slc
logo
Home   |    News
අගෝස්තු 22, 2024
17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් කණ්ඩායම් නම් කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන කරන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් නම් කරයි. අනුරාධපුර සාලිපුර සහ සමාධි ක්‍රීඩාංගණවලදී පැවැ­ත්වෙන මේ තරගාවලිය මේ 30 වැනිදා නිමාවීමට නියමිතය.

2026 වසරේ පැවත්වීමට නියමිත යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන 19න් පහළ යොවුන් කණ්ඩායම හඳුනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය සංවිධාන කරයි.

කොළඹ උතුරු, කොළඹ දකුණ, දඹුල්ල, මහනුවර හා ගාල්ල ලෙස කණ්ඩායම් 5ක් මෙම  තරගාවලියට එක්ව සිටිති.

කොළඹ උතුර කණ්ඩායම – කිත්මා විතාන පතිරණ – නායක (ආනන්ද විද්‍යාලය), දුල්නෙත් සිගේරා (මහානාම විද්‍යාලය), නෙතුල එදිරිමාන්න (ආනන්ද විද්‍යාලය), සෙනුජ වැකුණගොඩ (සාන්ත ජෝශප් විද්‍යාලය), ලිතුම් සෙන්ජුල (වෙස්ලි විද්‍යාලය), රමිත් බණ්ඩාර (මාරිස්ටෙලා විද්‍යාලය), රායිඩ් කරීම් (සහිරා විද්‍යාලය), දෙනුර දම්සිත් (ගුරුකුල විද්‍යාලය), මෙවන් දිසානායක (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය), තනුග පලිහවඩන (තර්ස්ටන් විද්‍යාලය), ගිනෝද් පෙරේරා (ද මැසිනොද් විද්‍යාලය), ඔසඳ පමුදිත (නාලන්ද විද්‍යාලය), රසිත නිම්සර (ලයිසියම් විද්‍යාලය වත්තල), දිනෝෂ් ජෙලෝන් ගමගේ (ද මැසනොද් විද්‍යාලය), සිත්රු ප්‍රනාන්දු (තර්ස්ටන් විද්‍යාලය)

කොළඹ දකුණ කණ්ඩායම –  විමත් දින්සර – නායක (රාජකීය විද්‍යාලය), රෙහාන් පීරිස් (රාජකීය විද්‍යාලය), සුහාස් ප්‍රනාන්දු (වේල්ස් කුමර විද්‍යාලය මොරටුව), රමිරු පෙරේරා (රාජකීය විද්‍යාලය), අසදිසි ද සිල්වා (සාන්ත පීතර  විද්‍යාලය), ඔෂාන් ද සිල්වා (වේල්ස් කුමර විද්‍යාලය මොරටුව), දිනෙත් සිතුමිණ (මොරටුව මහා විද්‍යාලය), ජේසන් ප්‍රනාන්දු (සාන්ත පීතර), රුෂාන්ද සිල්වා (වේල්ස් කුමර විද්‍යාලය මොරටුව), රන්දීෂ බණ්ඩාරනායක (ඩී.එස්. සේනානායක විද්‍යාලය), අබීත් පරණවිදාන (සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස), ජෝෂුවා සෙබස්තියන් (සාන්ත පීතර විද්‍යාලය), චිතුම් බැද්දගේ ධර්මපාල (පන්නිපිටිය ධර්මපාල  විද්‍යාලය), හිරුෂ ප්‍රනාන්දු (හෝලි ක්‍රොස් විද්‍යාලය), ආකාශ් දිසානායක (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)

දඹුල්ල කණ්ඩායම – චන්දුප අබේසිංහ නායක (මලියදේව විද්‍යාලය කුරුණෑගල),  දමේෂ් මතිෂාන් (සාන්ත ජෝශප්වාස් වෙන්නප්පුව), ජනිදු රණසිංහ (සෙන්ට්‍රල් කොලේජ්), ඩොමිනික් ප්‍රනාන්දු (සාන්ත ජෝශප්වාස් වෙන්නප්පුව), මතීෂ යෙහෙනිත් (රාජකීය විද්‍යාලය පොළොන්නරුව), ජිනජිත් දුල්මික (සාන්ත ආනා කුරුණෑගල), ආර්. රන්දියෝ (සාන්ත ජෝන්ස් යාපනය), රාජිත නවෝද්‍යා (මලියදේව), දිමත් අබේසිංහ (මලියදේව කුරුණෑගල), එස් සුබර්නන් (යාපනය හින්දු  විද්‍යාලය), වී. ආකාෂ් (හාට්ලි විද්‍යාලය යාපනය), කේ. මාතුලන් (සාන්ත ජෝන්ස් යාපනය), භාග්‍ය ​​ඉෂාන් (සර් ජෝන් කොතලාවල විද්‍යාලය),සනුජ නින්දුවර (සාන්ත ආනා කුරුණෑගල), සොනාල් අශ්වින් (පොළොන්නරුව රාජකීය විද්‍යාලය)

ගාල්ල කණ්ඩායම –  විරාන් චමුදිත නායක (සර්වේශස් විද්‍යාලය), දුල්සිත් දර්ශන (මහින්ද විද්‍යාලය), විනෝද් ධනුෂ්ක (සාන්ත ඇලෝසියස් විද්‍යාලය), රන්දුල් මාබරණ (මහින්ද විද්‍යාලය), චමරිඳු නෙත්සර (සාන්ත සර්වේශස් විද්‍යාලය), රෂේන් දිල්හාර (වේල්ස් කුමර විද්‍යාලය), පවර පබසර (රාහුල විද්‍යාලය), යසිරු ලක්ෂාන් (දේවපතිරාජ විද්‍යාලය), අරෝෂ උදයංග (මහින්ද විද්‍යාලය), ගිම්හාන රසාංජන (දේවපතිරාජ විද්‍යාලය), දුල්සත් නිමවිරු (සාන්ත ඇලෝසියස් විද්‍යාලය), සදරු මල්ෂාන් (දේවපතිරාජ විද්‍යාලය), ලිඳුල නුවංග (විද්‍යාලෝක විද්‍යාලය), ඉමෙත් මනම්පේරි (රාහුල විද්‍යාලය), විහග මතගවීර (හුංගම විජයබා විද්‍යාලය)

මහනුවර කණ්ඩායම – කවිජ ගමගේ නායක (කිංග්ස්වුඩ් විද්‍යාලය), දීමන්ත මහවිතාන (ත්‍රිත්ව විද්‍යාලය), කෞශික කුමාරසිංහ (සාන්ත අන්තෝනි විද්‍යාලය), කාශ්‍යප දිසානායක (සාන්ත සිල්වෙස්තර විද්‍යාලය), පුලිෂ තිලකරත්න (ත්‍රිත්ව විද්‍යාලය), ඒ. එල්. නායන් (වෙස්ලි විද්‍යාලය), කළණ හේරත් (ධර්මරාජ විද්‍යාලය), ඔකිත ප්‍රනාන්දු (සාන්ත අන්තෝනි විද්‍යාලය), චනිරු සේනාරත්න (ත්‍රිත්ව විද්‍යාලය), ආදම් හිල්මි (ත්‍රිත්ව විද්‍යාලය), ෂෙවාන් කනිෂාස් (විද්‍යාර්ථ විද්‍යාලය), දසුන් වලියංග (සාන්ත අන්තෝනි විද්‍යාලය), සුමේධ ප්‍රසාද් (ධර්මරාජ විද්‍යාලය), සෙත්මික සෙනෙවිරත්න (ත්‍රිත්ව විද්‍යාලය), කෙනුල පිහිලියංග (කිංග්ස්වුඩ් විද්‍යාලය), නිමේෂා සිල්වා (සාන්ත සිල්වෙස්තර විද්‍යාලය), රයන් ග්‍රෙගරි (සාන්ත අන්තෝනි විද්‍යාලය)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee