slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2024
චමිඳු වික්‍රමසිංහට එක්දින වරම්

sinhala editor

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගාවලියේ පළමු තරග 2ම ජය ගනිමින් ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස මේ වන විට තරගාවලිය ජය ගෙන තිබෙන නමුත්, ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා නවසීලන්ත කණ්ඩායමට මෙම තරගයේ ජය අතිශයින්ම තීරණාත්මක වේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ එක්දින වරම් හිමිකර ගැනීමට සමත්වූවේය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගනු ලැබූ 215 වැනි ක්‍රීඩකයා වන්නේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා විසින් චමිඳු වික්‍රමසිංහට එක්දින වරම් පිරිනැමීම වෙනුවෙන් වූ හිස් වැස්ම ප්‍රධානය කළේය.

චමිඳුගේ ඇතුළත්වීම හැරුණු කොට දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමෙන් වෙනස්කම් 5 ක් සමඟින් මෙම තරගයට ශ්‍රී ලංකාව අවතීර්ණවීම කැපි පෙනෙයි. දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුව කණ්ඩායමෙන් තරගාවලියෙන් නිදහස් කිරීමට පියවර ගැනීම නිසාත්, නවක ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබාදීම සඳහාත් ශ්‍රී ලංකා කලමනාකාරීත්වය මෙම තරගය අවස්ථාවක් කර ගෙන තිබේ. ඒ අනුව සංචිතයේ සිටි නිශාන් මදුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, මොහොමඩ් ෂිරාස් සහ ඩිල්ෂාන් මධුශංකට අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාව තිබේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායම අද තරගයේදී වෙනස්කම් දෙකක් සිදු කරමින් අවතීර්ණව සිටිති. දෙවැනි තරගයට ක්‍රීඩා කළ නේදන් ස්මිත් සහ ජෙකොබ් ඩෆී වෙනුවට සැකරි ෆෝල්ක්ස් සහ ඇඩම් ම්ලින් කණ්ඩායමට කැඳවා තිබේ.  

ශ්‍රී ලංකාව – නිශාන් මදුශ්ක, අවිශ්ක  ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, චරිත් අසලංක (නායක), චමිදු වික්‍රමසිංහ, ජනිත් ලියනගේ, මොහොමඩ් ශිරාස්, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ඩිල්ෂාන් මදුශංක.

නවසීලන්තය – ටිම් රොබින්සන්, යිල් යංග්, හෙන්රි නිකල්ස්, මාක් චැප්මන්, ග්ලෙන් පිලිප්ස්, මිචෙල් හේ, මයිකල් බ්‍රේස්වෙල්, මිචෙල් සැන්ට්නර් (නායක), සැකරි ෆෝල්ක්ස්, ඉස් සෝධි, ඇඩම් ම්ලින්.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar