slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2024
සිව්දෙනෙක් විවේක ගන්වයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර නොවැම්බර් 19 වැනිදා පල්ලේකැලේදී පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් තරගාවලිය නියෝජජනය කළ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුව සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වෙනුවට ළහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, සහ එෂාන් මාලිංගව සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ මස 27 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හේතුවෙන් එම ක්‍රීඩකයින්ට විවේකයක් ලබා දීමට තේරීම් කමිටුව එසේ පියවර ගෙන තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ අවධානය යොමුව තිබේ.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

USD United States (US) dollar