slc
logo
Home   |    News
ඔක්තෝබර් 11, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සන්නාම සම්මානයෙන් පිදුම් ලබයි

sinhala editor

ලෝක මානව සම්පත් කොංග්‍රසය (World HRD Congress) විසින් වාර්ෂිකව පවත්වනු ලබන සේවා යෝජක 2024 සම්මාන ප්‍රධානයේදී මෙරට හොඳම සේවා යෝජකයා සන්නාම සම්මානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිදුම් ලැබීය.

මෙම සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ අභිලාෂය, දේශපාලන ප්‍රතිපත්ති හා ව්‍යාවසාය පරිණාමය පිිළිබඳ විශේෂිත සැලැස්මක් සමඟඟ සම්බන්ධ වන ආකාරය, අනාගතය සඳහා සුදුසුකම් සංවර්ධනය කිරීම, කුසලතා කලමනාකරණය, කුසලතා සංවර්ධනය සහ නව රැකියා දැන්වීම පිළිබඳ උපයෝගිතා සලසන ආකාරය අනුව සලකා බලමින් එම කොංග්‍රසය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මෙම පිළිගැනීම පිරිනමන ලදී.

ඊට අමතරව සේවක සහභාගිත්ව, විවිධත්ව සහ බඳවා ගැනීම්, කාන්තා සවිබල ගැන්වීම, සේවා ස්ථානයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ කලමනාකරණය. මෙන්ම සමාජ සත්කාරක කටයුතුවලට මුල පිරීම්ද මේ පිළිබඳව සම්මානය ලබාදීමේදී සලකා බලන ලද නිර්නායකයන් අතර වේ.

“අපගේ දැක්ම වන්නේ අපගේ සේවකයින්ට, සංවිධානයට සහ අප සේවය කරන ප්‍රජාවට උපායමාර්ගික සහාය සහ මඟ පෙන්වීම ක්‍රියාශීලීව ලබාදීමයි“ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ කලමනාකාර මේජර් ටනේෂ් බී. ඩයස් මහතා අදාළ පිළිගැනීමෙන් පසු සඳහන් කර සිටියේය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රෙය් පැවැති උත්සවයකදී මානව සම්පත් කොංගසය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිපාලන ප්‍රදානී අරුණ ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානී චන්දිම මාපටුන මහතා වෙත මෙම සම්මානය පිළිගන්වනු ලැබීය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee