slc
logo
Home   |    News
නොවැම්බර් 17, 2024
දෙවැනි තරගයට වෙල්ලාලගේව කැඳවයි

sinhala editor

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා නවසීලන්ත පිලට ආරාධනා කර සිටියේය.

කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේ පස්වරුවේදී පිණි සහිත තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් පළමුව පන්දු යැවීම සඳහා තීරණය කර සිටි බවයි. පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය පල්ලෙකැලේ තණතීරුවේදී ශ්‍රී ලංකා ඩිල්ෂාන් මදුශංක වෙනුවට දුනිත් වෙල්ලාලගේ සමඟ අවතීර්ණව සිටියි.

තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි. එබැවින් අද තරගයේ ජය ශ්‍රී ලංකාව අත්කරගතහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමේ හැකියාව සත්කාරකයින්ට උදාවනු ඇත.

මේ අතර නවසීලන්ත කණ්ඩායම පළමු තරගයට අවතීර්ණ වූ කණ්ඩායමේ කිසිදු වෙනසක් නොකරමින් අද තරගයට අවතීර්ණව සිටියි.

ශ්‍රී ලංකාව –  1. පැතුම් නිස්සංක, 2. අවිශ්ක ප්‍රනාන්දු, 3. කුසල් මෙන්ඩිස්, 4. සදීර සමරවික්‍රම, 5. චරිත් අසලංක, 6. ජනිත් ලියනගේ, 7. කමිඳු මෙන්ඩිස්, 8. මහීෂ් තීක්ෂණ, 9. ජෙෆ්රි වැන්ඩර්සි, 10. අසිත ප්‍රනාන්දු, 11. දුනිත් වෙල්ලාලගේ.

නවසීලන්තය – 1. ටිම් රොබින්සන්, 2. විල් යංග්, 3. හෙන්රි නිකොල්ස්, 4. මාක් චැප්මන්, 5. ග්ලෙන් පිලිප්ස්, 6. මයිකල් බ්‍රේස්වෙල්, 7. මිචෙල් හේ, 8. මිචෙල් සැන්ට්නර්, 9. නේතන් ස්මිත්, 10. ඉෂ් සෝධි, 11. ජේකබ් ඩෆී.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee