slc
logo
Home   |    News
මාර්තු 30, 2024
සබරගමුවට නව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත රත්නපුර මොනරවිල ප්‍රදේශයේ ඉදිකළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනය අද (30) ජනතා අයිතියට පත් කෙරුණි.

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ඉල්ලීමකට අනුව ඉදිකළ මෙම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්කිරීමෙන් රත්නපුර සහ  කෑගල්ල දිස්ත්‍රික්ක ඇතුළු සබරගමුව පළාතේ ක්‍රිකට් සංගම් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමිවේ. එමෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුකළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරීන්, සබරගමුව පළාතේ ක්‍රිකට් සංගම්වල නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම වර්තමාන විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන වනිදු හසරංග ඇතුළු ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මධ්‍ය තණතිලි 7ක්, පැති තණතිලි පහක් සහ කොන්ක්‍රීට් පැති විකට්ටු දෙකකින් සමන්විත මෙම ක්‍රීඩාංගණය පළමු පෙළ ක්‍රිකට් තරග පැවැත්වීමේ පහසුකම් සලසා ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි විටදී පුහුණු තරග පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණය වඩාත් යෝග්‍ය තත්ත්වයක පවතින අතර, පාසල් හා ක්‍රීඩා සමාජ අතර තරගවලටද ඉදිරියේදී අවස්ථා ඉදිරියේදී උදාවේ.

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරග මෙන්ම කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් තරග මෙම ක්‍රීඩාංගණයේ පැවැත්විය හැකිය. ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මැද තණතිල්ලේ සිට මීටර් 80 ක පරිමිතියකින් ඉදිකර ඇති ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයිනේ දිස්ත්‍රික් ක්‍රිකට් ආවරණය වන පරිදි අළුතින් ඉදිකර විවෘත කරන  11වැනි ක්‍රීඩාංගණය වේ.

Active filters

Recent Posts

  • පානදුර⁣ට ලකුණු පහක තියුණු ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම […]
  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee