර්තාවට හිමිකම් කී කුසල් මෙන්ඩිස්ගෙන් පසු තරගය රැගෙන යෑමේ වගකීම භාර ගත් සධීර සමරවික්‍රම අද දිනයේදී සිය කුළුඳුල් එක්දින ශතකයට හිමිකම් කීවේය. පන්දු 89 කදී ලකුණු 108 ක් ලෙසින් වාර්තා වුණු සධීරගේ ඉනිම සඳහා ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් එල්ල කළේය. පන්දු යවන්නන්ට රිසිසේ පන්දුවට පහර එල්ල කළ දකුණත් පිතිකරුවා කුසල් මෙන්ඩිස් සමඟ ලකුණු 111 ක සම්බන්ධතාවක් එක් කිරීමට දායකත්වය දැක්වූවේය.

ආරම්භක පිතිකරුවා වූ කුසල් පෙරේරා පිට පිටම දෙවැනි වතාවටත් ලකුණු නොලබා දැවී යද්දී අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි කුසල්ට එක් වුණු පැතුම් නිස්සංක පන්දු 61 කදී ලකුණු 51 ක් ලබා ශ්‍රී ලංකා පිලේ අපහසුතාවය මඳකට දුරලීමට දායකත්වය දැක්වූවේය. අද දියේදී මොවුන් තිදෙනා එක්ව රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවත් ප්‍රතිවාදී පිලෙන් ලබා දුන් අතිරේක ලකුණු 14 ත් හැරුණු විට පන්දුවට පහර දීමට පැමිණි සෙසු පිතිකරුවන් 7 දෙනාම රැස් කිරීමට සමත්වූයේ ලකුණු 39 ක් පමණි. ඒ සඳහා ඔවුහු පන්දු 71 ක් වැය කර තිබුණහ.

ශ්‍රී ලංකා පිලට වැඩිම තර්ජනයක් එල්ල කළ පන්දු යවන්නා බවට පත් වුණු හසන් අලීගේ පන්දුවක් හයේ සීමාවට යැවූ කුසල් මෙන්ඩිස් ශතකය සම්පූර්ණ කරන ලද්දේ ලෝක කුසලාන තරගයකදී කුමාර් සංගක්කාරව සතුව තිබූ වේගවත්ම ශතකයේ වාර්තාව තම නම ඉදිරියෙන් ලියා ගනිමිනි. සංගක්කාර ඒ සඳහා පන්දු 70 ක් වැය කර තිබෙද්දී කුසල් මුහුණ දුන් 65 වැනි පන්දුවේදී එම දක්ෂතාව දැක්වූවේය ඒ සමඟම පන්දු 71 ක් තම ඉනිම සඳහා වැය කළ දකුණතු අංක 3 පිතිකරුවා ලබා ගත් ලකුණු 122 සදහා හයේ පහර 6 ක් සහ හතරේ පහර 16 ක් එල්ල කළේ විස්තර විචාරකයින්ගේ නොමද ගරුසරු මධ්‍යෙයේදීය.

අද මෙන්ඩිස් වාර්තා කරන ලද්දේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කරන ලද පළමු ශතකයයි මීට පෙර පාකිස්තානු පිලට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 1987 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී රොෂාන් මහානාම විසින් වාර්තා කරන ලද ලකුණු 89 ක ඉනිම විය.

එමෙන්ම එම ශතකය ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවකු රැස් කරන ලද වේගවත්ම ශතක අතර 6 වැන්න ලෙසින්ද සනිටුහන් විය. මීට පෙර ඒඩ්න් මාක්‍රම් (49), කෙවින් ඕබ්‍රියන් (50), ග්ලෙන් මැක්ස්වෙල් (51), ඒ.බී.ඩිවිලියර්ස් (52) සහ එයන් මෝගන් (57) පමණක් මෙන්ඩිස්ට ඉදිරියෙන් සිටින පිතිකරුවෝ වෙති.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව 4 6
පැතුම් නිස්සංක ඇ.අබ්දුල්ලා ශෆීක් ප.ශදාබ් ඛාන් 51 61 7 1
කුසල් පෙරේරා ඇ.මොහොමඩ් රිසාවාන් ප.හසන් අලී 0 4 0 0
කුසල් මෙන්ඩිස් ඇ.ඉමාම් උල්හක් ප.හසන් අලී 122 77 14 6
සධීර සමරවික්‍රම ඇ.මොහොමඩ් රිස්වාන් ප.හසන් අලී 108 89 11 2
චරිත් අසලංක ඇ.මොහොමඩ් රිස්වාන් ප.හසන් අලී 1 3 0 0
ධනංජය ද සිල්වා ඇ.ශහීන් අෆ්රිඩි ප.මොහොමඩ් රිස්වාන් 25 34 3 0
දසුන් ශානක ඇ.බාබර් අසාම් ප.ශහීන් අෆ්රිඩි 12 18 0 0
දුනිත් වෙල්ලාලගේ ඇ.අබ්දුල්ලා ශෆීක් ප.හැරිස් රාවුෆ් 10 8 1 0
මහීෂ් තීක්ෂණ   ප.හැරිස් රාවුෆ් 0 4 0 0
මතීෂ පතිරණ නොදැවී   1 3 0 0
අතිරේක 14  
එකතුව පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 344
කඩුලු වැටීම / 1-05 (කුසල් පෙරේරා 1.4), 2-107 (පැතුම් 17.2), 3-218 (කුසල් මේඩිස් 28.5), 4-229 (අසලංක 30.1), 5-294 (ධනංජය 41.1), 6-324 (දසුන් 46.3), 7-335 (සධීර 47.6), 8-343 (මහීෂ් 49.2), 9-344 (වෙල්ලාලගේ 49.6)
පන්දු යැවීම
ශහීන් අෆ්රිඩි 9-0-66-1 හසන් අලී 10-0-71-4
මොහොමඩ් නවාස් 9-0-62-1 හාැරිස් රාවුෆ් 10-0-64-2
ශදාබ් ඛාන් 8-0-55-0 ඉෆ්තිකාර් අහමඩ් 4-0-22-0

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee