slc
logo
Home   |    News
ඔක්තෝබර් 27, 2024
ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය 2-1 කින් ජය ලබයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

එවින් ලුවිස් සහ ෂර්ෆන් රදර්ෆර්ඩ්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (26 දා) පැවැති එක්දින තරගයෙන් කඩුලු 8 ක පරාජයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හදිසියේම පෙන්වූ දුර්වල පන්දු රැකීමද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වාසියට හේතු නොවූවාම නොවේ. කෙසේ වෙතත් පළමු සහ දෙවැනි තරග 2 ම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම නිසා තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

රැකගත හැකි මට්ටමේ උඩ පන්දු ගිලිහී යෑම මෙන්ම පහසුවෙන්ම නවතාලිය හැකි හතරේ පහරද ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් අද දිනයේදී ගිලිහී යෑම කණගාටුදායක මට්ටමක විය. පළමු සහ දෙවැනි එක්දින තරග වලදී බංකුව වෙන්ව තිබූ එවින් ලුවිස් අද තරගයට ක්‍රීඩා කරන ලද්දේ 2021 වසරේ ඔහු සහභාගිවූ තරගයෙන් අනතුරුවය. එම තරගයේදීම සිය පස්වැනි ශතකය වාර්තා කර ගැනීමට ඔහු සමත් වූවා පමණක් නොව කොදෙව් කණ්ඩායමට අත්‍යාවශ්‍යම වී තිබූ තරගයේ ජයග්‍රාහී පහරද එල්ල කිරීමට ඔහු වාසනාවන්ත විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අත දිග හැර පන්දුවට පහර දුන් වමත් පිතිකරුවා තරගය ජයග්‍රහණයකින් හමර කරන විට පන්දු 61 කින් ලකුණු 102 ක් රැස් කරගෙන සිටියේ තම ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ද එල්ල කරමිනි. මුහුණ දුන් 26 වැනි පන්දුවේදී අර්ධ ශතකය රැස් කර ලුවිස් ෂර්ෆේන් රදර්ෆර්ඩ් සමග එක්ව තරගය නිමා කළහ. ඔහුට අනගි සහායක් ලබා දුන් රදර්ෆර්ඩ් පන්දු 26 කදී අර්ධ ශතකය රැස් කර ගත්තේ හයේ  පහර 3 කින් සහ හතරේ පහර 4 කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කරමිනි.  

වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා අද තරගයට අහිමිවූ කාලය පැය 5 කටත් අධික විය. එබැවින් තරගය පන්දුවාර 23 ක තරගයක් ලෙසින් පැවැත්වීමට කටයුතු යෙදිණ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින හෙවත් 18 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුව ක්‍රියාත්මක කරාත් සමඟම තරගයට වර්ෂාව හරස් විණි. එතැනින් නැවතුණු තරගය යළි ආරම්භ කිරීමට අවස්ථාව උදා වූයේ රාත්‍රී 8.50 ටය. ඒ වන විටත්  පැතුම් නිස්සංක ලකුණු 44 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියහ.

තරගය ආරම්භ වී රොස්ටන් චේස් විසින් යවන ලද පළමු පන්දු 4 ටම හතරේ පහර 4 කින් සංග්‍රහ කළ කුසල් මෙන්ඩිස් අද දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වැනි වේගවත්ම එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළේය. පන්දු 19 කින් අර්ධ ශතකය සම්පූර්ණ කරගත් දකුණතු හුරුබුහුටි පිතිකරුවා සිය පන්දු 22 ක ලබා ගත් ලකුණු 56 ට හයේ පහරකින් සහ හතරේ  පහර 7 ක් ඇතුළත් කර ගත්තේය. මෙන්ඩිස් අද සිය එක්දින තරග දිවියේ ලකුණු 4000 කඩ ඉමද ඉක්මවාලූවේය. සිය 16 වැනි එක්දින අර්ධ ශතකය අද දිනයේ වාර්තා කළ පැතුම් නිස්සංකගේ ලකුණු 56 ක ඉනිමට ඔහු හතරේ පහර 7 ක් සහ හයේ පහරක් එල්ල කළේය.

18 වැනි පන්දුවාරයේදී වර්ෂාව ඇද හැළෙන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුල්ලකට ලකුණු 81 ක් ලෙසිනි. ඒ වන විටත් දැවී ගිය පිතිකරුවා බවට පත්ව සිටියේ අවිශ්ක ප්‍රනාන්දු (34)ය. පළමු තරග 2 ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක පළමු පන්දුවාරයේදීම පහසු උඩ පන්දුවක් ලබා දුන්නද ස්ලිප් ස්ථානයේ සිටි බ්‍රෙන්ඩන් කිංට එය ගිලිහී ගියේය. අවිෂ්ක ප්‍රනාන්දුද තෙවැනි පන්දුවාරයේ එල්ල කරන ලද පහර ෂෝට් ෆයින් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි ජේඩ්න් සීල්ස් විසින් අත් හැරීමේ වාසිය ඔහුට හිමි විය.

වරුෂාව නිසාමදෝ අද දිනයේදී කොදෙව් ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවැතිණ. ඒ මන්ද යත් පැතුම් නිස්සංක ලකුණු 30 ක් ලබා සිටියදී දුන් දෙවැනි උඩ පන්දුවක් බ්‍රෙන්ඩන් කිං අතින් ගිලිහී ගියේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 81 ක් දක්වා ඉහළ දමා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා කරමිනි.

මේ සියලු කාරණා අතරින් ක්‍රීඩා කරන ලද පන්දුවාර 23 දී කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් රැස් කර ගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායමට අවස්තාව උදාවිය. කෙසේ වෙතත් එම ලකුණු සංඛ්‍යාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය හා සම්බන්ධ වීමේදී ප්‍රතිවාදී කණ්ඩායමේ ඉලක්කය පන්දුවාර 23 දී ලකුණු 195 ක් ලෙසින් දිස්විය. ඒ අනුව වර්ෂාවෙන් පසු යවන ලද පන්දු 34 න් ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 75 ක් රැස් කර ගැනීමට සමත්වූහ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව

පැතුම් නිස්සංක             දුවද්දී දැවී ගියා                                           56

අවිශ්ක ප්‍රනාන්දු             ඇ.සහ                    ප. රොස්ටන් චේස්       34

කුසල් මෙන්ඩිස්             නොදැවී                                                     56

චරිත් අසලංක               ඇ.කාර්ටි                ප.රදර්ෆර්ඩ්                  06

කමිඳු මෙන්ඩිස්              නොදැවී                                                     00

අතිරේක                                                                                          04

එකතුව පන්දුවාර 23 කදී කඩුලු 3 ක් දැවී ලකුණු                             156

කඩුලු වැටීම / 1-81 (අවිශ්ක 17.1), 2-138 (පැතුම් 21.3), 3-152 (අසලංක 22.4)

පන්දු යැවීම

මැතිව් ෆෝඩ් 5-0-12-0 අල්සාරි ජෝසප් 5-0-41-0

ජේඩ්න් සීල්ස් 4-0-32-0 ගුඩාකේෂ් මෝති 5-0-21-0

රොස්ටන් චේස් 2-0-20-1 ශර්ෆන් රදර්ෆෝර්ඩ් 2-0-27-1

බටහිර ඉන්දීය කොදෙව්

බ්‍රෙන්ඩන් කිං                ඇ.කමිඳු මෙන්ඩිස්  ප.අසිත ප්‍රනාන්දු          16

එවින් ලුවිස්                    නොදැවී                                                     102

ෂායි හෝප්                     ඇ.අවිශ්ක ප්‍රනාන්දු ප.ඩිල්ෂාන් මදුශංක      22

ෂෙර්ෆන් රදර්ෆර්ඩ්         නොදැවී                                                     50

අතිරේක                                                                                          06

එකතුව පන්දුවාර 21.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු                         196

කඩුලු වැටීම / 1-36 (කිං 5.4), 2-108 (හෝප් 14.3)

පන්දු යැවීම

මහීෂ් තීක්ෂණ 5-0-39-0 ඩිල්ෂාන් මදුශංක 5-0-50-1

අසිත ප්‍රනාන්දු 5-0-39-1 වනිදු හසරංග 2-0-24-0

ජනිත් ලියනගේ 1-0-09-0 කමිඳු මෙන්ඩිස් 2-0-14-0

චරිත් අසලංක 2-0-19-0

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee