slc
logo
Home   |    News
ඔක්තෝබර් 14, 2024
නවසීලන්ත එක්දින පිල නොවැම්බර් මසදී ශ්‍රී  ලංකාවට

sinhala editor

පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිිතය. සමස්ථ තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වේ.

නොවැම්බර් 09 වැනිදා පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 තරගයෙන් ආරම්භ වන දෙරට අතර තරගාවලිය පළමු එක්දින තරගය පැවැත්වෙන නොවැම්බර් 13 වැනිදා දක්වා වන තරග 3 රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් අනෙක් තරග දෙක පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

නොවැම්බර් මස 20 වැනිදා නවසීලන්ත කණ්ඩායම තරගාවලිය අහවර කොට සිය රට බලා යෑමට නියමිතය.

දිනයතරගයක්‍රීඩාංගණය
නොවැම්බර් 09පළමු විස්සයි-20 තරගයරංගිරි දඹුල්ල
නොවැම්බර් 10දෙවැනි විස්සයි-20 තරගයරංගිරි දඹුල්ල
නොවැම්බර් 13පළමු එක්දින තරගයරංගිරි දඹුල්ල
නොවැම්බර් 17දෙවැනි එක්දින තරගයපල්ලේකැලේ
නොවැම්බර් 19තෙවැනි එක්දින තරගයපල්ලේකැලේ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee