slc
logo
Home   |    News
ජනවාරි 29, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට

Sri Lanka Cricket

ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක සභාව ඊයේ (28) පියවර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දිගින් දිගටම දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් 11දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයිසිසී සාමාජිකයෙකු ලෙස වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් එලෙස සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත් අතර, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නියාමනය හා පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් නොමැති බවට කරුණු සහතිකවීම හේතුවෙන් මෙම තහනම ඉවත්කළ බව අයිසීසීය නිවේදනය කළේය.

පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වූ අයිසීසී ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා සමඟ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී ක්‍රිකට් ක්‍රීඩාව ස්වාධීනව පවත්වාගෙන යෑම උදෙසා රජය ලබාදී ඇති නිදහස පිළිබඳව ඇමැතිවරයා පැහැදිලි කළේය. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධව ඇති රජයේ ස්ථාවරය අයිසීසී ප්‍රධාන විධායකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්වත් කිරීමෙන් පසු එහි විධායක සභාව විසින් තහනම ඉවත් කිරීම සිඳුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් සාමාජික වගකීම් කඩ නොකරන බවට අයිසීසීය සෑහීමකට පත්ව ඇති අතර, මෙම තහනම ඉවත් කිරීමත් සමඟ අයිසීසී පූර්ණ සාමාජිකත්වයේ සියළු අයිතිවාසිකම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත හිමිවනු ඇත.

 

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee