slc
logo
Home   |    News
මාර්තු 11, 2024
NSL එක්දින ශූරතාවලියේ ජනාධිපති කුසලානය සමඟ රුපියල් ලක්ෂ 20 ක මුදල් තෑග්ග දඹුල්ල දිනා ගනියි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජයගත් දඹුල්ල පිලට ජනාධිපති කුසලානය සමඟ රුපියල් ලක්ෂ 20ක තෑගි මුදල හිමිවෙයි. අනුශූරතාව දිනාගත් මහනුවර පිලට රුපියල් ලක්ෂ 10ක් සමඟ අනුශූරතා කුසලානය පිරිනැමුණි.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පස්වරු 2.30 සිට පැවැති දිවා – රාත්‍රී තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 4කට ලකුණු 332ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 313කට දැවී ගියහ. මේ තත්ත්වයත් සමඟ ලකුණු 19ක ජයක් ලබාගත් දඹුල්ල පිල පිට පිට දෙවැනි වතාවටත් ශූරතාවට හිමිකම් කීය.

දඹුල්ල පිල ජයග්‍රාහී මාවතට ඔසවා තැබූ පවන් රත්නායක නොදැවී ලකුණු 118ක් ලබාගත් අතර, පන්දු 108කදී හයේ 3ක් හා හතරේ පහර 10ක් එල්ල කළ ඔහුට අවසන් තරගයේ වීරයා සම්මානය සමඟ රුපියල් 75000ක් පිරිනැමුණි. තරගාවලියේ තරග 3කට පමණක් ක්‍රීඩා කොට ලකුණු 225ක් හා කඩුලු 2ක් බිඳහෙලූ යාපනය පිලේ ජනිත් ලියනගේට තරගාවලියේ වීරයා සම්මානය සමඟ රුපියල් ලක්ෂ 3ක තෑගි මුදලක් පිරිනැමුණු අතර, දක්ෂතම පිතිකරු ලෙස ගාල්ල පිලේ ෂෙහාන් ප්‍රනාන්දුට හා දක්ෂතම පන්දු යවන්නා ලෙස මහනුවර පිලේ ළහිරු කුමාරට සම්මාන සමඟ රුපියල් ලක්ෂ 150000 බැගින් පිරිනැමුණි.

මෙම තරගයේදී දඹුල්ල පිල වෙනුවෙන් තෙවැනි කඩුල්ලට පන්දු 160කදී ලකුණු 160ක සබඳතාවක් ගොඩ නැගීමට පවන් රත්නායක හා සනෝජ් දර්ශික සමත් වූ අතර, මිනෝද් භානුක හා ලසිත් කෘස්පුල්ලේ පන්දු 94කදී ලකුණු 96ක් පළමු කඩුල්ලට එක් කළහ.

මහනුවර පිල වෙනුවෙන් ළහිරු උදාර පන්දු 50කදි හයේ 4ක් හා හතරේ පහර 10ක් සමඟ වේගවත් ලකුණු 86ක් එක්කළ අතර, කමීල් මිෂාර පන්දු 95කදී හතරේ පහර 12ක් සමඟ ලකුණු 94ක් ලබා ගත්තේය. අවසන් කඩුල්ලට නිම්සර අතරගල්ල (ලකුණු 15) හා වනුජ සහන් (නොදැවී ලකුණු 44) එක්ව පන්දු 27කදී ලකුණු 41ක සම්බන්ධතාවක් ගොඩනැගුවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.

ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චිංතක එදිරිමාන්න හා ක්‍රිකට් විධායක කමිටු සාමාජික, තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වෙල යන මහත්වරු එක්ව සිටියහ.

දඹුල්ල පළාත් පිල කඩුලු 4කට ලකුණු 332 (ඕවර්50)
මිනෝද් භානුක 69, ලසිත් කෘස්පුල්ලේ 36, සනේජ් දර්ශික 73, පවන් රත්නායක නොදැවී 118, අයන සිරිවර්ධන 21, දුෂාන් හේමන්ත නොදැවී 6 අතිරේක 9 ( තීක්ෂල ද සිල්වා 54/1, නිම්සර අතරගල්ල 57/1, පුලින තරංග 68/2)

මහනුවර පළාත් පිල කඩුලු 4කට ලකුණු 221 (ඕවර් 42)
ළහුරු උදාර 86, කමීල් මිෂාර 94, අහන් වික්‍රමසිංහ 13, පුලින තරංග 10, තීක්ෂල ද සිල්වා 19, වනුජ සහන් නොදැවී 44, නිම්සර අතරගල්ල 15, අතිරේක 13 ( විශ්ව ප්‍රනාන්දු 44/1, මොහොමඩ් සිරාස් 42/2, සොනාල් දිනූෂ 53/1, දුෂාන් හේමන්ත 63/3, අයන සිරිවර්ධන 58/3)

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee