slc
logo
Home   |    News
මැයි 17, 2024
පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විිධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා නුදුරු දිනයේදීම එම වීසා බලපත්‍රය ලැබෙනු ඇති බව විශ්වාස කරන බව සඳහන් කර සිටියේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සිදුකෙරෙන ආකාරය පිළිබඳව අද (17 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන විධායක නිලධාරීවරයා මේ බව සඳහන් කර සිටියේය. මාධ්‍ය විසින් සිදුකරන ලද විමසීමේදී ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ, එම තානාපති කාර්යාලයේ පිරිස, කුසල් මෙන්ඩිස් සමග මේ පිළිබඳව සම්බන්ධ වෙමින් වීසා බලපත්‍රය සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති බවද සඳහන් කර සිටියේය.

“කුසල්ගේ වීසා එක ප්‍රතික්ෂේ කරලා නෑ. එම්බසි එකේ වීසා බලධාරීන් කුසල් එක්ක සම්බන්ධවෙලා සිටිනවා. එයාගෙන් තව තොරතුරුවලට අදාළ ලියකියවිලි වගයක් ඉල්ලලා තියෙනවා. ඒ ලියකියවිලි ටික ඔවුන්ට භාර දුන්නට පස්සේ මං හිතන්නේ කුසල්ට වීසා එක ලබා දෙයි“ යැයි ඈෂ්ලී ද සිල්වා මහතා සදහන් කර සිටියේය.

“ඇත්තෙන්ම අයි.සි.සී. ය වීසා ලබා දීම සදහා වන සහයෝගය ලබා දෙන කාලය පටන් ගන්නේ මේ මාසේ 25 වැනිදා. නමුත් එහේ තියෙන දේශගුණික සහ තණතීරුවල තත්ත්වයන්ට හුරු වෙන්න අපි කණ්ඩායම යැව්වා සති දෙකකට කළින්ම. ඒ නිසා කිසිම ප්‍රමාදයක් වෙලා නෑ. අපි බලාපොරොත්තු වෙනවා අයි.සී.සී. ය ලෝක කුසලාන කටයුතු ආරම්භ කරනකොට කුසල්ට එහෙට යන්න පුලුවන් කියලා. ඒ වගේම නියතයෙන්ම ඔහුට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග වලට සහභාගිවීමේ අවස්ථාව උදාවෙයි“ යැයි ප්‍රධාන නිලධාරීවරයා ඒ සම්බන්ධව වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටියේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග මැයි මස 27 වැනිදා සිට ආරම්භ වන අතර ශ්‍රී ලංකාව එම 28 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ෆ්ලොරිඩාහි පළමු තරගයටත්, අයර්ලන්තයට එරෙහිව එම ක්‍රීඩාංගණයේදීම දෙවැනි තරගයටත් සහභාගිවනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee