slc
logo
Home   |    News
නොවැම්බර් 10, 2024
පළමු විස්සයි20 ගැටුමෙන් ශ්‍රී ලංකාවට ජය

sinhala editor

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් ශ්‍රී ලංකා පිල හිමිකර ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, දුනිත් වෙල්ලාලගේ 3 වැනි ඕවරයේදී පන්දුව අතට ගැනීමත් සමඟ නවසීලන්තයේ අපේක්ෂා බිඳ වැටෙන්නට පටන් ගත්තේය. ඒ අනුව නවසීලන්තය ඕවර් 20 තුලදී ලකුණු 135ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් බිඳ වැටී තවත් ඕවරයක් ඉතිරිව තිබියදීම ලකුණු 140ක් ලබා ජයග්‍රහණය තහවුරු කර ගත්හ.

නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 67ක් තුළ බිඳ වැටුණු අතර, සකාරි ෆෝක්ස් පන්දු 16ක් තුළදී හයේ පහරක් හා හතරේ පහරක් සමඟ ලකුණු 27ක් ලබා ගනිමින් නවසීලන්තයට යම් ගෞරවාන්විත තත්ත්වයක් උදා කළේය. 9 වන කඩුල්ල සඳහා ලකුණු 39ක සබඳතාවක් පවත්වා ගනිමින් ඉදිරියට යෑමට නවසීලන්තය පසුපෙළ පිතිකරුවන් සමත්වීම කැපී පෙණුනි.

ආරම්භක පිතිකරු ටිම් රොබින්සනගේ කඩුල්ල දවාගත් දුනිත් වෙල්ලාලගේ නවසීලන්ත පිල නොසිතූ ආකාරයට අමාරවේ දැමූ අතර, නුවන් තුෂාර, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට යොමු කළහ. වෙල්ලාලගේ ඕවර් 3.3 ක් තුළදී ලකුණු 20කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, වනිඳු, තුෂාර හා මතීෂ කඩුලු 2 බැගින් බිඳහෙලා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියද, පැතුම් නිස්සංක ලකුණු 19ක් ලබා සිටියදී දෙවන කඩුල්ල ලෙස දැවී ගියේය. කලකට පසු යළිත් එක්වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 17කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 23 ක් ලබා සිටියදී තුන්වන කඩුල්ල ලෙස දැවී ගියේය. සිව්වැනි කඩුල්ල සඳහා නායක චරිත් අසලංක හා කමිඳු මෙන්ඩිස් ලකුණු 33ක සබඳතාවක් ගොඩනැගූ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 23ක් ලබා සිටියදී දැවී ගිය අතර, චරිත් අසලංක නායකත්වයේ ක්‍රීඩා කොට පන්දු 28කදී හයේ 2ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 35 ක් ලබා ගත්තේය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණට පැමිණියේය.

නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 135 (ඕවර් 19.3)
විල් යංග් 19, ග්‍ලේන් පිලිප්ස් 13, මයිකල් බ්‍රේස්වෙල් 27, මිචෙල් සැන්ටර් 16, සකාරි ෆෝක්ස් නොදැවී 27, ඉෂ්සෝධි 10, අතිරේක 16 ( මහීෂ් තීක්ෂණ 21/1, නුවන් තුෂාර 14/2, වනිඳු හසරංග 20/2, මතීෂ පතිරණ 25/2)

ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 140 (ඕවර් 19)
පැතුම් නිස්සංක 19, කුසල් ජනිත් පෙරේරා 23, චරිත් අසලංක නොදැවී 35, කමිඳු මෙන්ඩිස් 23, වනිඳු හසරංග 22 (සකාරි ෆෝක්ස් 20/3)

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

USD United States (US) dollar